ඇමරිකන් විශේෂ බළකාවලට ලඟදීම ලැබෙන Stealth Bikes

SilentHawk Special Forces Stealth Bike
SilentHawk  හා  Nightmare යනු ලඟදීම අමෙරිකානු විශේෂ බළකාවෙත අනුයුක්ත කිරීමට නියමිත ස්ටෙල්ත් බයික් නමින් හඳුන්වන නිහඬව ක්‍රියාත්මකවිය හැකි ට්‍රේල් බයික් ගණයේ මෝටර් සයිකල් මාදිලි දෙකකි. සතුරු ප්‍රදේශවලදී සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියාත්මකවන  මේවා ඉතාමත් නිහඬව විශේෂ බළකා සෙබලුන්ට සිය ඉලක්කවෙත ලඟාවීමට ඉඩ සලසයි.

මෙහෙයුම් ප්‍රදේශවලින් ඈත පෙදෙස්වල ධාවනයේදී මේවාට ඩීසල්, පෙට්‍රෝල්, ජෙට් යානාවලට යොදාගන්නා පැරෆින් තෙල් පමණක් නොව ඉහුම් පිහුම් වලට යොදාගන්න සෝයා තෙල් හෝ එළවලු තෙල් ආදියෙන් වුවද ධාවනය කල හැකි ලෙස එන්ජිම නිමවා ඇත. ඒ අනුව යුධබිමකදී හෝ සතුරු අඩවියක්දී සොයා ගත හැකි ඕනෑම තෙල්වර්ගයක් යොදාගෙන ධාවනය කිරීමට හැකිවේ.

අතිනවීන hybrid multi-fuel හැකියාව ඇති බහු-ඉන්ධන, හයිබ්‍රිඩ් එන්ජින් තාක්ශණයෙන් නිමවා ඇති මෙම මෝටර්සයිකල් එන්ජින් ධාවනයේදී බැටරිය චාර්ජ් වන නිසා බැටරි බැසයාමේ අවදානම ඉතා අඩුවේ.

Nightmare Special Forces Stealth Bike
බැටරි බලයෙන් කිලෝමීටර් 80ක් ධාවනය කල හැකි මෙම මෝටර්සයිකල් වලට මාර්ග නොමැති ඉතා දුශ්කර ලඳුකැලෑ වල වුවද පැයට කිලෝමීටර් 88ක දළ වේගයකින් ධාවනය කල හැකිය. එමන්ම මෙම මෝටර්බයික්වල හයිබ්‍රිඩ් එන්ජිම ගලවා ඉවත්කොට තනිකරම බැටරියෙන් පමණක් ධාවනය කල හැකි ලෙස සකසා ඇති. එහි වාසිය වන්නේ එන්ජිම බර අඩුවන නිසා අමතර බඩුබාහිරාදිය හෝ අවිආයුධ ගෙනයා හැකි වීමයි.

එපමණක් නොව මෙම මෝටර්සයිකල් වල බැටරියෙන් සන්නිවේදන උපකරණ බලගැන්විය හැකිලෙස බලය පිටතට ලබාගැනීමේ පහසුකම් සකසා ඇත.
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .

  GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments