අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Asian Connection (2016) with Sinhala subtitles | බැංකු මංකොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 2.5/10. From 2 votes.
Please wait...

හැමෝටම තෙරුවන් සරණයි ! ජය වේවා ! ඉතින් ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, පසුගිය දවස් වලනම් මොනයම් හෝ විදිහකට සොබා දහමින් ගැටලු කාරී දේවල් සිද්ධ උනා, ඒ අයට ඉක්මනින්ම යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව, කොහොම හරි ඉතින් මේ වතාවෙ Steven Seagal ගෙ අලුත් ෆිල්ම් එකක් තමයි අරගෙන ආවෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 2016 මැයි මාසෙ 13 වෙනිද, IMDB අගය 3.4 ක් විදිහට තමයි සටහන් වෙන්නෙ, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Daniel Zirilli කියල කෙනෙක්, ඇත්තටම මේ ෆිල්ම් එක බාර අරගෙන සතියකටත් වැඩි කාලයක් ගියා සබ් එක කරන්න, මොකද අධික වර්ෂාවත් එක්ක විදුලිය ගැටලුවක් වුනු හින්ද, ඒ ගැන කාරුණිකව සමාව ඉල්ලා සිටිමි.

ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්නම් මේ විදිහට, මේ ෆිල්ම් එකේ සියලුම ජවනිකා රූගත කරල තියෙන්නෙ තායිලන්තයේ, ෆිල්ම් එකේ හැටියට ස්ටීවන් සීගල් තායිලන්තයේ ලොකු ව්‍යාපාරිකයෙක්, එයාගෙ සියලුම මුදල් තැන්පත් කරල තියෙන්නෙ තායිලන්තයේම බැංකු වල, ඉතින් මෙයා ඔහොම ව්‍යාපාර කරගෙන යන අතරෙ ජැක් සහ සෑම් කියල දෙන්නෙක් ස්ටීවන් සීගල්ගෙ බැංකුවක් මංකොල්ල කනව, ස්ටීවන් සීගල් මේ ගැන හොයන්න බාර දෙන්නෙ එයාගෙ ළඟම සේවකයෙකුට, එයාට කියන්නෙ නීරන් කියල, කොහොම හරි මේ නීරන් ජැක්ව අල්ල ගන්නව, නමුත් මේ නීරන් එයාව අල්ල ගත්තට පස්සෙ කරන්නෙ වෙනම දෙයක්, එයා ජැක්ට තර්ජනය කරනව දිගටම මංකොල්ල කන්න කියල, මුලින් ජැක් ඒකට කැමති වෙන්නෙ නෑ, පස්සෙ තමයි කැමති වෙන්නෙ, ඒ විදිහට නීරන් කරන්නෙ ස්ටීවන් සීගල්ගෙ මුදල් තැන්පත් කරල තියෙන බැංකු වල විස්තර ජැක්ට දෙනව, ජැක් සහ සෑම් ගිහින් ඒ බැංකු වල තියෙන සල්ලි මංකොල්ල කනව, ඉතින් ඔහොම දිගින් දිගටම මේ සිද්ධිය කෙරීගෙන යන නිසා ස්ටීවන් සීගල්ට මේ නීරන් ගැන සැක හිතෙනව, නමුත් එයාගෙ ළඟ ඉන්න කිසිම සේවකයෙකුට මේක හොයා ගන්න බෑ, ඊට පස්සෙ ස්ටීවන් සීගල් තීරණය කරනව, මේ වැඩේට සම්බන්ධ වුනු සියලුම දෙනාව මරල දාන්න, එතනින් එහාට එයා මොකක්ද කරන්නෙ කියල දැන ගන්න නං ෆිල්ම් එක බලන්නම වෙනව, වැඩිය විස්තර කරන්නෙ නෑ එහෙම වුනොත් ෆිල්ම් එකේ රසය නැති වෙන හින්ද, ඉතින් සබ් එකේ මොනවා හෝ අවුලක් තිබුනොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලන අතර සියලුම දෙනාට නිරෝගි බව ලැබෙන්න කියල අපි ප්‍රාර්ථනා කරන්නෙමු !!

The Asian Connection (2016) on IMDb

 

 

 ලබා දී ඇති උපසිරැස WEBRip පිටපත් සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

25 thoughts on “The Asian Connection (2016) with Sinhala subtitles | බැංකු මංකොල්ලය… [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *