Wednesday, May 18, 2016

~සිංහ ලේ | දෙම ලේ~



යුද්ධය තෝරාගැනීමක් නොව ඓතිහාසික මානව දායාදයකි. ඔබට යුද්ධයක් අනවශ්යයි නම් ඔබට කළ හැකි දේවල් අතුරින් ප්‍රධානම දෙයක් තමයි යුධයකට සූදානම් වීම.
ඒ ඇයි?
වට පිට බලන්න,
මේ ලෝකෙ මිනිස්සු කොච්චර ලේසියෙන් රැවටෙනවද යන්න තේරුම් ගන්න මදක් වටපිට බැලීම උනත් සෑහෙනවා.
කුපාඩි මිනිස්සු අතරිනුත් පහළ වෙච්ච අම්බ කුපාඩි (ඇතැම් දේශපාලුවෝ වේවා ආගමික නායකයෝ වේවා පූජකවරු වේවා වෘත්තීය සමිති නායකයින් වේවා page ඇඩ්මින්ලා වේවා) ප්‍රයෝජනයට ගන්න දේවල් තුනක් තියෙනවා.
මිනිසාගේ උපන්ගෙයි බල තණ්හාව,කුපාඩිකම,  අසල්වැසියා ගැන ඇති බිය.
ඔය කියන තෝන් ලණු වලින් හැමදාමත් සමාජ කණ්ඩායම් මූව් කලා. එහෙම උන් තමන්ගෙ වාසිතකා අවුලන ගිණි පුපුරු මහා ලැව් ගින්නක් වෙන්න පුලුවන්. එදාට කැති ගාන්න පණ පිටින් ගිණිතියන්න කලින් හොයලා බලන්නේ හරියට දෙමළ කතා කරන්න පුලුවන් ද බාල්දියට පාල්දිය නොකිය සිංහල කතා කරන්න පුළුවන් ද වගේ දේවල් විතරයි.
ඒ නිසයි යුද්ධය ඇති වෙමින් නැතිවෙන නැති වෙමින් මතුවෙන ඓතිහාසික මානව දායාදයක් වෙන්නේ.
සාමය කියන්නේ නොනිමි අරගලයකට හම්බෙන පොඩි බ්‍රේක් එකක් විතරයි.

ඒ නිසයි යුද්ධයකට සූදානම් වීම අතින් වගේම සාමය දීර්ඝ කර ගැනීම ගැනත් හිතන්න ඕනෙ. දෙවනි එක අතින් අපි පට්ට ෆේල්. යුද්ධයකින් පස්සෙ කරන්න ඕන විදිහෙ නිවැරදි පසු විමසුමක් හරි පොළවක ඉඳන් උනේ නෑ. ආයෙ මේ දේවල් කාලාන්තරයකට නොවෙන්න කළයුතු දේවල් කලේ නෑ. විමසුමෙන් ඉන්න ගමන් වුවත් ඒ මිනිස්සු වැටිච්ච වලෙන් ගොඩ එන්න සහෝදරත්වයේ අත දික් කරේ නෑ.
ඒ වෙනුවට අපි කරේ හැම චන්දයක් ළඟදිම කොටියා වලෙන් නැගිට්ටවපු එක විතරමයි. අවුරුදු ගාණක් තිස්සේ පොළවට හලපු ලේ වලින් තමන් පෝෂණය වීම විතරයි. ඒ ලේ සිංහලද දෙමළද වෙනසක් නැතුව පොළවට උනා ගත්තා. ඒත් අපි දැන් කොතනද?


4 comments:

  1. පාලකයා යුද්ධ ඇති කරන්නෙත් දේශපාලන වාසි බලාගෙන.. යුද්ධ නැති කරන්නෙත් දේශපාලන වාසි බලාගෙන

    [ඉඳල හිටල හරි මෙහෙම බ්ලොග් එකේ මොනව හරි ලියහන්.. ඒක වටිනවා මචන්]

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටෙක නිසාම ආයෙම පොඩි එකක් දැම්මා :D

      Delete
  2. war is bad. It where hapen bad thing is bad.

    ReplyDelete
    Replies
    1. Yes. But sometimes we can't simply ignore the war. And yes that is also sad.

      Delete