දුෂ්මන්තටත් ආබාධයක්

773
Dushmantha Chameera

එංගලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරගේ පිටකොන්ද ප්‍රදේශයේ  ඇති වු අබාධයක් හේතුවෙන් වහාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට පැමීණිමට නියමීත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

දුෂ්මන්ත චමීර එංගලන්ය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර මෙලෙස අබාධයට ලක්ව ඇති බව පැවසේ.

එසේම ඔහුගේ මෙම අබාධ තත්වය සම්බන්ධයෙන් එංගලන්තයේදී MRI/CT ස්කෑන් පරික්ෂණයක් සිදු කර ඇති අතර එහි වාර්තා අනුව දුෂ්මන්ත චමීරට මාස 04 ක් පමණ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන විවේක ගැනීමට සිදුවනු ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් චමීරගේ ස්ථානය වෙනුවෙන් සංචිතයට එක් කීරිමට සුදුසු ක්‍රීඩකයෙක් සම්බන්ධයෙන් ඉදිරි පැය විසි හතර තුළ තීරණයකට එළෙබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  තේරිම් කමීටු සභාපති වන සනත් ජයසුරිය මහතා  වැඩි දුරටත් පවසන ලදි.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න