දුෂ්මන්ත වෙනුවට නොසිතු නවකයෙක්

1771
Dushmantha

පසුගිය දිනක එංගලන්ත සංචාරය අතරතුර තම පිටකොන්දේ ආබාධයකට ලක්වු වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර වෙනුවට ශ්‍රී ලංකා වරාය අධිකාරී ක්‍රීකට් සමාජයේ 29 හැවිරිදි ක්‍රීඩක චමින්ද බණ්ඩාර එංගලන්ත සංචිතයට නම් කර ඇති බවට විශ්වාසවන්ත ආරාංචි මාර්ග පවසයි. 24 හැවිරිදි දුෂ්මන්ත චමීර මාස 04ක විවේක කාළයකින් පසුව නැවතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

දුෂ්මන්තටත් ආබාධයක්

චමින්ද බණ්ඩාර කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලීය ආදි සිසුවෙකු වන අතර ඔහු පළමු පන්තියේ තරග 51 කට පමණ ක්‍රීඩා කර ඇති අතර වසර 5ක ක්‍රීඩා දිවියේ ලබා ඇති කඩුලු ගණන 141කි. ඔහ දක්වා ඇති හොදම දස්කම ලෙස මාර්තු මාසයේ ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දි ලකුණු 68කට කඩුලු 9ක් දවා ගැනීම දැක්විය හැකිය. හොදම කඩුලු ලබාගන්නන් 15 දෙනා අතර සිටින එකම වේග පන්දු යවන ක්‍රීඩකයා වන මොහු මෑතකදි පැවැත්වු 2015/16 අයි. ඒ. ඒ ප්‍රිමියර් ලීග් තරගාවලියේදි තරග 9කදි කඩුලු 33ක් දවා ගැනීමට (සාමාන්‍ය 26.30) සමත් විය.

සනත් ජයසූරියගේ තේරීම් කමිටුව විසින් බණ්ඩාරව තෝරා ගනු ලබන්නේ බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ  නවක   වමත් දග පන්දු යවන ක්‍රීඩක විශ්ව ෆර්නැන්ඩෝ සහ බදුරලිය ක්‍රීඩා සමාජයේ දකුණත් දග පන්දු යවන කසුන් රජිත යන ක්‍රීඩකයින් අතරිනි. එංගලන්ත සංචාරයට ප්‍ර‍ථම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබු නේවාසික පුහුණු තරගයට තේරු 20 දෙනාගේ සංචිතයට චමින්ද බණ්ඩාර ඇතුලත් වුයේ නැත.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න