BMW VISION NEXT 100 - වසර 100ක ඉතිහාසය සමරන බී.එම්.ඩබලිව් සමාගම ඉදිරි ශතකය සැළසුම් කරයි!


ජර්මනියේ මියුනික් නුවර මූලස්ථානය කරගත් ලෝක ප්‍රකට බී.එම්.ඩබලිව් සමාගම ආරම්භවී වසර 100 සැමරෙන ශත සංවස්තරය 2016 මාර්තු 7 වැනිදා උත්සවාකාරයෙන් පැවැත්වුනා. 1916 මාර්තු 7 වැනිදා ස්ථාපනය කල බී.එම්.ඩබලිව් සමාගමේ මුල්ම ව්‍යාපාරය  වුයේ ගුවන්යානා එන්ජින් නිර්මාණයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු මෝටර් රථ නිශ්පාදනයට පිවිසි බී.එම්.ඩබලිව් සමාගම 2015දී මෝටර් රථ මිලියන 2.1ක් හා මෝටර් සයිකල් 120,000ක් අලෙවිකොට යුරෝ බිලියන 5.8ක ලාභයක් උපයා තිබුණා. බී.එම්.ඩබලිව් සමාගම මිනි හා රෝල්ස් රොයිස් මෝටර් රථ සන්නාමවලද අයිතිය හොබවනවා.

වසර 100ක් සැපිරූ බී.එම්.ඩබලිව් අනාගතයට පිය මනින්නේ "" උද්‍යෝග පාඨය සමග. අතිශය වේගයෙන් දියුණුවන මෝටර් රථ තාක්ශණය හා පරිගණක තාක්ශණය සමග නුදුරු අනාගතයේ මෝටර් රථ කෙසේවේදැයි උපකල්පණය කරමින් එම තාක්ශණයට සූදානම්වීම මෙන්ම මෝටර් රථ තාක්ශණයේ නිම්වළලු පුලුල් කිරීමේ අරමුණද මෙම උද්‍යෝග පාඨයේ ගැබ්ව තිබෙන බව BMW සමාගම පවසනවා.



 



 

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments