Monday, May 30, 2016

ළමුන් ලවා ටොකු ඇන්නීම හා පාසල් මිලිටරිකරණය කිරීම.


පසුගිය දිනෙක ගා/මාගල්ල, අනුලාදේවි විද්‍යාලයේ හතර වසර සිසුවියකට පංතියේ ළමුන් ලවා ටොකු ඇන්නවීමේ සිද්ධියක් වාර්තා විය.

වයස අවුරුදු 9 ක් වූ මෙම සිසුවියට කුමාරිට, සත්‍ය නම නොවේ. එදින පංතියට උගන්වන්න ආපු ආධුනික ගුරුවරියක් (විද්‍යා පීඨයක පුහුණුව ලබන) විසින් මෙම කෲර අමානුෂික ක‍්‍රියාව සිදුකර තිබේ.

අල්ලපු පංතියට ගොස් කෑගසන සිසුවියන්ට ටොකු අනින ලෙසට, මෙම ආධුනික ගුරුවරිය කුමාරිට නියම කර ඇත.

කුමාරි එම වැරදි ක‍්‍රියාව කිරීමට ඉදිරිපත් නොවීය. කෝප වූ ආධුනික ගුරුවරිය, තම නියමය ප‍්‍රතික්ෂේප කළ කුමාරිට, ඇගේ පංති කණ්ඩායමේ අනෙක් සිසුවියන් ලවා ටොකු ඇන්නවිය.

එදින සිට පාසල් යෑම ප‍්‍රතික්ෂේප කළ කුමාරිගේ තත්ත්වය පිළිබඳව පරිවාස නිලධාරියකු මැදිහත්ව නීතිමය පියවර ගෙන ඇත.

එනම් මෙම ආධුනික ගුරුවරියට එරෙහිව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරීමය.

එහෙත් කුමාරිගේ මානසික තත්ත්වය නගා සිටුවීමට බලධාරීන් පියවර ගෙන නැත. එ් ගුරුවර, ගුරුවරියන්, සිසුන් කෲරත්වයට පත්කිරීම, අපයෝජනයට ලක් කිරීම අනුමත කරන නිසාය.

රාජපක්ෂ රෙජිමය, පාසල් මිලිටරිකරණයට පියවර ගැනීමේ අනිසි ප‍්‍රතිඵල තවමත් පවතී. වත්මන් යහපාලනයට ද, යහපාලනය යටතේ තනතුරු ලබාගෙන සිටින, ළමා අධිකාරිය, මානව හිමිකම් කොමිෂම ද මෙවන් ළමා අයිතීන් උල්ලංඝණයන් අනුමත කරමින් කඩකරන විදුහල්පතිවරු, ගුරුවරු ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත. උදාහරණ එමට ඇත.

මෙහිදී විද්‍යාපීඨ හා ගුරු පුහුණුව ගැන ද යමක් අවාධාරණය කළ යුතුය. මෙම ආයතන සියල්ලම අනුගමනය කරන්නේ  මිලිටරි පුහුණු පාසල් ය. විවිධත්වය හෙ මානුෂිකත්වය අහිමි කරන ගොවිපල පාලනයට සුදුසු පිරිස් ය.

නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට මෙම තත්ත්වය වෙනස් කළ යුතුයි.

No comments:

Post a Comment