Monday, May 30, 2016

෴යෙන්ඩ තම්බි යෙන්ඩ තම්බි නැගිටලා ෴ (අන්තවාදය හා ඊසොප්ගෙ වෙනත් කතා)



¤පළවෙනි කොට්ඨාශය -
" සිංහල දරුවෙක් මුසල්මානුවන් විසින් නිරුවත් කරයි..! සිංහලයිනි නැගිටිව් !! ඒ හෙට ඔබේ දරුවා විය හැකියි"

¤දෙවන කොට්ඨාශය -
"කඩේක හොරකමක්වත් දෑන් අපිට අල්ලන්න බෑ. මේක අපෙත් රට තමයි ! සිංහලයිනි අපේ ඉවසීම නිවටකමක් විදිහට ගන්න එපා!!"

¤ඒ කොට්ඨාශයත් මේ කොට්ඨාශයත් ඇරුනම තුන් වෙනි කොට්ඨාශය -
"ඔන්න බේබදු නානසාරට තවත් පොටක්...."

ලයින් එකක් ඇදලා අපි පළවෙනි දෙවනි කොට්ට්ඨාශ දෙක අන්තවාදීන් කියලා හදුනගන්නවා. එතකොට කවුද මේ තුන් වෙනි සැට් එක.?

තුන් වෙනි පෙළ හැදෙන්නේ අන්තවාදය ප්රතික්ෂේප කරන පිරිස් වල එකතුවෙන්.
ඒත් විශේෂම ලක්ෂණය තුන් වෙනි පෙළේ ප්රධාන ඉලක්කය පළමු පෙළ මිස දෙවන පෙළ නොවීම.

'බුදුන්ගේ දේශය' සංකල්පය, 'අල්ලාගේ රාජ්ය' සංකල්පය තරමටම ගෝත්රිකයි.
දෙවන පෙළේ අන්තවාදය සූක්ෂමයි සැලසුම් සහගතයි.
ඒ වෙනුවෙන් පළමු පෙළේ ප්රතිචාර බොහෝ දුරට ප්රාථමිකයි..හාස්යෝත්පාදකයි.

වහාබි, බුර්කා, සේනා, බලකා, උලමා, රාව, සතකුප්පා, ජිහාඩ්, මිනීමස්, හරක් මස් ,...
කටේ කෙළ ගානට කටට හුරු වෙන්නෙ ඒකෙ ප්රතිඵලයක් විදිහට..
තෙවන පෙළ හිනා වෙන්නෙ ඒවට. තෙවන පෙලේ 'බයිට' ඒක..

ඒත් ප්රශ්නෙ මේකයි..

එතකොට හරි ද?

පළවෙනි, දෙවනි පෙළවල් එක්කම ඇති වෙන එකක් තමයි ඔවුන් මත යැපෙන පාලක පන්තියක් සහ පූජක පක්ෂයක්.
ඔවුන්ව පෝශනය කරන්නෙත් එම පාලක පන්තිය සහ පූජක පක්ෂය.
හිඟන්නට තුවාලයක අවශ්යතාවය වගේ එම පාලක/පූජක කොටස් වලට පවතින්න පළමු දෙවන පෙළවල් දෙකේම පැවැත්ම අත්යවශ්යයි.

හතරවන පෙළක් අවශ්ය වෙන්නෙ එය පැහැදිළිව හදුන ගත්තම.
හතර වෙනි පෙළේ අවධානය තිබිය යුත්තේ එතන.
හතරවෙනි පෙළේ ඉලක්කය
"වහාබි, බුර්කා, සේනා, බලකා, උලමා, රාව, සතකුප්පා, ජිහාඩ්, මිනීමස්, හරක් මස්..."
සමාජයෙන් අතුගාන එක.
පළමු දෙවන පෙළ දෙකම විවේචනය කරන එක.
එකක් පවතිනතාක් කල් අනික පවතින කොටස් දෙකකින් එකක් විතරක් වෙන්  කර නැති කිරීම සිද්ධ නොවෙන දෙයක්. එක කොනක් පමණක් විවේචනය කිරීමමත් අන්තවාදයක්.
සිව් වන පෙළේ අරමුණ අන්තවාද ප්රූෆ් සමාජයක් හදන එක.

කොටින්ම හිඟන්නගෙ තුවාලෙ නැති කරන එක.

-පිසාචයා-


No comments:

Post a Comment