Android සදහා වූ Microsoft Next Lock Screen app එක

Android සදහා වූ Microsoft Next Lock Screen app එක

2769
0
SHARE

අද අපි කතා කරන්න යන Next Lock Screen app එක කියන්නේ Microsoft garage projects වලට අයිති app එකක්. ඇත්තටම මේකෙන් කරන්නේ phone එකේ screen එක lock කිරිමට සහ unlock කිරීමට යන කාලය users ලාට ඉතුරු කරලා දෙමින් වඩා ලේසියෙන් lock screen එකේ ඉඳගෙනම සුලු සුලු වැඩ කිරීමට පහසුකම් සලසන එකයි.

මෙහි developers පවසන විදියට, සාමාන්‍යයෙන් දවසකට user කෙනෙක් 120 වරක් පමණ තමන්ගේ smart phone එක unlock කරනවා. මෙයින් වැඩි කොටසක් unlock කරන්නේ ඉතාමත් කුඩා වැඩ සදහා. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් notifications check කරන්න එහෙමත් නැත්නම් message වලට reply කරන්න වගේ. ඉතින් මේ Next Lock Screen එක හදල තියෙන්නේ මේකට විසදුමක් විදියටයි.

Next Lock Screen 1

ඔයාගේ text messages, calendar appointments ඒවගේම අනිත් notifications lock  screen එකෙම පෙන්නනවා. ඒ notification එකක් උඩ tap කරපු සැනින්, ඔබට ඔයාට අවශ්‍ය විදියට reply කිරීමට හරි වෙන action එකක් කරගන්න පුලුවන්.

ඒවගේම තමයි, යට ඉඳන් උඩට Swipe කලාම apps and settings වලට යන්නත් පුළුවන්. ඔයාට ඕන විදියට Edit apps and tools වලට ගිහින් customize කරගන්නත් පුලුවන්.

Next Lock Screen 2

මෙතනින් ඔබට android සදහා Next Lock Screen app එක download  කරගන්න පුලුවන්.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY