Microsoft Edge වලට Google WebM එකතුවන ලකුණු

Microsoft Edge වලට Google WebM එකතුවන ලකුණු

2037
0
SHARE

Windows 10 Anniversary Update එක ලගදීම නිකුත් වන්නට නියමිතයි. මේ Update එකත් එක්ක Microsoft Operating systems වලට බොහෝ features අලුතින් එකතු වන්නටත් නියමිතයි. මේ කියන්නේ එහෙම එකතු වන්නට නියමිත features අතුරින් Microsoft Edge සදහා එකතු වන්නට නියමිත update එකක් ගැනයි. ඒ Edge සදහා Google WebM video format එක support කරන්නට දියුනු කරන බව පැවසෙනවා.

මෙහි WebM මෙන්ම VP9 සහ Opus යන codecs තාක්ෂණයන්ද අතුලත් වෙනවා. මෙමගින් online Videos සදහා ඉක්මන් ප්‍රතිචාර දැක්වීම මෙන්ම අඩු වේග අන්තර්ජාල පහසුකම් ඇතිවිටදීත් හොදින් online Videos නැරබීමේ හැකියාව මේ තාක්ෂණයන් හරහා ලැබෙනු ඇත. මෙම WebM video format එක youtube වැනි බොහෝ වෙබ් අඩවි ගණනාවකම පාවිච්චි වන බැවින් Edge හරහා මෙම වෙබ් අඩවි සමග සම්බන්ධ වීමේදී වැඩි කාර්යක්ෂමතාවක් දැක්වීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත. Microsoft සමාගම Edge Browser එක සදහා මෙම feature එක එකතු කරන්නට උත්සුක වූයේ ඒ නිසයි.

Microsoft සමාගම WebM, VP9 සහ Opus සදහා Edge ප්‍රතිචාර දක්වන බව කියා සිටියේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේයි. නමුත් මේ දක්වා එය දක්නට ලැබුනේ නැහැ. නමුත් Redstone build එක සමග දක්නට ලැබුනු අලුත්ම Edge version එකේදී WebM support කිරීමත් codecs ක්‍රියාත්මක වීමත් දක්නට ලැබුනා. කෙසේ වුවත් එය තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේයි.

ඔබට මෙම පහසුකම ඔබේ පරිඝණකයේ ඇත්දැයි පරීක්ෂා කර බැලිය හැකියි. පලමුවෙන්ම ඔබේ Edge version එක 14.14291 හෝ ඊට පසුව පැමිණි version එකක්දැයි පරීක්ෂා කරන්න. මෙහි අවසාන අංක කිහිපය Windows 10 insider build එක අනුව වෙනස් වේවි. පසුව ඔබ කලයුත්තේ about:flags යන්න Address bar එකෙහි type කර enter කිරීමයි. පසුව එහි ඇති Media Source යන්න යටතේ ඔබට මෙම පහසුකම enable වී ඇත්දැයි දැනගත හැකියි.

විශේෂයෙන් VP9 video codec පවතින්නේ Windows 10 desktop build එකෙහි පමණයි. මන්ද video software decoding ක්‍රියාවේදී device එකෙහි battery භාවිතාව ඉහල යන බැවිනි. තවමත් මෙම වෙනස්කම් Windows 10 mobile build එකට ඇතුලත් කිරීම සම්බන්ධව පැහැදිලි කර නැහැ. කෙසේ වෙතත් මෙම පහසුකම Windows 10 Anniversary Update එකත් සමග desktop devices වලට පැමිණේවි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY