බැංගලෝරය පැරදු හයිද්‍රාබාදය ජයපැන් බොයි

343
pic - සන්රයිසස් කණ්ඩායම ජය සතුට සමරමින් ©AFP

ඉන්දීය ප්‍රිමියර් ලීග් කුසලාන අවසන් මහා තරඟය ඊයේ (29) රාත්‍රියේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර බැංගලෝර් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. එම තරඟය ලකුණු 8කින් ජයග්‍රහණය කල සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ශුරතාවය ඉසිලීමට සමත් විය.

පසුගිය ලිපි: දිල්ලිය මවිත කල වෝනර්

කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 208ක් ලබා ගන්නා ලදි. ආරම්භක සබඳතාව ලෙස ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැංවීමට ශිකර් ඩවාන් හා නායක ඩේවිඩ් වෝනර් සමත් විය. වෝනර් පන්දු 38කදී 4 පහරවල් 8ක් හා 6 පහරවල් 3ක් සමඟ වේගවත් ලකුණු 69ක් ලබා ගන්නා ලදි. යුවරාජ්  සිං 4 පහරවල් 4ක් හා 6 පහරවල් 2ක් සමඟ ලකුණු 38ක් ලබා ගත් අතර සටන්කාමී ඉණිමක් ක්‍රියාත්මක කල ජේම්ස් කර්ටින් පන්දු 15කදී 4 පහරවල් 3ක් හා 6 පහරවල් 4ක් සමඟ වේගවත් ලකුණු 39ක් නොදැවී ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 45කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

අනතුරුව අභියෝගාත්මක ලකුණු 209ක් හඹා යාමට පිටියට පිවිසි ප්‍රබල පිතිකරණ බලඇණියක් ඇති බැංගලෝර් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 200ක් පමණක් ලබා ගැනීමට හැකි විය. ක්‍රිස් ගේල් හා විරාට් කෝලි ආරම්භක සබඳතාව ලෙස ලකුණු 114ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ගේල් පන්දු 38කදී 4 පහරවල් 4ක් හා 6 පහරවල් 8ක් සමඟ වේගවත් ලකුණු 76 ක් ද, කෝලි 4 පහරවල් 5ක් හා 6 පහරවල් 2ක් සමඟ ලකුණු 54ක් ද රැස් කිරීමට සමත් විය. මෙම තරඟය අවසන් පන්දුවාරය දක්වා ඉතා තියුණු හා උද්වේගකර ලෙස පැවැත්විණි.

පසුගිය ලිපි: කොල්කටාවෙන් ගිලිහුනු අයි. පී. එල්. කුසලානය

පන්දු යැවීමේ දී හයිද්‍රබාද් කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් කර්ටින් ලකුණු 35කට කඩුලු 2ක් දවාලීමට සමත් විය. ඒ අනුව හයිද්‍රබාද් කණ්ඩායම ලකුණු 8කින් තරඟය ජයග්‍රහණය කරන ලදි.

හයිද්‍රබාද් කණ්ඩායම = 208-07 (20) – ඩේවිඩ් වෝනර් ලකුණු 68, ජේම්ස් කර්ටින් ලකුණු 39*, යුවරාජ් සිං ලකුණු 38, ශිකර් දවාන් ලකුණු 28

පන්දු යැවීමේ දී බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 45කට කඩුලු 3ක් හා ශ්‍රීනාත් අරවින්ත් ලකුණු 30කට කඩුලු  2ක් දවාලීමට සමත් විය.

බැංගලෝර් කණ්ඩායම = 200-07(20) – ක්‍රිස් ගේල් ලකුණු 76, විරාට් කෝලි ලකුණු 54, සචින් බේබි ලකුණු 18*, ශේන් වොට්සන් හා ලෝකේෂ් රාහුල් ලකුණු 11

පසුගිය ලිපි: වැලලී ගිය ජය මතු කල ඒ.බී ඩිවිලියස්

පන්දු යැවීමේ දී හයිද්‍රබාද් කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් කර්ටින් ලකුණු 35කට කඩුලු 2ක් හා බිපුල් ශර්මා ලකුණු 17කට එක් කඩුල්ලක් දවාලීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස ජේම්ස් කර්ටින් සම්මාන දිනාගන්නා ලදි.

තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස මුස්ටෆර් රහුමාන් ද, වැඩිම 6 පහරවල් ගණනට හිමි සම්මානය විරාට් කෝලි ද,හොඳම පන්දු රැකීමට ඒ.බී ඩිවිලියස් ද, හොඳම පිතිකරු ලෙස විරාට් කෝලි ද ,හොඳම පන්දු යවන්නා ලෙස බුවනේස්වර් කුමාර් ද සම්මාන දිනාගන්නා ලදි.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න