Pages

Sandumal

Sandumal

Friday, April 22, 2016

•හිම දියවී හිමාලයේ

"ඉඩ දී දෙන්නට දඩුවම් දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..
 ගිලිහී ගියදෙන් මිණි කැට දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.."





කප් සුවහසක් තරම් වූ කාලයක් තිස්සේ බලා සිටි ඒ සොඳුරුතම දිනය උදාවිණි. අනන්තයක් තරම් සිහින මැවූ, කප්පරක් තරම් පැතුම් පිරූ ඒ නිමේෂය පිළිබඳ නැවුම් බීජය රෝපණය වී හරියටම දස වසරකට පසු ඉඩෝරය නිමාවී නැවුම් රිකිල්ලක් සමඟ මහා වෘක්ෂයකට ඉහ ඔසවන ඔවුන් දෙදෙනාගේ ජීවන වෘක්ෂය අද මෙසේ මහපොලොවෙන් ඉහලට එසවීමට පටන් ගෙන තිබේ.

උරුමයක් ලෙස ලක්ෂ ගනන් වස්තු නොමැති නිසාත් ජීවිතය මුල සිටම සරලව පටන්ගත යුතු නිසාත්, සරල සොඳුරු බව නිසකලංකය සියල්ලට වඩාත් අගය කල නිසාත් පවුලේ කිහිප දෙනා පමණක් එකතු වූ ඉතාම චාම් විවාහ මංගලෝත්සවයකින් නිම වූ දෙදෙනාගෙ අතිනත ගැනීම සිදුවූයේ ගමේ පංසලේ නිසල බෝ සෙවණේදීය. ඉන් අනතුරුව දෙදෙනා වඩාත් අකමැති දේ වූයේ අනෙක් සෑම දෙනාම සිදුකරන පරිදි තමන්ගේ ජීවිතයේ වටිනාම මොහොත වන මධුසමය දහස් ගණන්ක් ගෙවා කොන්ක්‍රීට් බිත්ති හතරකින් වටවූ හෝටල් කාමරයක් අඳුරු මුල්ලට වී දින දෙක තුනක් දෙන දෙයක් කා වෙන දෙයක් බලා හිඳීමයි. එනිසාම මුල සිටම සැලසුම් කල පරිදි ඔවුන් මධුසමය සඳහා ඔවුන්ටම ආවේණික වූ වෙනස්ම මාවතක් තෝරාගත්තෝය.

ඒ අනුව ඒ සඳහා තිබූ මුදල් යොදාගනිමින් ඔවුන් සැලසුම් කලේ පුංචි චාරිකාවකි. අඩුම කුඩුම ටිකත්, ඇඳුම් බෑග් දෙකත් සමඟින් ඔවුන් ඔවුන්ගේ කුඩා මෝටර් රථයෙන් මධුසමය සඳහා පිටත් වූයේ ගමනාන්තය පිළිබඳ නිශ්චිත අරමුණකින් නොවේය. ජීවිතයේ මීළ්ඟට උදාවෙන අතිශය තරඟකාරී කාර්යබහුල ජීවන රටාව තුල සිරගතවීමට පෙරාතුව පුංචි ලංකාවේ නොදුටු දසුන් සොයා යා හැකි කදිම අවස්ථාව, මොහොත මෙය බව ඔවුන් වටහාගෙන තිබුනි, පවුල් බරි, දරු මල්ලන්ගේ වගකීමෙන් තඔරව කුරුලු ජෝඩුවක් විලස සැහැල්ලුවෙන් මෙවන් ගමනක් යා හැකි අන් දිනයක් සැබැවින්ම පැවතිය නොහැක.

එම චාරිකාවේ පළමු නැවතුම් පොල ලෙස ඔවුන්ගේ පළමු මංගල රාත්‍රිය සඳහා ඔවුන් තෝරාගන්නා ලද්දේ වස්ගමු වන උයනේ සුමුදු මහවැලි ගං තීරයයි. මහවැලි නදියේ සිහිල් දියදහරින් සන්තර්පණය වී හිරු බැස ගිය අහසේ නැඟුනු සඳ කුමරිය සෙවනේ තරුමල් අහස යට නෑඹුල් යුවල එකට ගුලිවී තුරුලු වී සිටියේ සොබාදහමේත්, ආදරයේත්, ජීවිතයේත් මිහිරියාව හදපත්ලෙන්ම විඳදරාගනිමින්ය. 

