බ්‍රෝඩ්ගෙන් තවත් අනතුරු ඇගවීමක්

3585
Stuart Broad warns sri lanka team

ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 88 ක දැවැන්ත ජයක් ලබූ නමුත් ස්ටුවර්ට් බ්‍රෝඩ්ට අනුව නම් එංගලන්තය තවමත් සුපුරුදු රිද්මයට පැමිණ නැත. ජොනී බෙයාර්ස්ටෝගේ ශතකයත් ජේම්ස් ඇන්ඩසන්ගේ (45/10) විශිෂ්ට පන්දු යැවීමත් නිසා හෙඩිංග්ලිහිදී පැවැති පළමු ටෙස්ට් තරගය පහසුවෙන්ම ජයගත් එංගලන්ත පිල තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී.  

එංගලන්ත වේග පන්දුව තරගයේ ජය සොයා යයි

තරගාවලියේ පෙරමුණ ගෙන සිටියද ඩර්හැම් ප‍්‍රාන්තයේ ‘රිවර්සයිඩ්’ කී‍්‍රඩාංගණයේදී අද ඇරඹෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කිසිදෙයක් සැහැල්ලූවට සැලකීමේ අවදානමක් තමන්ට නැතැයිද බ්‍රෝඩ් කියයි.

තරගාවලිය තවමත් දිනලා නැහැ”

ඒ වගේම මා හිතන්නේ තරගාවලියක අවසන් තරගයේදීත් අප කී‍්‍රඩා කරන්නේ අපේ උපරිම දස්කම් දක්වමින් නොවේ. ඒ වගේ තත්ත්වයකදී අපි කී‍්‍රඩා කරන්නේ බොහොම සාමාන්‍යය විදිහට” යයි කීමෙන් බ්‍රෝඩ් අදහස් කළේ දකුණු අපි‍්‍රකාවට එරෙහිව සෙන්චූරියන්හිදීත්, ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදීත් පැවැති අවසන් ටෙස්ට් තරග දෙක පිළිබඳවය.

එහෙත් මේ වතාවේදී සියල්ල වෙනස් වන බවක් බ්‍රෝඩ් ඉගි කරයි.

ටෙස්ට් තරගාවලියක් දිනන්න තියෙද්දී අපි නිකම් ඉඳී කියලා හිතන්න එපා”

මා හිතන්නේ  ඕස්ටේ‍්‍රලියාව වගේම දකුණු අපි‍්‍රකාවත් මීට ඉස්සර ඒ දේ කරලා තියෙනවා. ඒත් හැමෝම කරලා නෑ. ඒ නිසා එවැනි ජයග‍්‍රහණයක් අති විශාලයි. ඒ දේ ලැබ ගන්න අපි විශාල උනන්දුවකින් සිටිනවා” යයිද ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ලෝකයේ සිටින අංක 1 පන්දු යවන්නා පැවසීය.

කොහොම වුණත් හෙඩිංග්ලිහිදී දකින්න ලැබුණේ අපේ හොඳම දස්කම් නම් නෙමේ”

අපි උඩපන්දු කිහිපයක් අතහැරියා. ඒ වගේම අපි හිතපු තරම් හොඳින් පන්දුවට පහර දුන්නේත් නෑ. මේ තරගයේදී ඊට වඩා හොඳින් කී‍්‍රඩා කරන්න පුළුවන්” යයිද බ්‍රෝඩ් කීවේය.

එංගලන්ත පිතිපෙළ කනපිට හැරේ

තරගාවලිය ආරම්භ වීමට පෙරම ශී‍්‍ර ලංකා පිලට අනතුරු ඇගවූ ස්ටුවර්ට් බ්‍රෝඩ් කියා සිටියේ මෙවර ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමෙන් වාඩුව ගන්නා බවයි.

ටෙස්ට් තරගාවලියක් දිනන්න තියෙද්දී අපි නිකම් ඉඳී කියලා හිතන්න එපා. අපේ ඉලක්කය ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ තිබෙන කුසලාන 9ම හිමිකරගන්නයි. බොහෝ විට මේ සතියේදී 8 වැන්න හිමිකරගන්න අපට පුළුවන් වේවි” හෙඩිංග්ලි තරගයේදී  ඕවර 32 ක් අවසන් වන විට එංගලන්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුලූ 583 ක් ලෙසිනි. එහෙත් ඇලෙක්ස් හේල්ස් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 141 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසුව තරගයේ වාසිය අතට ගත් එංගලන්ත පන්දු යවන්නෝ ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉනිම දෙකේදීම ලකුණු 210 කට සීමා කළහ.

