Sunday, April 24, 2016

ආත්මය සොයා යෑම

නිර්නාමික වූ හැන්දෑවක,
ලෝහිත අහස් වියන යටින්
ඇවිද යමි,
සොහොන් කොත සොයා
මවිසින් මා මිහිදන් කල...
මට ද කාලයට ද
අමතකව ගිය
රළුව කෙටූ අකුරු වැලක්
ඇති සොහොන් ගලකි,
මගේ අයිතිය සටහන් කල...
දණ ගසා වැලපුනෙමි,
සිහි නොවන හෙයින්
මිහිදන්ව ඇති මගේ ආත්මයේ
හැඩරුව, 
ධවල අරලියා මල් ඇතිරිල්ල උඩ.....

1 comment:

  1. අන්තිමට අපි හැමෝට ම ඉතුරු වෙන්නේ එච්චර තමා...............

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...