ගං ඉවුරෙහි වාඩිවී දෙපා දියෙන් දොවමින් සිටියද, හිම සීතල වෙනුවට මුලු ගතම උනුහුමින් හිරිවැටී යන්නේ සොඳුරු මන්දාලෝකයක් විහිදුවමින් ඇවිලෙන් ගිනි මැලය හේතුවෙන්ද, එසේ නොමැතිනම් දෙහදක අනුරාගී උනුහුම් රුධිර ධාරාවෙන්ද යන වග තේරුම් බේරුම් කරගැනීමට එකිනෙකාගේ දෙනෙත් වෙතම යොමුවී සිටි පෙම් යුවලට අපහසුවාක් මෙනි. 

කුඩා ගල්බොරලු මතින් සිලි සිලි හඬ නගමින් කඩිමුඩියේ ගලන මහවැලි ගං කොමලිය කිරි පෙණ පිඬු නගමින් නව යුවලට සිනාසෙමින් ආසිරි පතද්දී එකිනෙකාට තව තවත් තුරුලු වූ යුවල සැඳෑ අඳුරට මුහුව දහසකුත් රහස් මුමුණන්නට විය. කෙසේ නමුදු සිහිල් සුලං, හිම සීත ජල බිඳිති පරදා සීතල ගිනියම් වෙමින් පැවතුන බව නම් දැනහුන්නේ ඔවුන්ගේම සන්තානයන් පමණි. දුහුල් සලුවෙන් ළමැද මුවාකල මුවැත්තියගේ හදවත් ජලාශයෙහි සියුම් කැලඹිලි වලින් කිතිකැවෙන පපුතුර තව තවත් නිල් දියෙහි දිය රැලි වල උනුසුමට සතපවාගත් යෞවනයා එහි පරමානන්දය විඳගනිමින් තව තවතවත් ඇයටම තුරුලුවූයේ සලුපිලි යට හිඳිමින් අවදිවී ඔහුගේ උනුහුමෙන් කුල්මත් වූ ඇගේ හදවත් නීල ජලාශයේ පිහිනූ හංස පිහාටුවල සුවයද ගතපුරා විඳගනිමිනි. අවධිවී දඟකරන හංස පැටවුන්ගේ දඟකාරකම් වලට සිත්සේ දඩුවම් දීමට ඉඩහැර ඇය දෙනෙත් පියාගෙන තුරුලටම වී සිටියේ සිහින් කෙඳිරියකද නොනැගෙන පරිදි ඇගේ උණුසුම් දෙතොල් ඔහුගේ මුව වෙතම තබාගනිමින්ය.

සඳ එලිය ඇගේ වත මතට පැහැපත්ව වැටී තිබිණි. කහ පැහැති ඇගේ වත එලියෙන් තවත් පැහැපත් වී තිබුනේ ඇත්දළ පැහැයෙනි. ඔහුගේ බඳ මතින් වැටී දුහුල් සලුව ඉවත ඇදී නිරාවරණ්ය වී තිබූ ඇගේ සුමුදු පා සඳ එලියේ වාත්තුකල රන් කඳක් සේ දිලුණි. ඔහුගේ පහසින් ඇගේ සියොළඟම තව තවත් උනුහුම් වී රත් පැහැ වී තුබුනේ වීනස් දෙව් දුව ගං දෑලට වැඩ සිටි අයුරිනි. ඇගේ රූ සපුවේ විචිත්‍රත්වය තවමත් සඟවාගෙන සිටි දුහුල් සලුව සඳ එලිය සමඟින් පොරබඳිමින් සිටියේ සොබාදහමට ඇගේ රූ සිරිය නොපෙන්වා සඟවා සිටීමට මෙනි. නමුදු මෙයින් හෙම්බත්වී හුන්නේ සඳ එලිය, මදනළ, සොබාදම පමණක් නොවෙයි, මේ නිලංකාරයෙන් දෑස් විඩා හැර අගේ රුසිරිය සිත් පුරා, ගත පුරා විඳ දරාගැනීමට සොබාදහමටත් සඳ එලියටත් වඩා අයිතිවාසිකම් කී යෞවනයාද සිටියේ නොඉවසිල්ලෙනි.

