අමෙරිකන් නාවික හමුදාවේ නවතම ස්ටෙල්ත් ප්‍රහාරක නෞකාව

USN Zumwalt - US Navy Stealth Destroyer

ඔබ ස්ටෙල්ත් ප්‍රහාරක යානා හා බෝම්බ හෙලන යානා ගැන අසා තිබෙනවා. එහෙත් ස්ටෙල්ත් නෞකා ගැන අසාතිබෙනවාද? හඳුනාගන්න යූ.එස්.එන් සම්වෝල්ට් - අමෙරිකන් නාවික හමුදාවේ නවතම ඩිස්ට්‍රෝයර් කාණ්ඩයේ ප්‍රහාරක නෞකාව.


රේඩාර් තරංග නැවත පරාවර්තනය අවම වන ලෙස නිර්මාණය කොට ඇති මෙහි රේඩාර් ඡායාව (radar signature) සාමාන්‍යයෙන් මෙවැනි විශාලත්වයෙන් යුතු නෞකාවක රේඩාර් ඡායාවට වඩා 50 ගුණයකින් කුඩා වනවා. ඒ අනුව සතුරු නෞකාවල රේඩාර් මෙහෙයුම්කරුවන් (radar operators) මෙය යුධ නෞකාවක් නොව ඈතින් යන මාලු අල්ලන ට්‍රෝලර් යාත්‍රාවක් යයි රැවටෙන්නට ඇති ඉඩකඩ බොහෝයි.

අඩි 600ක් දිග, පුළුල්ම ස්ථානයේදී අඩි 80ක් පලල සම්වෝල්ට් නෞකාව අධිතාක්ශණික උපාං රාශියකින් සමන්විත නිසා සාමාන්‍යයෙන් මෙවැනි යුධ නෞකාවක සිටිය යුතු නාවිකයන් ගණනට වඩා බොහෝ අඩු නාවිකයින් ගණනකින් මෙය මෙහෙයවිය හැකියි.

රෝල්ස් රොයිස් ගෑස් ටර්බයින් එන්ජින් දෙකකින් බලගැන්වෙන මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 56ක් නැතිනම් පැයට නාවික සැතපුම් (නොට්) 30ක්.

අවිආයුධ

කිලෝමීටර් 160ක් ඈත ගොඩබිම් ඉලක්කවලට විදිය හැකි ගයිඩඩ් මිසයිල
සී ස්පැරෝ නෞකා නාශක මිසයිල
ටොමහෝක් කෲස් මිසයිල
සබ්මැරීන නාශක රොකට් වෙඩි
ස්වයංක්‍රීයව ඉලක්කය සොයගන්නා මිලිමීටර් 155 මැෂින් තුවක්කු 2ක්
මිලිමීටර් 57 මැෂින් තුවක්කු 2ක්

ගෙනයා හැකි හෙලිකොප්ටර් යානා

SH-60 Seahawk නාවික හෙලිකොප්ටර් යානා දෙකක්
MQ-8 Fire Scout  රොබෝ හෙලිකොප්ටර් යානයක් යානා තුනක්

SH-60 Seahawk

MQ-8 Fire Scout රොබෝ හෙලිකොප්ටර් යානය


__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments