ස්වාභාවික සැමන් මසුන්ට වඩා දෙගුණයක් වේගයෙන් වැඩෙන ජාන වෙනස් කරනල ලද සැමන්


 
 අත්ලාන්තික් සැමන් ලෙස හැඳින්වෙන මෙම සැමන් මසුන් උතුරු අමෙරිකානු හා යුරෝපීය ආහාරවේල් වල සුළභයි. විශාල ලෙස ඇල්ලීම නිසා වඳවීයාමේ තර්ජනයට බඳුන්වූ මේ සැමන් මසුන් දැන් වැඩිවශයෙන් වෙලඳපොලට එන්නේ කර්මාණ්තයක් ලෙස සැමන් මසුන් ඇති කරන ගොවිපොලවලින්. මෙම මත්සයෙකු ආහාරයට සුදුසු ලෙස වර්ධනය වීම සඳහා වසර 3ක් පමණ රැකබලා ගත යුතු අතර එය විශාල වියදමක් යන කටයුත්තක්. මේ නිසා ජෙනෙටික් මොඩිෆිකේෂන් හෙවත් ජාන වෙනස් කිරීම තුලින් මෙනම් මසුන්ගේ වර්ධන වේගය වැඩි කරන්නට පුලුවන්දැයි පර්යේෂණ සිදුකෙරුනා.

ඉතා වේගයෙන් වැඩෙන එහෙත් අඩු වෙළඳපොල වටිනාකමක් ඇති චිනූක් සැමන් මසුන්ගෙන් හා අත්ලාන්තික් සාගරයේ වසන, ආඳෙකු මෙන් පෙනෙන ඕෂන් පවුට් මත්සයාගෙන් ලබාගත් ස්වාභාවික වර්ධක හෝමෝන නිපදවන ජාන අත්ලාන්තික් සැමන් මසුනට ලබාදීමෙන් ඉතා වේගයෙන් වර්ධනය වන අත්ලාන්තික් සැමන් මසුන් බිහිකිරීමට පර්යේෂකයින් සමත්වෙලා. මෙම සැමන් මසුන් මාස 18ක් වැනි කෙටිකාළයකින් ආහාරයට සුදුසු ආකාරයට විශාල වෙනවා.

සැමන් ගොවිපොල කර්මාන්තය විශාල ලෙස සිදුකරන කැනඩාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, කැනේඩියානු ආහාර පර්යේෂණ ආයතනයත් වසර 4ක් පුරා සිදුකරන ලද පර්යේෂණ වලදී මෙම වර්ධක ජාන ඇති සැමන් මසුන් සැම අතින්ම ආරක්ශිත බවත්, ආහාරයට සුදුසු බවත් නිදේශ කර තිබෙනවා. ඒ අනුව ඉතා ඉක්මණින් මෙම සැමන් මසුන් වගාකිරීම ඇරඹීමට කැනේඩියානු සැමන් ගොවිපොල හිමියන් සැරසෙනවා. 

මෙම ජාන වෙනස්කරන ලද සැමන් මසුන් බිහිකරන ලද්දේ ඇක්වා බවුන්ටි ටෙක්නොලොජි නම් සමාගමක් විසින්. ඔවුන් පවසන අන්දමට 1995දී කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් මෙමෝරියල් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සිදුකල කැනේඩියානු විද්‍යාඥයින් කණ්ඩායමක් තමයි මෙම සැමන් විශේෂය බිහිකිරීමට මූලික පර්යේෂණ සිදුකරලා තියෙන්නේ.


 



__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments

  1. බයිල අතර බිලොග් එකක්
    හොද ලිපි ගොඩක්

    ReplyDelete

Post a Comment