Tuesday, May 17, 2016

නිර්සත්වයෝ පස්වැනි කොටස - උසාවිය නිහඩ වෙනු

පලමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
හතරවන කොටස
නඩුවට පෙනීසිටීමට අදාල වේලාව කෙමෙන් කෙමෙන් ලංවන්නට විය චන්දරේ අයියා මා වෙනුවෙන් පෙනී සිටින්නට කලුකෝට් ලෝයර් කාරයෙකු සොයා දුන්නේ කලුකෝට් කාරයින් වැඩිහරියක්ම වාගේ අපායේ අච්චු කරුවන් වන නිසාය. ‍අලුතින් පැමිණි තවත් අච්චු කරුවන් පිරිසකට ලෝදිය වඩියක් උණුකර පෙවීමට ඇති නිසාවෙන් චන්දරේ අයියා මගෙන් සමුගත්තේ මගේ වගකීම කලුකෝට්කාර ලෝයර් කොටාට පවරාදෙමිනි.
අප කෙමෙන් කෙමෙන් අධිකරණයේ රෙජිස්ටාර්වරයාගේ කාර්යාලය අසලට පැමිණියෙමු.කලුකෝට් මාත්සමග ගොස් අධිකරණයේ රෙජිස්ටර් යමයා මුනගැසුනෙමු. මගේ නමත් පැමිණි රටත් පැවසූ විගස යමයා මා දෙස බැලුවේ ගෙදරවැඩ අතපසුකර පැමිනි පාසල් සිසුවෙකු දෙස බලන විදුහල්පතිවරයෙකු ලෙසය. ආහ් ඔය කියන්නේ අර ලව්කේස් එකනේද? ඒ නඩුව අන්තිමට අහනවා කියලයි යම ලොක්කා දැනුම්දීලා තියෙන්නේ මොකද කියනවානම් මේ වගේ ආතල් කේස් එනවා අඩුයි මෙහෙට. ඔහේලට එතකම් උසාවිය ඇතුලේ වාඩිවෙලා බලාගෙන ඉන්න පුලුවන් වෙන්නේ මොකක්ද කියලා. එහෙමත් ඉන්න කම්මැලියි වගේනම් අර ඔහේගේ පරණ ක්‍ර‍ෂ් එක ඇවිල්ලා ඉන්නේ එලියේ පාර්ක් එකට එක්ක ගිහින් ටිකක් කතා කරකර ඉන්න. අවුරුදු විස්සක් ගිහිල්ලා කතාකරගන්නත් ගොඩක් දේවල් ඇතිනේ.මෙහේ කතාකලා කියලා උසාවියේ වැඩවලට භාදාවක් වෙන්නේ නෑ යනුවෙන් පැවසුවේ ඇසක්ද ඉගිමරමිනි.

අධිකරණ ශාලාව දෙසට පියනගන්නට වු අතර අතර මගදී මට ඇයව මුහුණට මුහුණ හමුවිය. ඇයද කිසිදුවෙනසක් නැත සරසවියට අලුත් නැවෙන් පැමිණ ගොඩබැස්ස දිනයේ දුටු අයුරින්මය ඊට මඳක් පසුපසින් ඇයගේ මවත් විශ්‍රාමික ගුරු හැතිරියත් විය.
මාගේ හදෙහි ඇය පිලිබදව ඇති සෙනෙහස තවමත් එසේමය. ලවර්ස් ලේන් එකේ අතින් අල්ලාගෙන මම ඇවිදගියේ ඇය සමගය. මලක් බදුවු ඇයව පෙර මෙන් වැලද ගන්නට මට සිත්වුවද ඇය දැන් පරසතුමලක් බව සිහිවුනිසාවෙන් මම ආයාසයෙන් එය මැඩ ගතිමි.


"ආ මඟ දෑලේ පිපි මල් කර වී නෑ ඵල හටගන්නේ
සිතුවිලි මීමැසි පොදිනැත මී බැද උන්මය රිදවන්නේ
තණ්හා දෑතින් පැතුමේ වරපට ගිලිහී බිම වැටිලා
දෛවයේ ගොනු ඇද ජීවන ගැල ගෙන ආ මග දිග යනවා
ඈත අතීතයේ සිහින මැදින් යලි ජීවනයට යනවා
ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා"

අධිකරණයේ සවස නඩුවාරයට පෙර විවේක කාලයේදී ඇය කෙසේ හෝ පැමිණ අපහසුවෙන් වචන ගැටගසමින් මා සමග කතාබහ කරන්නට විය. ඇයි අයියේ කලබලවෙලා මෙහෙම දෙයක් කර ගත්තේ මටත් පව් පිරෙනවානේද ඒකරගත්තු දෙයින්. මම මුවින් නොබැන අසාසිට ඕවා දැන් කියලා දුක්වෙලා වැඩක් නැහැනේ නංගී ඒවා ඒකාලේ හිතන්න තිබ්බා යැයි කිවෙමි.
විරාමය අවසානයේ තෝල්ක මුදලි ලෙස පැමිණි යමයා මහ හඩින් නඩු අංක 900888 යනුවෙන් කෑගසා මගේ නාමයද පැවසුවේය. ඒ කියන්නේ යමරජු නඩුව අසන්නට සූදානම් බවයි මටද අපායට පැමිණි හේතුව දැන ගන්නාතුරු ඉවසිල්ලක් නැත. සිදුවෙන දෙයක් සිදුවේවා යැයි සිතා මම අධිකරණ ශාලාවට ඇතුලු වුවෙමි. පිලිවෙලට ඇද පැලද ගත් නීතිවේදින් වෙන වෙනම සිටි අතර මහාධිකරණ විනිසුරුගේ නිළ ඇදුමකින් සැරසුණු යමරජු විනිශ්චයකරුගේ ආසනයේ විය.
  
තම කටහඩ අවදි කල යමරජු තමා මේ ප්‍ර‍ජාත්‍රන්තවාදී අපාය එක්සත් ජනරජ උසාවියට එන්නට හෙතු වු කාරණාව දන්නවාදැයි මගෙන් විමසුවේය. නැත ස්වාමීණී මම හේතුව නොදන්නා අතර එය දැනගැනීමට කැමැත්තෙමි යැයි මම යමරජුට පැවසුවෙමි.
"හසරංග නැමැති මේ නිර්සත්වයා දැඩි කෝපයට පත්වී රියපදවාගෙන එද්දී අනතුරට මුහුණදෙන අතරේදී අනුන්ගේ ජීවිතයකටද අනතුරක් කර තම ජීවිතයද නැතිකරගන්නා ආකාරයට දැඩිලෙස පලිගන්නා චේතනාවක් සිතේ ඇතිවී තිබෙනවා. එය මේ ප්‍ර‍ජාත්‍ර‍න්තවාදී එක්සත් අපාය ජනරජයේ දණ්ඩ නීති සංග්‍ර‍යට අනුව තම ජීවිතය තමන් විසින්ම නසාගැනීමකි" ඒ ඇතිවුන චේතනාම මත ඔබට මේ අපායට පැමිණිමට සිදුවී තිබෙනවා. නමුත් මේ අනික් පිරිසත් ඔබේ සිදුවීමට අදාලවන නිසාවෙන් සාක්ෂී විමසා ඔබලාට හිමි දඩුවම් මේ උසාවියෙන් තීරණය කරණු ඇත.


ඔබ සියලුදෙනා මතක තබාගතයුතු එක් කරුණක් ඇත එනම් කිසි විටකත් අසත්‍යක් ප්‍ර‍කාශ නොකල යුතුයි එසේ වුවහොත් තොපගේ දඩුවම ඉහලයා හැකිබව තරයේ මතක තබා ගනු. ජූරි සබාවේ යමමහතුනි මේ නිර්සත්වයන් කරන්නාවූ ප්‍ර‍කාශයන් හා සාක්ෂි පිලිබදව ඔබගේ දැඩි අවධානය යොමුකරන ලෙස මා ඉල්ලා සිටිනවා යැයි යමරජු පැවසීය. මින්පසු මගෙන් සාක්ෂී විමසීම ආරම්බ කරන ලදී. මම සිද්ධිය මුල සිට අඟට පැවසූ පසු හරස් ප්‍ර‍ශ්ණ ඇසීම අරබන ලදී

යමරජු -  නුඔ මෙතෙන සිටින අනෙකුත් නිර්සත්වයන් අදුරනවාද?
මම     -  ඔව් එක් අයෙකු මගේ මනුලොව පෙම්වතිය වන අතර ඇගේ මවද සිටින අතර මාගේ නිවස අසල දුර නෑදෑකමක් ඇති ගුරුවරියක්ද සිටියි.

යමරජු - ඔබ එදා කෝපයට පත්ව පලිගැනීමේ චේතනාවෙන් පැමිණි බව පිලිගන්නවාද?
මම     - එසේය. ඒ වෙලාවේ මම සිටියේ අධික කෝපයකින් එම නිසාම මට මගේ රථය පාලනය කර ගන්නට අපහසු වුනා

කෙසේ උවත් ඔබ තමන්ගේ ජීවිතයට හානිකරගැනීමේ චේතනාවෙන් පෙලුන නිසා අදිසි අනතුරකින් ඔබ මියගියද ඔබ සියදිවි නසා ගත්තායැයි සලකන්නට මේ අධිකරණයට සිදුවෙනවා. එය අනන්තරීය පාපකර්මයක් හා සමාන අකුසලයක් බව තරයේ සිහි තබා ගනු. සුබා නැමැති නිර්සත්වියට සාක්ෂි ලබාදෙන මෙන් මී ලගට නියෝග කරනවා යැයි යමරජු ප්‍රකාශ කලේය

"සුබා වන මම මේ සිදුවීම සිදුවන විට පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය හා තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවියක්ව සිටියා. මගේ ගම්පලාත කලුතර දොඩංගොඩ වන අතර හිල්ඩා අබේසේකර නේවාසිකාගාරයේ සිට දේශණ වලට සහබාගී වුනේ. හසරංග අයියාව දැනගත්තු දවසේ ඉදලා එයා මට ඇත්තටම ආදරේ කලා. අපි කෑවේ බිව්වේ ගමන්ගියේ එකටමයි. කොටින්ම නිවාඩුවට ගෙදර යනකොටත් ආයේ එනකොටත් අපි ආවේ ගියේ එකටමයි.

කොහොමහරි අපි දෙන්නා ගැන දැනගෙන අපේ අම්මා අවුරුද්දකට වැඩි කාලෙක ඉදලා දැඩිලෙස විරුද්ධ උනා. අන්තිමට මේක නවත්තලාදාන්න කියලා මට තර්ජනය කලා ඒ බව හසරංග අයියාට දැනුම් දුන්න දවසට පස්සේ තමා එයා රියඅනතුරකින් නැති වුනේ. එපමණයි ස්වාමීණී " යනුවෙන් පවසා නිහඩ වු අතර මගේ නීතී මිතුරා වන කලුකෝට් සහ යමරජු හරස් ප්‍ර‍ශ්ණ ඇසීම අරබන ලදී

කලුකෝට් - ඔබට නිවසෙන් විවාහ යෝජනා ගෙන ආවාද? මව මොහුට විරුද්ධ වීමට හේතුවක් පැවසුවාද?
සුභා - නෑ කිසිවක් මට කිව්වේ නෑ නමුත් මෙතන ඉන්න අනිත් කාන්තාව තමයි ඒ සේරම මගේ මව සමග කියා තිබෙන්නේ..
කලුකෝට් - ඇයට එසේ කිරීමට වුයේ ඇයිදැයි ඔබ දන්නවාද? නැත්නම් ඇයට මෙවැනි කේලාම් කීමට ඇති අවශ්‍යතාවය කුමක්ද?
සුභා - ඇය මාගේ මවගේ සමීපතම යෙහෙලියක්ව සිටියා වුවත් එවැනි අසත්‍යකරුණු පැවසීමට තරම් හේතුවක් මාහට සිතාගැනීමට නොහැකිය. 
යමරජු - මේ නිර්සත්විය වෙනත් අයෙකු සමග විවාහ වීමට අකමැතිනම් ඒ පිලිබදව දෙමාපියන්ට නොදැන්වුයේ ඇයි? 
සුභා - ඒ සදහාමට ශක්තියක් හෝ හැකියාවක් තිබුනේ නෑ ස්වාමීණී

සැබැවින්ම ඔබ යමෙකුට ආදරය කලානම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඔබට හැකියාව තිබිය යුතුයි. එබැවින් යුෂ්මතිය හසරංග නැමැති මේ නිර්සත්වයාට බොරු කලායැයි මම යෝජනා කරනවා.
ඉන්පසු ඇතිවූයේ නිහඩතාවයකි.ඇයගෙන් කිසිදු පිලිතුරක් නොවුන තැන යමරජු පැවසුයේ මේ නිර්සත්වියගේ නිහඩතාවයෙන් පෙනී යන්නේ එම චෝදනාවට තමා වරදකාරිය බවයි. මේ පිලිබදව තම අවදානය යොමු කරන මෙන් ජූරියේ යමයින්ට මම අවධාරනය කරනවා.
මීලගට අනෙකුත් සාක්ෂිකරුවන් කැදවනු යැයි හඩනගා පවසනු ඇසිනි.
*******මතු සබැදි*******

පසු සටහන
අද කතාව කෙටියෙන් අවසන්කිරීමට සිදුවීම පිලිබදව කණගාටුවෙමි. ලබැදි රාජකාරි මිතුරකුගේ අවසන් ගමනකට සහබාගීවීමට ගංවතුරේම කුරුණෑගල ගනේවත්තට ගොස්  යලිත් පෙරලා එනවිට දැනගන්නට ලැබුනේ මේ වන සටහන තබනා මොහොත වනවිට(2016/05/17 වන දින 11:30 පැයට පමණ) ගම්පහ නගරය හා අවට අතුරු මාර්ග මෙන්ම නිවසට යන මාර්ගයන්ද හතරවටින් ජලයෙන් යටවෙමින් පවතින බවයි.
ඒ නිසා ඉදිරි දිනයන්හි අන්තරජාලය හා විදුලිය පිලිබදව විශ්වාස කල නොහැකි නිසා පෙරලා එන අතරතුර මිශ්‍ර දුම්රියේ සිටි මා මිත්‍ර‍ ප්‍ර‍ධාන නියාමක මහතාගේ කාරුණික අනුග්‍ර‍ය මත ඔහුගේ නිලමැදිරියේ මේසය මත ලැප තබාගෙන ඉතිරිකොටස ලියා අවසන්කර  ස්වයංක්‍රීය ආකාරයට පලවන ලෙස සකස්කලෙමි. 

ඒ වගත් මෙසේම අද දුම්රියේ ගාඩ්පෙට්ටියක සිට පහුරු ගෑ මම සුදුපූසා වෙමි...

12 comments:

  1. මරු කතාවක්,,,ඔක්කොම කොටස් ටික බලන්ට ඕනේ..

    ReplyDelete
    Replies
    1. හිමින්සැරේ ඉතුරු ටිකත් කියවන්න. මේ පැත්තට ගොඩ උනාට ස්තූතියි.

      Delete
  2. Replies
    1. මේ පැත්තට ආවට ස්තූතියි

      Delete
  3. දුම්රිය එංජිමේ හෝ නියාමක මැදිරියේ ගමන් කිරීම අපායට යන්න පුලුවන් වැරැද්දක් නොවේද???
    ඊලග කොටහවත් දිගට ලියමුකෝ පූස් මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. නියාමක මැදිරියේ කෙසේ වෙතත් ලිභිත අවසරයකින් තොරව එංජිමේ නම් යන්න බෑ සාමාන්‍ය නීතියේ හැටියට.
      මම ආපු එකේ එංජිමේ සහා නියාමන මැදිරියේ කියන දෙකේම හිටියේ මගේ යාලුවෝ දෙන්නෙක් ඇනෝ
      ඊලග කොටහ ඉක්මනටම දෙන්නම්

      Delete
  4. I love this story. Awaiting to read the next part.

