අලුත්ම features රැසක් සමගින් PC සහ Mobile සදහා Windows 10 build 14328...

අලුත්ම features රැසක් සමගින් PC සහ Mobile සදහා Windows 10 build 14328 මුදා හරියි

3664
0
SHARE

Fast ring පාරිභෝගිකයන් වෙනුවෙන් Microsoft සමාගම windows 10 insider preview එක පසුගියදා මුදා හරිනු ලැබුවා. මෙහි විශේෂත්වය වනුයේ අලුත්ම පහසුකම් රැසක් මේ සමගින් මෙය මුදා හැරීමයි. මෙහිදී Ink workspace එකෙහි සිදු කරන ලද වෙනස්කම් සැලකීමේදී අලුත් start experience, action center, task bar එකෙහි සිදු කරන ලද වෙනස්කම් වඩාත් සුවිශේෂී වෙනවා.

 

මීට අමතරව සිදු කරන ලද අනෙකුත් වෙනස්කම් වනුයේ

  1. updated start experience
  2. ඔබගේ Lock Screen එක මත වුවද cortana භාවිතා කර හැකි වීම සහ search improvements
  3. Action Center එකෙහි සහ notifications වල සිදු කරන ලද වෙනස්කම්
  4. Taskbar සහ settings සදහා කරනු ලැබූ updates
  5. Virtual desktops touch pad එක භාවිතා කරමින් switch කල හැකි වීම.
  6. Lock Screen එකෙහි සිදු කරන ලද improvements.
  7. Update කරන ලද UAC dialog user interface සහ credentials, skype හි UWP preview app සහ file explorer
  8. Japanese IME එකෙහි සිදු කර ඇති improvements.

 

Insider devices එකිනෙකට in-line කරමින් මෙම build එක PCs සහ phones යන වර්ග දෙක වෙනුවෙන්ම ලබා දී තිබෙනවා. මීට දින කීපයකට පෙර windows 10 Mobile devices වෙනුවෙන් build 14327 ලබා දෙනු ලැබුවා. මෙහි ඇති වඩාත් වැදගත් කරුණ වනුයේ අලුත් පහසුකම් බහුතරයක් desktop වෙනුවෙන් මුදා හැරීමයි. 😀
ඔබ Fast ring පරිභෝගිකයෙක් නම් Windows update හරහා නවතම build එක download කරගැනීමට හැකියාව පවතිනවා.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY