එංගලන්තය නොසිතූ මාවතකින් තරඟය ජය ගනියි

470
Dinesh Chandimal
Pic caption - දිනේෂ් චන්දිමාල් එංගලන්තයට එරෙහිව ලබා ගත් ශතකයේ සතුට සමරමින් ©AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර චෙස්ටර් ලී ස්ට්රීට් හිදී පසුගිය 27  ආරම්භ වූ දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ (30) දී එංගලන්ත කණ්ඩායමට ඉණිමක ජය අහිමි කරමින් කඩුලු 9ක ජයග්‍රහණයක් හිමි කරගැනීමට සමත් විය. ඒ  සමඟ තරගාවලිය 2 – 0 ක් ලෙස පෙරමුණේ සිටිමින් එක් තරඟයක් ඉතිරිව තිබියදී ම එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණයට හිමිකම් කියන ලදි.

තරගයේ ‍තෙවන දිනය (29) නිමා වන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 309ක් ලබා තිබිණි.

පසුගිය ලිපි: යළිත් නැගිටින්නට වෙර දරන අපේ සිංහයෝ

තරගයේ සිව්වන දිනය වන (30) ඊයේ තරඟය ආරම්භ වූ සැනින්ම මිලින්ද සිරිවර්ධන දවාලීමට එංගලන්තය සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පිතිපෙලේ නිළ පිතිකරණ බල ඇණිය අවසන් වූ යැයි සිතුවද අනතුරුව පිටියට පැමිණි රංගන හේරත් හා එක්වූ දිනේෂ් චන්දිමාල් 7වන කඩුල්ල සඳහා ලකුණු 116 ක සබඳතාවයක් ගොඩනංවමින් එංගලන්ත පළමු ඉනිමේ ජයග්‍රහණ සිහිනය බොඳ කර දමන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ලෙස පිත්ත හැසිරවූ දිනේෂ් චන්දිමාල් 4 පහරවල් 13ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 126ක් ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් විය. රංගන හේරත් 4 පහරවල් 8ක් සමඟ ලකුණු 61ක් ලබා ගනිමින් ලකුණු පුවරුව තවත් සවිමත් කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම තම දෙවන ඉණිම වෙනුවෙන් පන්දුවාර 128යි පන්දු 2 කදී සියලු දෙනා දැවී ලකුණු 475ක් ලබාගන්නා ලදි. ඒ අනුව එංගලන්ත පළමු ඉණිමට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78ක් ඉදිරියෙන් සිටි නිසා එංගලන්ත කණ්ඩායමට යළිත් තම දෙවන ඉණිම ක්‍රියාත්මක කිරීමට සිදුවිය.

පන්දු යැවීමේ දී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජිමී ඇන්ඩරසන් ලකුණු 58කට කඩුලු 5ක් දවාලීමට සමත් විය.

පසුගිය ලිපි: මෙහෙමත් වරදින්නේ සහ පරදින්නේ ඇයි?

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉණිම: 475 -10 (128.2) – දිනේෂ් චන්දිමාල් ලකුණු  126, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු  80, රංගන හේරත් ලකුණු 61, කෞෂාල් සිල්වා ලකුණු  60
පන්දු යැවීමේ දී ජිමී ඇන්ඩර්සන් ලකුණු  58/5, ක්‍රිස් වෝක්ස් ලකුණු  103/2, ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු  71/1

අනතුරුව තම දෙවන ඉණිම ඇරඹූ එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 79ක් ලබා ගැනීමට තිබිණි. ඔවුන් පන්දුවාර 23යි පන්දු 2 කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 80ක් ලබා තරඟය කඩුලු 9කින් ජයග්‍රහණය කරන ලදි. මෙහිදී නායක ඇලෙස්ටයර් කුක් තම ටෙස්ට්  ලකුණු 10,000 සීමාව පසුකර අතර ඔහු එම කඩඉම පසුකල පළමු ඉංග්‍රීසි ජාතික ක්‍රීඩකයා විය.

එංගලන්ත කණ්ඩායම දෙවන ඉණිම: 80-01 (23.2) – ඇලෙස්ටයර් කුක් ලකුණු 47*, නික් කොම්පටර්න් ලකුණු 22*, ඇලෙක්ස් හේල්ස් ලකුණු 11
පන්දු යැවීමේ දී මිලින්ද සිරිවර්ධන ලකුණු 37 කට කඩුලු 1 ක් දවාලීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස ජිමී ඇන්ඩරසන් සම්මාන දිනාගන්නා ලදි.

දෙරට අතර තෙවන හා අවසන් ටෙස්ට් තරඟය ජුනි 9 වැනිදා ලෝඩ්ස් පිටියේ දී ආරම්භ වීමට නියමිතව ඇත. මෙම තරඟය ඉතා උණුසුම්කාරී වනු අතැයි විස්තර විචාරකයන්ගේ අදහස විය.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න