    ReplyDelete
  5. //සැබැවින්ම ඔබ යමෙකුට ආදරය කලානම් ඔහු වෙනුවෙන් පෙනී සිටින්නට ඔබට හැකියාව තිබිය යුතුයි. එබැවින් යුෂ්මතිය හසරංග නැමැති මේ නිර්සත්වයාට බොරු කලායැයි මම යෝජනා කරනවා.//
    //ඉන්පසු ඇතිවූයේ නිහඩතාවයකි.ඇයගෙන් කිසිදු පිලිතුරක් නොවුන තැන යමරජු පැවසුයේ මේ නිර්සත්වියගේ නිහඩතාවයෙන් පෙනී යන්නේ එම චෝදනාවට තමා වරදකාරිය බවයි//

    නිහඩතාවය වැරැද්ද පිලිගැනීමකට වැඩිය අසරණ කමයි. හසරංග ඒක තේරුම් ගනියි කියලා හිතුවට එයා තේරුම් ගත්තෙ නෑ. මේ ලෝකෙ වගේම අපායෙත් නිහඩතාවය වැරැද්ද පිලිගැනීමක්....;( අන්තිමේදි යම රජිජුරුවන් වත් ඒක තේරුම් ගත්තෙ නෑ එහනම්.....
    -සුභා-

    ReplyDelete
    Replies
    1. ප්‍ර‍ථමයෙන්ම අදහසට ස්තූතියි
      නිහඩතාවය අවස්ථා දෙකක් නිසා වෙන්න පුලුවන්. තමා වැරැද්දක් කල බව පිලිගැනීම නිසා හා තම අසරණබාවය මත.
      හසරංග ඒක තේරුම් ගත්තද නැද්ද කියලා අපි බලමු ඉස්සරහට මොකද අවසානය දැන් අත ලගයි.
      අපායේ මහාධිකරණයේ ජූරියට තියෙනවා හිත් කියවීමේ අපූරු බලයක් ඒක තිසා හොර බොරු කරන්න බෑ.
      බලමු යම රජ්ජුරුවෝ මොන තීන්දුවක් දෙයිද කියලා.. රැදී සිටින්න දිගටම

      Delete
  6. මේක සිතින් මවා ගත්තු කතාවක් කියලා කියවගෙන ගියාට මගේ හිත කියන්නෙම මේක යම්දුරකට සත්‍ය කතාවක් කියලයි.ඕකේ කියවුන සාලියවැව කරුවලගස්වැවැ රාජාංගනය පැත්තේ මගෙත් යාලුවෝ ඉන්නවා යාය 04,යාය 13 ඔය සාලියවැව හන්දියේ පතිරණ ෂෙඩ් එකේ මැනේජර් මගේ යාලුවෙක්.
    පේරාදෙණිය කම්මලේ මම 92-96 හිටිය කෙනෙක් ඇතුලේ විස්තරත් ඔබ හරියටම ලියලා තියෙනවා.
    රොයිටර් ගෑනිව කටුඉබුලේ නග්ගන්න ඔනේ.යම රජ්ජුරුවෝ වත් නිවරදි තීන්දුවක් දෙයි කියලා හිතනවා.
    ඒවගේම දුක්බර අවසානයක් නොවේවා කියලා පතනවා පූසෝ
    ---මම විශ්මකර්ම---

    ReplyDelete
    Replies
    1. මම ඔය පැත්ත එච්චර හොදට දන්නේ නෑ අපෙත් යාලුවෙක් ඉන්නවා යාය 13 පැත්තේ නම්.පතිරණ ෂෙඩ් එක ගැනනම් කිසිම මතකයක් නෑ.
      සත්‍යකතාවක්ද නැදිද කියලා දෙගිඩියාවක් ඇතිවෙනවානම් මම හිතනවා මගේ ලිවීම සාර්ථකයි කියලා
      විශ්වකර්ම වගේම මගේ ප්‍රාර්ථනාවත් දුක්බර අවසානයක් නොවේවා කියලා තමා. අපි බලමු අවසානයේ කුමක්වෙයිද කියලා රැදී සිටින්න....

      Delete