Monday, May 30, 2016

මෙක්සිකෝ පාපන්දු ක්‍රීඩකයා බේරා ගැනේ.




ඔහු ඇලන් පුලිදෝය. මෙක්සිකානු ජාතික පාපන්දු ක්‍රීඩකයෙකි. පැහැර ගැනීමෙන් පසුව ඔහුගේ ජීවිතය ගලවා ගත් බව වාර්තා වේ. ඉරිදා පැහැර ගැනිණි. ඒ මෙක්සිකෝවේ ටමුලිපස්හි එනම් ඔහු පදිංචි නගරයේදීය. වයස අවුරුදු 25 කි. පවුලේ ඥාතීන් ප්‍රකාශ කල ආකාරයට ඔහුව ආයුද සන්නද්ද සය දෙනෙකු විසින් පැහැර ගනු ලැබිණි. ඔහුගේ ගම් ප්‍රදේශය එක්සත් ජනපද දේශ සීමාව හා බද්ද වන අතර එය මත්ද්රවිය ජාවාරමට හා පැහැර ගෙන යාම් වලට ප්‍රසිද්දය. පැහැර ගෙන ගිය අවස්ථාවේ ඔහු සිටියේ පෙම්වතිය සමගිනි.

ක්‍රීඩකයා සිය මවු රටට පමණක් නොව ලෝකයටම සම්පතකි. ඔහුගේ දක්ෂතාවය දේශ සීමාවන්ට අදාල නොවී ඇගයීමට පාත්‍ර විය යුතුය. එවැන්නකුට එරෙහි අපරාදයක් මුළු ලොවටම එරෙහිවූ වුවකි.

http://www.aljazeera.com/news/2016/05/mexico-footballer-alan-pulido-rescued-kidnapping-160530065118451.html


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...