නැත එපමණ්ක්ද නොව, මෙතරම් කාලයක් තිස්සේ තමන් සුරැකි තම සොඳුරුතම රුව, යහ ගුණ, නිර්මල ආත්මය ඔහුට පවරා දෙන්නට ඇයද උන්නේ අප්‍රමාණ නොඉවසිල්ලකින්, ආදරය, සෙනෙහස, අපරිමිත දයාබරත්වය, සදාතනික ජීවිතය, දෙදෙනාගෙන් දෙදෙනාට පවරා දීමට මීටත් වඩා කදිම සොඳුරු තවත්නම් මොහොතක් වීද..  නොඉවසිල්ලෙන් බලා හිඳි සඳ සමා වුව මැන.. ඔහුගේ නෙතඳුන් වලට පමණක් උරුම වූ ඒ මිහිරියාව සඳෙන් මුවාකල වළාකුල් සේද සළුවට අප වෛර නොකරමු, සඳ අතුරුදන් වූ මොහොතේ ගිනි මැලයේ ලා එලියෙන් මුදාහල දුහුල් සලුවෙන් නිරාවරණය වූ ඔවුන්ගේ සුමුදු සුමුදු මුදු යහන්තලාවේ ඔවුනට පරමානන්දය සොයා යාමට ඉඩදී, අපද සැඟවෙමු... ඔවුන්ගේ ලෝකයට ඉඩදෙමු.. සුබපතමු..


හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණි කැට 
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

ගායනය : අමරසිරි පීරිස්, වසන්තා තිලකාංගනී
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය : ඩැනිස්ටර් පෙරේරා


(Hima Diyawee - Amarasiri Peiries & Wasantha Thilakangani)


ගීතය අහනවනම්...


73 comments:

  1. ඇති යාන්තම් නිවාඩුවට ඇවිත් ...හිටපන් කියවලා එන්නම් ...

    ReplyDelete
    Replies
    1. නියමයි මනොෂ් ..උඹලා ලියන්නේ නැති එකනම් මාර අපරාදයක් ...
      මේ ගීතයක් ඔය සිදුවීමත් එක්ක යනවා වාගේ දැනෙනවා ...

      බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත
      සසල කරයි හද මානණියේ
      මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ
      බඳිනු තදින් හිත දේහිනියේ

      රතදර පියුමෙහි රොන්සුණු වැගිරෙත
      කෙලෙසද හැඟුමන් මැඩලන්නේ
      උතුරා යද්දෙන් රොන්කඳ මදු යාමේ
      හිමකර සෙවනේ එක හීනේ

      නුඹ සතපමි නාවා
      අමරති රණ ලෝලේ
      විපුලිත ලැම රණ හංසතුඩට කිම
      දුහුල් සළුව හිරිහැර දෙන්නේ

      වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ
      මගේ සරාගී සෝතාපා
      නුඹ රන්බඳ මා හා
      සයනිත රෑ යාමේ............

      පද රචනය : බන්දුල නානායක්කාරවසම්
      ගායනය : සමන් ජයනාත් ජිනදාස
      සංගීතය : නවරත්න ගමගේ

      Delete
    2. වතාවක් හෝ දෙකක පමණයි මෙ ගිතය අහල තියෙන්නෙ. ශෘංගාර රසයෙන්නම් හිමදියවී පරාදයි. එත් මෙතන පලවෙනි පදයෙන් මතුකරන්න හදන්නෙ මේක අභිසරු ඇසුරක් ගැන වත්ද..

      Delete
    3. මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
      උන්මාදනීය රාත්‍රියේ
      අනංග දෙවොලේ දල්වා දීපාවලී
      මධු චන්ද්‍ර යාමේ මෝදු වේ

      වරල සිකිපිල් සෙමෙර සලමින්
      නයන නිලුපුල් සුවඳ ඉසිමින්
      උර මඬල සියපත් වතින් නිති සරසා
      පි‍්‍රයයාණ හදවත තුනු සිරින් සදනු

      දෙතොල මී විත අමා පුදමින්
      දෙතන කළසින් පවස නිවමින්
      සිරියහන සුපහස තනා පුළුලූකුළේ
      පතිකුලය සුමිහිර සදා රැක වසනූ

      ගායනය - කසුන් කල්හාර
      ගී පද - සුනිල් ආරියරත්න
      සංගීතය - රෝහණ වීරසිංහ

      Delete
    4. http://www.theerthaya.info/2016/04/blog-post_17.html

      Delete

    5. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
      වලා රොදක සැගවිලා..
      අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
      අසා.. සිටිනවා...

      කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
      සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
      ඔබේ නෙත යදී...ම්...ම්.....
      මහත් වියරුවෙන්..

      සