Tuesday, May 24, 2016

දික්කසාදයට SHORT CUT එකක්


දේවාලේ පහරන්නට කපුවාට පු`ඵවන් යන කියමන උසාවියට ද වලංගුය.
කුමාරි දරු තිදෙනෙකුගේ මවකි. සැමියා තෙල් කොම්පැනියක කලාප බාර නිලධාරියෙකි. 2014 ජූලි මස දිනක සැමියා දරුවන් ද රැුගෙන නිවසින් පිටව යන ලදි. නැවත නොපැමිණීම නිසා, ඇය පොලිස් කාන්තා හා ළමා අපයෝජන නිවාරණ කාර්යංශයට ගොස් පැමිණිලි කරන ලදි. පොලීසිය සැමියාව ගෙන්වා ප‍්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ, තමා කුමාරිගෙන් නීත්‍යානුකූලව දිකකසාද වී ඇති බවයි.
ඔහු නඩු තීන්දුව පොලීසියට ඉදිරිපත් කළේය. නඩුව පවරා තිබුණේ කොළඹ අංක 07 දිසා අධිකරණයේදී ය. ඇය එම තොරතුරු අනුව අධිකරණයට ඉදිරිපත්ව කරුණු කියා, දික්කසාද තීන්දුව අත්හිටුවා නැවත නඩුව ආරම්භ කිරීමට පියවර ගත්තාය.
නඩු වාර්තාව අනුව, උසාවි පිස්කල් ආර්.එම්. පාලිත ජයසිරි නැමැත්තා විසින් තමාට සිතාසි බාර දී ඇති බවට උසාවියට දිව්රා සහතික වී තිබිණ. එමෙන්ම ලිපි මගින් දැණුම් දුන් බව ද සටහන්ව තිබිණ. සැමියා ඔහුගේ නීතිඥයා ඔවුන් පදිංචි ලපිනය ලෙසට දැන දැනම වෙනත් ලිපිනයක් දි තිබිණ. මේ සියල්ල උසාවියට පිළිගන්නවා එ්කපාර්ශ්විකව තමාගෙන් දික්කසාදය ගන්නට සැමියාට හැකිවී තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ නඩුව පවරා තිබුණේ 2013 ජුනි මස ය. එදින සිට 2014 ජූලි දක්වාම ඔවුන් අඹු සැමියන් ලෙසට ජීවත්ව තිබේ. එකට ජීවත් වෙමින් අධිකරණයට බොරු තොරතුරු ඉදිරිපත් කර, එම තොරතුරු සනාථ කිරීමට උසාවි පිස්කල්ව ද සහභාගී කරවාගෙන දික්කසාද නියෝග ගන්නට තරම්, මේ බුදුන්ගේ දේශයේ උසාවි, යොදාගත හැකි බවට මේ එක් කදිම නිදසුනකි.
නීතිඥවරුන් හා උසාවි කාර්ය මණ්ඩල නිරුවතින් සිටි අධිකරණයේ පැහැරීම නීතියට එකඟ ද යන ප‍්‍රශ්නය අසන්නට සිදුව ඇත.
උසාවියට බොරු කියන්න නීතිඥයන්ට පු`ඵවන. එය උසාවිය අපහාසයට ලක් කිරීමක් නොවේ.
උසාවි කාර්ය මණ්ඩලවලට ද උසාවියට බොරු කරන්නට පු`ඵවන. එයද උසාවියට අපහාසයක් නොවේ.
මෙම නඩු තීන්දුව උපයෝගී කරගෙන මේ වන විට, පොලීසිය යොදවා ඇය පදිංචි නිවසින් පන්නා දැමීමට සැමියාට හැකිව තිබේ. මෙ සියලූම කරුණු ගැන මේ වන විට ඇය, අධිකරණ සේවා කොමිෂමට, පොලිස්පතිට හා ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ. 
මේ වන විට නීතියේ ආධිපත්‍යය ගැන පුවත්පත් ප‍්‍රකාශ නිකුත් කරන නීතිඥ සංගමය අධිකරණ පද්ධතිය තුළ මුල්බැස පැතිර පවත්නා ¥ෂණ අක‍්‍රමිකතා ගැන කියන්නේ කුමක්ද?  

No comments:

Post a Comment