Friday, April 29, 2016

අවසන් නිමේෂය




හුස්ම ගිලිහෙනා වූ
අවසන් නිමේෂයක,
අංශු කැබලිති වලට
විසිරී,
බිඳෙන්නට
ආත්මය'යැයි කියා
දෙයක් වේනම්,
එකී සියලු අංශු තුල
අතැර දමා
යා නොහිව
ලතවෙනා,
අල්පයක් වූ
නාම මාත්‍රිකයින් අතර
ඔබ
ඉහළින්ම
හිඳිනු ඇත...

~ ග්‍රීඩි රයිටර් ~


2 comments:

  1. ලේ, ඇටමිදුලු පසා කරගෙන
    ප්‍රේමය
    සෛල-න්‍යෂ්ටි ඇතුලටත්
    කාන්දු වෙන්ට
    දුන්නාම නුඹට,
    අනේ මට නිදහසේ මැරෙන්ටවත් නොදෙන හැටි...

    ReplyDelete
  2. මොහොතක්
    මොහොතක් පාසා
    අවැසිනම්
    මියැද‍ෙන්නට
    හොඳම තැන
    ඒතැනයි
    ප්‍රේමයක මුල

    ReplyDelete