අපේ ක්‍රිකට් පුහුණු කරන්න එංගලන්තයෙන් තවත් ආනයනයක්

256
Cricket - Kent Academy
නව පුහුණුකරු සයිමන් විල්ස් (මැද)

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතවල පුහුණුකරුවන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම සඳහා එංගලන්ත ජාතික සයිමන් විල්ස් මහතා පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම, ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම, වයස අවුරුදු 23න් පහළ, 19න් පහළ යන කණ්ඩායම් සියල්ලන්ගේම පුහුණු කටයුතු සයිමන් විල්ස් මහතා යටතට පත්වන අතර, එම කණ්ඩායම්වල පුහුණුකරුවන් පාලනය වන්නේද ඔහු යටතේය.

මහන්සිය වැඩක්‌ වුණේ නෑ” – දිනේෂ් චන්දිමාල්

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් “මව්බිම” විමසූ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මෙම සියලු ක්‍රියාදාමයන් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නැංවීම සඳහා බවය. “සයිමන් විල්ස් මහතා බඳවා ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නෙ වසර දෙකක කොන්ත්‍රාත්තු කාලයක් සඳහායි. ඒ අනුව ඔහුට ජාතික කණ්ඩායම හැර අනෙක් කණ්ඩායම්වල වගකීම පැවරිලා තියෙනවා” යනුවෙන්ද ඒ මහතා පැවැසීය.

ඉහළ කුසලතා උපදේශක කළමනාකරු නම් වූ මෙම තනතුර සඳහා බඳවා ගන්නා 42 හැවිරිදි සයිමන් විල්ස් මහතා කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් ඇකඩමියේ අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කර තිබූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ වසර දෙකක කාලයක් සඳහා ගිවිසගෙන ඇති ප්‍රධාන අභ්‍යාසක ලෙස කටයුතු කරන්නේද එංගලන්ත ජාතික මයිකල් මේන්ය.

කුසල් එංගලන්ත සටනට සැරසෙයි

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණුකරණය පිළිබඳව සිවුවැනි මට්ටම්  පුහුණු පාඨමාලාවක් හදාරා ඇති සයිමන් විල්ස් එංගලන්තය වෙනුවෙන් පළමු පෙළ තරග 16කට ක්‍රීඩා කර ලකුණු 506ක්ද ලබා ඇත.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න