Tuesday, April 12, 2016

ඔබ සැමට සුබ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා




ලක්වාසී ඔබ සැමට ලබන්නාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, සාමය සතුට සහ සෞභාග්‍ය සපිරි ශ්‍රී සුබ අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගම වන Prime Lands Group හි ගරු සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මැතිතුමා, නියෝජ්‍ය සභාපතිනි සඳමිණි පෙරේරා මැතිණිය, අධ්‍යක්ෂක මණ්ඩලය සහ Prime Lands Group කාර්ය මණ්ඩලයේ සියළුම දෙනා විසිනි.

එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ නැකැත් වේලාවන් ඔබගේ පහසුව පිණිසම අප මෙළෙසින් අන්තර්ජාල ගතකරන්නෙමු. 

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 13වන බදාදා අපර භාග 7.48ට සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවන වගයි...



පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13වන බදාදා අපර භාග 1.24 සිට අප්‍රේල් මස 14වන බ්‍රහස්පතින්දා පූර්වභාග 2.12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13වන බදාදා අපර භාග 1.24ට පෙර ආහාර පාන ගෙන සියළු වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, අප්‍රේල් 13වන දින අපර භාග 7.48 සිට අප්‍රේල් 14වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 2.12 දක්වා ලිප ගිනි මෙළවීම, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ආහාර අනුභවය යනාදී චාරිත්‍ර ඉටු කිරීම මැනවි...



ලිප ගිනි මෙළවීම

අප්‍රේල් මස 13වන බදාදා දින අපර භාග 8.06ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා, ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ මුං ඇට මිශ්‍ර කැවිලි ආහාරයක් පිළියෙල කරගැනීම මැනවි...



වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය

අප්‍රේල් මස 13වන බදාදා දින අපර භාග 8.54ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, සියළු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි...


හිස තෙල් ගෑම

අප්‍රේල් මස 16වන සෙනසුරාදා දින පූර්ව භාග 10.41ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී,
බටහිර දිශාව බලා, හිසට නුගපත් ද පයට කරඳපත් ද තබා නුගපත් මිශ්‍ර නානුද තල තෙල්ද ගා ස්නානය කිරීම මැනවි...



රැකිරක්ෂා සඳහා පිටත්ව යාම

අප්‍රේල් මස 18වන සඳුදා දින පූර්ව භාග 6.27ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දීකිරි මිශ්‍ර කිරිබත් අනුභව කර, නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම මැනවි...



ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

No comments:

Post a Comment