Saturday, May 28, 2016

බිඳුණු කැඩපත


ගෙයින් එළිය ට බැස
දෙපයින් ඇවිද එන විට
කඩුල්ල ලඟදි අම්මා
දෝතින් දුන්න වස්තුව

සීයගෙත්  සීය ට
වගෙ ම වෙනසක් නැතිව ම
බැලූ හැම විට මට
මාව පෙන්නූ කැඩපත

බර පොත් මිටි උසට
පොටෝ කොපි පිරිවර කොට
තිබූ පාඩම් මේසය
ඇදපු දා ඇඳ අසලට

සැනින් පැන පොළොවට
කැබලිවී උඩුබැල්ලට
අහුලන්න ගිය විට
කැපුනි හද රේඛාව හරහට

රාමුව පමණි දැන්
ඒ ඇණයේම එල්ලුන
කිළිටි බිත්තිය විතරක්
රවුම් කර කර පෙන්නන

ඒ වුනත් එකපාරට
විසිකරන්නේ කොහොමද
උරුමය නොවෙද එය
මගේ නූපන් පුතු හට??







1 comment:

Related Posts Plugin for WordPress, Blogger...