කි‍්‍රකට් කණ්ඩායමක ජයග‍්‍රාහී සුසංයෝගය වෙනස් නොකිරීම සම්ප‍්‍රදාය වුවද චෙස්ටර් ලී ස්ටී‍්‍රට් තරගයේදී අඩුතරමේ එකම වෙනස්කමක් කිරීමට හෝ එංගලන්ත පිලට සිදුවෙයි.

හෙඩිංග්ලි තරගයේදී දණහිසේ ආබාධයටකට ලක්වූ බෙන් ස්ටෝක්ස්ට සිය ප‍්‍රාන්ත කී‍්‍රඩා පිටිය වන චෙස්ටර් ලී ස්ටී‍්‍රට් පිටියේදී ටෙස්ට් තරගයක් කී‍්‍රඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ. ස්ටෝක්ස්ගේ ස්ථානයට කි‍්‍රස් වෝක්ස් කැඳවා ඇතත් මෙම තරගය සඳහා කි‍්‍රස් වෝක්ස් කී‍්‍රඩා කරන්නේද නැතහොත් ජේක් බෝල් කී‍්‍රඩා කරන්නේද යන්න තවමත් ස්ථිර වී නැත.

වොක්ෂයර් පිල නියෝජනය කරන කි‍්‍රස් වෝක්ස් පසුගිය සතියේදී ඩර්හැම් ප‍්‍රාන්ත පිලට එරෙහිව එජ්බැස්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයේදී ලකුණු 36 කට කඩුලූ 9 ක් දවාගත්තේ පළමු පෙළ ඉනිමකදී සිය හොඳම පන්දු යැවීම වාර්තා කරමිනි. ජේක් බෝල් තවමත් ටෙස්ට් වරම් නොලද කී‍්‍රඩකයෙකි.

මේ වන විට ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් අතර වඩාත්ම ස්ථාවර ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා සිටින්නේ එංගලන්ත පිල සතුවය. එංගලන්ත පිලේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වන ජේම්ස් ඇන්ඩසන් (443) සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් (338) එක්ව දවාගෙන ඇති ටෙස්ට් කඩුලූ සංඛ්‍යාව 781 කි. ස්ටීවන් ෆින් සමගින් කි‍්‍රස් වොක්ස් හෝ ජේක් බෝල් දෙදෙනා එංගලන්ත පිලට එක්වූවහොත් එය ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට නම් කිසිසේත්ම සුබ ආරංචියක් නොවේ.

ක්‍රිකට් මහත්වරුන්ගෙන් ලංකාවට ලැබුණු අපූරු තෑග්ග

චෙස්ටර් ලී ස්ටී‍්‍රට් හි කාලගුණයද එංගලන්ත වේග පන්දු යවන්නන්ට ඉතාමත් හිතකර තත්ත්වයක තිබේ.

පසුගිය බදාදා එහි පැවැති උෂ්ණත්වය සෙල්සියක් අංශක 11 ක් තරම අඩුවී තිබිණ. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පුහුණුවීම් කළේ ශරීරයේ උණුසුම රඳවාගත හැකි සියලූම ඇලූම් ඇඳගෙනය. කෙසේ වෙතත් වර්ෂාව පිළිබඳ අනාවැකි නොමැත.  

ශී‍්‍ර ලංකා පිලේ ලකුණු අතර සිටින පිතිකරුවා කුසල් මෙන්ඩිස් පමණි. එංගලන්ත සංචාරයේදී මේ දක්වා පැවැති තරග තුනේදී අර්ධ ශතක 3 ක් සමගින් ලකුණු 200 ක් ලබාගැනීමට කුසල් සමත්ව සිටියද සෙසු පිතිකරුවන් කිසිවකුට අඩු තරමේ අර්ධ ශතක දෙකක් හෝ ලබාගත නොහැකි විය.

හැදෙන ගහක පෙති විහිදෙන හැඩ

එසේ වුවත් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සිටින අතිරේක කඩුලූ රකින්නා වන නිරෝෂන් දික්වැල්ල පවසන්නේ එංගලන්තයේ තත්ත්වයන්ට තමන් හුරු වෙමින් සිටින බවයි.

හෙඩිංග්ලි ටෙස්ට් තරගය අප විසින් අමතක කර දැමිය යුතු තරගයක්. ඒ තත්වයෙන් මිදිලා මෙහිදී වඩාත් හොඳ තරගයක් දෙන්න අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා” යයි දික්වැල්ල පැවසූවද කණ්ඩායමේ ස්ථානයක් සොයාගැනීම සඳහා ඔහුටද තියුණු තරගයක නිරත වීමට සිදුව තිබේ.

පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් සියරට පැමිණි දුෂ්මන්ත චමීරගේ ස්ථානය සුරංග ලක්මාල්ට හිමිවනු ඇතැයි කියැවේ.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න