Instagram හැක් කරලා ඩොලර් 10,000ක තෑග්ගක් දිනාගත් අවුරුදු 10යේ කොළු පැංචා.



ජෑන් ෆින්ලන්තයේ ජීවත්වන අවුරුදු 10ක් වයස කොළු පැංචෙක්. බාලවයස්කාරයෙකු නිසාම ෆින්ලන්තයේ නීතියේ හැටියට මෙයාගෙ වාසගමවත්, ඡායාරූපයක්වත් ප්‍රසිද්ධ කරන හැකියාවක් නෑ. ඒත් වයස 10ක් වුනත් මෙයා රජ වැඩකාරයෙක්. ජෑන් පරිගණක ජාල හැක් කරන්න ඉගෙනගෙන තියෙන්නේ තනිවම, යූ-ටියුබ් වීඩියෝ බලලා ඒවා තනිවම අත්හදා බලමින්.

මෙයාට ඉන්ස්ටග්‍රෑම් ඡායාරූප සේවය හැක් කරන්න හිතිලා තියෙන්නේ නරක චේතනාවකින් නෙමෙයි. ඉන්ස්ටග්‍රෑම් සේවාවේ අයිතිකාර සමාගම වන ෆේස්බුක් සමාගම තමන්ට අයිති පරිගණක සේවාවල හරි පරිගණක ජාලවල හරි ලොකු දුර්වලතා තියෙනවානම් ඒවා පෙන්නලා දෙන හැකර්වරුන්ට ඩොලර් 10,000ක තෑග්ගක් දෙනවා කියාලා ප්‍රසිද්ධ කරලා තියෙනවා.

"Bug Bounty Program" කියලා ෆේස්බුක් සමාගම හඳුන්වන මේ වැඩසටහනේ අරමුණ තම සමාගමේ අතිදක්ශ පරිගණක ඉන්ජිනේරුවන්ට පවා සොයාගත නොහැකි ජාල දුර්වලතා හා ආරක්ශක උපක්‍රමවල දුර්වලතා හොයාගන්න හැකර්වරුන්ගේ සහය ලබාගන්න.

මේ වැඩසටහන ගැන දැනගත් ජෑන් විවේක තියෙන වෙලාවට ඉන්ස්ටග්‍රෑම් ඇප් එක පරීක්ශාවට බඳුන් කරද්දි එයාට හමුවෙලා තියෙනවා ඔනෑම කෙනෙකු ඉන්ස්ටග්‍රෑමයට එක් කරපු පෝස්ටුවක් කිසි අපහසුවකින් තොරව මකාදමන්න පුලුවන් විධියක්. මේක හොයාගත්ත ජෑන් ඒ පිලිබඳව ෆේස්බුක් සමාගමට දැනුම් දුන්නම ඒයාලා ජෑන්ට චැලෙන්ජ් එකක් නැතිනම් අභියෝගයක් දීලා තියෙනවා.

තමන් ලබාදෙන ඕනෑම ඉන්ස්ටග්‍රෑම් ගිණුමක තියෙන පෝස්ටුවක් මකලා පෙන්නන්න කියන එක තමයි ෆේස්බුක් සමාගම ජෑන්ට දීපු අභියෝගය. ඒ අනුව ෆේස්බුක් සමාගම ලබාදීපු හැම ගිණුමකම පෝස්ටු කිසිම අපහසුවකින් තොරව මකාදාල තමන් හොයාගත්ත දුර්වලකම සැබෑ එකක් බව ඔප්පුකලාට පස්සෙ පොරොන්දුවූ පරිද්දෙන්ම ෆේස්බුක් සමාගම ජෑන්ට ඩොලර් 10,000ක චෙක් පතක් පිනිනමලා තියෙනවා.

කොහොමද ටිකිරි මොලේ??
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com  


GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments