Wednesday, May 18, 2016

පූර්ණ දණ්ඩ මුක්තිය සහිතව පොලීසිය වධ දීම දිගටම කරගෙන යනවා



මේ බව ප‍්‍රකාශ කරන්නේ එක්සත් ජාතීන්ගේ වදහිංසාව සම්බන්ධයෙන් වන විශේෂ වාර්තාකරු විසින්ය.

පසුගිය මස 29 දින ශ‍්‍රී ලංකාවට පැමිණි එක්සත්ජාතීන්ගේ වධහිංසාව සම්බන්ධ විශේෂ වාර්තාකරු ජූ ආන් ඊ මෙන්ඩස් සහ විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය සම්බන්ධ විශේෂ වාර්තාකරු, සිය සංචාරය අවසානයේ 2016 මැයි 07 පැවති මාධ්‍ය සාකච්ඡුාවේදී නිකුත් කරන ලද ප‍්‍රකාශයට අනුව ශ‍්‍රී ලංකා පොලීසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ව සති ගණන් රඳවා තබාගෙන වධහිංසාවට පත්කරන බවට තහවුරු වී ඇති බව කියා සිටී.

ශ‍්‍රී ලංකාවේ ගතකරන ලද කාලය තුළදී පොලිස් ස්ථාන, සහකාර පොලිස් අධිකාරී කාර්යාල, සිරගෙවල්, රහස් පොලීසිය විසින් රඳවා තබාගන්නා ස්ථාන පරීක්ෂාවට ලක්කර තිබේ.

එයට අමතරව වධහිංසාවට පාත‍්‍ර වූ පුද්ගලයන්ව ඔවුන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ. සිරගෙවල්වල පවතින තදබදය හා වැලිකඩ සිරගෙදර තත්ත්වය ද ඔහු සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බවද අවධාරණය කර ඇති අතර, එම පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ව පිළිබඳව මානව හිමිකම් කොමිෂමට දැණුම් දිය යුතුව තිබුණත් එය නිසි ආකාරයට සිදු නොවන බව ද පෙන්වා දෙයි.

සාමාන්‍යය අපරාධ සම්බන්ධයෙන් ොලීසිය ලබා ගන්නා ප‍්‍රකාශවල, වලංගුභාවයක් නැති ඉබව නීතිපතිවරයා විසින් තමන්ට තහවුරු කරන ලද බව ඔහු ප‍්‍රකාශ කර සිටී.

ශ‍්‍රී ලංකාවේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ව නීති විරෝධීව රඳවාගෙන වධ දීම, නීති විරෝධීය. එහෙත් එම නීති විරෝධී ක‍්‍රියාවල යෙදෙන පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්නේ නැත. නීතියෙන් බේරී සිටීමට ඉඩ ලබා දී තිබේ. 

අපරාධයකට දඬුවම් නොලබා සිටීමට ඉඩ සැලසීම (දණ්ඩ මුක්තිය* ශ‍්‍රී ලංකාව තුළ කලක සිට පවත්වාගෙන එන්නකි.   

No comments:

Post a Comment