Wednesday, May 11, 2016

කැලයට ගෙනහිල්ලා දුෂණය කරපු එකාටම සිසුවිය බාර දීලා. බාප්පා පොලීසියේ නිසා ?


ඇය 18 හැවිරිදි, උසස් පෙළ හදාරන ශිෂ්‍යාවකි. අපේ‍්‍රල් 23 සවස අසල කඩයට ගියේ මදුරු කොයිල් ජෝඩුවක් හා බොම්බයි `ඵෑණු 250 ක් ගේන්න. නමුත් ඇය ගෙදර ආවේ නැත. පොලීසියේ පැමිණිලි කළ විට, 18 ට වැඩි නිසා පැනලා යන්න ඇතැයි කියා, මව එළවාගෙන.

පියා ගොවියෙකි. ඔහු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය ට, පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට පිටපතක් සහිතව යවන ලද ලිඛිත පැමිණිල්ලෙන් සියල්ල පැහැදිළිවනු ඇත.

‘‘දියණිය පැහැරගෙන ගොස් ,දින 14 ක් රඳවාගෙන දුෂණය කිරීම.
අවු: 18 යි, මාගේ දියණිය වේ. පාසල් ශිෂ්‍යාවකි, 12 වසරේ ඉගෙනුම ලබයි. 2016 අපේ‍්‍රල් මස 23 වන දින මාගේ දියණිය, රාත‍්‍රී 7.00 ට පමණ, අසල පිහිටි කඩයට, ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගෙන එ්මට යැව්වා. ප‍්‍රමාද නිසා, බිරිඳ කඩයට ගොස් විපරම් කළ විට, බඩු අරගෙන ගිය බව කඬේ අයිතිකරු පවසා තිබෙනවා. සොයා බැලීමේදී අසල්වැසියකු, දියණියව රැගෙන ගිය බව දැනගෙන. 
බිරිඳ එ් අවස්ථාවේදීම සාලියවැව පොලීසියට ගොස් පැමිණිල්ලක් දැමීමට උත්සාහ ගෙන තිබුණා. නමුත් පැමිණිල්ල බාරගෙන තිබුණේ නැහැ. නමුත් ඇය සමග සාලියවැව පොලිස් ස්ථානාධිපති අප නිවස අසලට පැමිණ, පැහරගෙන ගිය අයගේ දුරකථන අංකය ලබාගෙන ඇමතුමක් ලබා දුන්නා. ඔහු ස්ථානාධිපතිවරයාට ප‍්‍රකාශ කර තිබුණා දියණිය සමග ජාඇලට පැමිණ ඇති බව. එවිට වේලාව රාත‍්‍රී 8.00 ට පමණ ඇති.

නමුත් දියණියට කතාකරන්න ඔහු (පැරගෙන ගිය අය)ඉඩ ලබා දුන්නේ නැහැ. ස්ථානාධිපති, දියණියව අරගෙන ගොස් ජාඇල ඉන්නේ කොහේද කියා විමසුවේ නෑ. එපමණක් නොව පැයකින් ගියේ කොහොමද කියාවත් ඇසුවේ නෑ.

ස්ථානාධිපති ඔහුට කිව්වා, උඹ කොහේ හිටියත් කමක් නෑ, කෙල්ලව අරන් පොලීසියට වරෙන් කියා. ඊට පසු බිරිඳට කිව්වා, කැමති නම් පොලීසියට ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න කියා.  ස්ථානාධිපති කිව්වා එ්ක බොරු වැඩක්, (පැමිණිලි දාන එක)ළමයා කැමැත්තෙන් පැනලා ගිහිල්ලා තියෙන්නේ, වයස හරිනේ කිව්වා.

එ්ත් බිරිඳ සමග මම ද, සාලියවැව පොලීසියට පැමිණිල්ල දැමීමට ගියා. පැමිණිල්ල බාර ගත්තා එවිට රාත‍්‍රී 10.00 ට පමණ ඇති. නමුත් දියණිය ඉන්න තැනක් ගැන හොයන්න උත්සාහ ගත්තේ නෑ. ඉතා කෙටි කාලයකින් ජාඇලට යා නොහැකි බව වත් පිළිගන්න සූදානම් වුණේ නෑ.

පසුදින, 2016.04.24 දින උදේ, 5.30 ට පමණ කඩය අවට බලන්න ගියා. මන්ද, රාත‍්‍රියේ කඬේ  අයිතකරු ගෙදරට ඇවිත් දියණිය මිළදී ගත් මදුරු කොයිල් ජෝඩුව වැටිලා තිබුණා කියා ගෙනත් දීපු නිසා.

බිරිඳ අවට සෝදිස්සි කිරීමේදී ඇය මිළදී ගත් ලොකුඵෑණු හා ඉතිරි මුදල් අවට විසිරී තිබෙණු දුටුවා. එ් වාගේම කඩය ළඟ සිට මීටර් 20 ක් දුරට ඇදගෙන ගිය පාරවල් තිබුණා. එ් දිගට තමයි මුදල් විසිරී තිබුණේ. එ් වෙලාවේ බිරිඳ සාලියවැව පොලීසියට දුරකතනයෙන් විස්තර පවසා සිටයා. ටික වේලාවකින් පොලීසියේ දෙන්නෙක් පැමිණියා. එම නිලධාරීන්ට සියල්ල පෙන්නා සිටියා. අසල වැටී තිබූ රෙදි කෑල්ල ද පෙන්නා පොලීසියට බාර දුන්නා. නමුත් අපට තියා ගන්න කියා ආපසු දුන්නා.

එයින් පසුව දවල් 11.00 ට විතර, පොලිස් නිලධාරීන් තුන්දෙනෙක් පැමිණියා. ඔවුන් ස්ථානය පරීක්ෂා කර සටහන් ලියා ගත්තා. එ් අතර එක් පොලිස් නිලධාරියෙක් පැහැරගෙන ගිය අයට  දුරකතනයෙන් කතා කළා. ඔහු  සමග කතා කරන ගමන් ඈතට ගියා. ඔහු  කතා කර අවසානයේ හොයලා වැඩක් නෑ, කැමැත්තෙන් ගිහිල්ලා තියෙන්නේ යයි අපට කිව්වා.

ඔහු කිව්වා, එයාලා හවස පොලීසියට එයි, ඔයාලාත් පොලීසියට එන්න කියා. හවස 5.00 ට විතර පොලීසියට ගියා. දියණිය හා පැහැරගෙන ගිය අය පොලීසියට ඇවිත් හිටියේ නැහැ. පොලීසියෙන් කිව්වා අවාම, දැණුම් දෙන්නම් යන්න කියා. එ් අනුව අපි ගෙදර ආවා.

රාත‍්‍රී 8.00 ට පමණ පොලීසියෙන් දුරකතන පණිවුඩයක් දුන්නා, එන්න කියා. මමත් බිරිඳත් ගියා.  අප යන විට, දියණිය, ඇය රැුගෙන ගිය අය හා ඔහුගේ නෑදෑයන් පිරිසක් පොලිසියට ඇවිල්ලා හිටියා. ඊළඟ දවසේ ප‍්‍රකාශ ගන්නා විට පැහැරගෙන ගිය අයගේ  බාප්පා කෙනෙකු වන, මීට පෙර සාලියවැව පොලීසියේ හිටිය සැරයන් සමන් ද එතැන හිටියා.

පොලීසියේ දී ස්ථානාධිපති ඇතුලූ නිලධාරීන් අඩි හප්පමින් අපට දෝශාරෝපණය කරන්න පටන් ගත්තා. දියණිය කැමැත්තෙන් පැනලා ගිහින් තියෙන්නේ කියමින් අඩි හප්පමින් තර්ජනය කළා. එ් අවස්ථාවේ හැමෝම ඉදිරියේ බිරිඳ දියණියගෙන් ඇහැව්වා කැමැත්තෙන්ද ගියේ කියලා. එවිට දියණිය ”ඔව්” කිව්වා. නමුත් දුව හිටියේ බයෙන්. ඇඟ සීතල වෙලා තිබුනා. 

එ් අවස්ථාවේ නැවත නැවත අපට ෙදාස් පවරමින්, බිරිඳට කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසට බලපෑම් කළා. නමුත් අප එයට එකඟ වුණේ නෑ. දියණියව, පැහැරගෙන ගිය අයටම  බාර දුන්නා.

2016.05.05 වන දින, බිරිඳ දියණියට හා පැහැරගෙන ගිය නිවසට ආරාධනා කොට ගෙන්වාගෙන තිබුණා. එදින දියණිය බිරිඳට පවසා තිබුණා කැමැත්තෙන් ගිය බව ප‍්‍රකාශ කළේ ”බයට” බවත්, තමා ඉන්නේ කැමැත්තෙන් නොවන බවත්. නැවත දියණිය ව පැහැරගෙන ගිය අයගේ නිවසට ගෙන ගියා.

පසුදින 2016.05.06 දින, උදේ 9.00 ට දියණිය නිවසට පැමිණියා. එ් අවස්ථාවේ දියණිය ආපසු පැහැරගත් අයගේ නිවසට යෑමට නොහැකි බව කියා සිටියා. ටික වේලාවකින් පැහැරගත් අයගේ  පවුලේ උදවිය පැමිණියා, දියණියව රැුගෙන යන්න උත්සාහ ගත්තා. නමුත් දියණිය යන්න බෑ කිව්වා. ඔවුන් සාලියවැව පොලීසියට ගියා. මා හා බිරිඳ ද පොලීසියට ගියා. ඔවුන්ගේ  පැමිණිල්ල පමණක් ලියාගෙන අපට කිව්වා දියණියව පොලීසියට  රැුගෙන එන්න කියා. අප දියණියව පොලීසියට රැුගෙන ආවා. එහිදී නැවත පැහැරගත් අයගේ හා දියණියගෙන් ප‍්‍රකාශ ගෙන, පොලීසිය දියණියට කිව්වා, කැමති කෙනෙක් තෝරාගෙන යන්න කියා.

දියණිය අප සමග පැමිණියා. දියණිය අසනීප ගතියක් පෙන්නුම් කළා. 2016.05.07 දින අප ඇයව, පුත්තලම දිසා මහ රෝහලට ගෙන ගියා. ඇයව නවත්වා ගත්තා. පරීක්ෂණවලට භාජනය කළා. රෝහල් පොලීසිය ප‍්‍රකාශ ලබා ගත්තා. සාලියවැව පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිණියක් පැමිණ ප‍්‍රකාශ ලබාගත්තා.

මා පසුව දැනගත්තා, පොලීසිය දියණියට බලපෑම් කර තිබෙන බව සහ පුත්තලම රෝහලේදී රෝහල් පොලීසියේ නිලධාරියා දියණියට බැන තර්ජනය කර තිබෙන බවත්; 2016.05.06 වන  දින සාලියවැව පොලිසියේ (පිරිමි)නිලධාරියකු විසින් ලබාගත් ප‍්‍රකාශයකට හා පුත්තලම රෝහලේ දී සාලියවැව පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිණියක් ගත් ප‍්‍රකාශයකට දියණිය සියලූ විස්තර කියා තිබෙන බව. නමුත් ප‍්‍රකාශය කියවා තේරුම්කර නොදී අත්සන් ගෙන ඇති බවත්;

දියණියව රැුගෙන ගොස් තිබුණේ අසල කැලයකට. එම කැලය තුළ රඳවාගෙන ඇය දුුෂණකර ඇති කරුණ පිළිබඳව සොයා බලා නැති බවත්; එමෙන්ම, ඇයව රඳවා ගෙන ඇති කාලය තුල ඇයට ”මිතුරී” පෙති බීමට දී ඇති බව ද, ඇයට යටි බඩ රිදෙන විට, වමනය යන විට, සාලියවැව හංදියේ, වෛද්‍ය සමරසිංහ ගේ  ඩිස්පැන්සරියට ගෙන ගොස් බෙහෙත් ලබා දී ඇති බව. මෙයට පෙර ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට මොහු ක‍්‍රියා කර තිබෙන බව. මේ කිසිවක් සොයා බැලීමට සාලියවැව පොලීසිය පියවර ගෙන නොමැති බව. තවද, මාගේ දියණිය කලක් ඔහු සමග පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකරගෙන තිබූ බව පවසමින් එ් පදනම මත දියණියව පැහැරගෙන යෑම සාධාරණීකරණය කළ බව; කැලයේ දී හා රඳවා ගෙන හිටිය කාලයේ දී, බලෙන් අරගෙන ආපු බව කිව්වොත් නංගිලාට කරදර කරන බවට හා පොලීසියේ ඉන්න බප්පාට කියලා මාව හිරේට දාන බවට තර්ජනය කළ බව; 

එමෙන්ම, දියණියව පැහැරගෙන යෑමට උදව් කළ මහතුන්, ලතික හා දිනේෂ් යන අය පිළිබඳවත් පැහැරගෙන යෑමට භාවිතා කළ ත‍්‍රීරෝද රථය පිළිබඳවත් සියලූ තොරතුරු පොලීසියට පැවසුව ද එ් කිසිවක් පිළිබඳව අවධානය යොමු නොකළ බව;’’

ඉහත සියලූ කරුණු යටතේ, දියණියව පැහැරගෙන යෑම පිළිබඳව පොලීසිය නිසි පියවර නොගැනීම සහ ඇය කැමැත්තෙන් ගිය බවට බලපෑම් කර ප‍්‍රකාශ ලබා ගැනීම මගින් අපරාධයක් වසන් කිරීමට, සාලියවැව පොලීසිය ක‍්‍රියා කර ඇති බවට පියා චොදනා කර සිටි. 

1 comment: