Friday, May 27, 2016

ආගමික පාසල් සහ වෙනත් හුටපට (අසම්පූර්ණ සටහනකි)



 බෞද්ධ ඔන්ලි, හිංදු ඔන්ලි, කතෝලික ඔන්ලි, ඉස්ලාම් ඔන්ලි ලෙස පාසල් බෙදීම දීර්ඝකාලීනව රටට බලපාන පිළිලයක් පෝෂණයකළ හැකි බව අකමැත්තෙන් වුවද පිළිගත යුතු දෙයකි.

තමන්ට නොතේරෙන දෙය සැක කිරීම හා ඊට බිය විම මනුෂ්‍යයන් ඇතුළු සියලුම සත්ත්වයන්ට පොදු ලක්ෂණයකි. කල්ලි බෙදීමත් සාමූහික ප්‍රචණ්ඩත්වයත් මේ හරහා මතුවීම වීම සුලබ ය. පාලකයන්ගේ පහසුවට 'බෙදා පාලනය කිරීම' එදා පටන් සිදු කළත් අප සදාකාලිකවම තුන්වන ලෝකයේ රටක්ව පැවතීම පසුපස මෙහි අඳුරු සෙවණැලි පවතින බව බැහැර කළ නොහැකි සත්‍යයකි. දරුවෙකුට තමන්ගෙ ආගමට අදාල වටපිටාවක ආගමික අධ්‍යාපනයක් ලබාදීමට කැමති දෙමව්පියන් බොහෝ දෙනෙක් සිටින අතර එය සාධාරණ සිතුවිල්ලකි. මෙහිදී ඇතිවන අර්බුධකාරී තත්ත්වයට පිළිතුරු සැපයීමේදී රජයකින් විය යුත්තේ දහම්පාසල් පද්ධතිය දියුණු කිරීම, රටේ අධ්‍යාපන ක්‍රමය ක්‍රමවත් කිරීම හා අධ්‍යාපනයය වෙනුවෙන් වෙන් කරන ප්‍රතිපාදන ඉහළ දැමීම මගින් මතුවී ඇති අනවශ්‍ය තරඟකාරීත්වය නැතිකිරීමත් ඒ හරහා දහම් පාසල් අධ්‍යාපනය ලැබීමට (හා අනෙක් බාහිර ක්‍රියාකාරකම් වල යෙදීමට) දරුවන් පෙළඹවීම ය.

නමුත් අවාසනාවකට අධ්‍යාපනය වෙනුවෙන් වෙන්වන මුදල ඉහළ දැමීමට කරන ඉල්ලීම් සිනහවෙන් ඉවතදැමීමත් පාලකයන්ගේ සුඛවිහරණයට වෙන් වන මුදල් ඉහළ යාමත් සිදුවන අතර අප අහවල් ජාතියේ අහවල් එක ගැන බලමින් විරිත්තමින් සිටින්නෙමු.


No comments:

Post a Comment