ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා තරගාවලියේ ඉත්තා මුරලි ද?

482

ශ්‍රී ලංකා පිලේ සිටි  සුපිරි දග පන්දු යවන මුත්තයියා මුරලිදරන්ගේ උපදෙස් අනුව කටයුතු කරන බව ඕස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් පවසයි.

ඉදිරියේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට මෙය ඉතා වැදගත් වනු ඇති බවද ඔහු සදහන් කරයි.

2014 වර්ෂයේදී ද මුරලිදරන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දග පන්දු උපදේශකයෙකු ලෙසින් කටයුතු කලේය.

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ වලදී කඩුලු 800ක් හා එක්දින තරඟ වලදී කඩුලු 534ක් දවාලීමට සමත් ව ඇත. එමෙන්ම තවත් කණ්ඩායම් රැසක් නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වීමට මුරලිදරන්ට හැකිව ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න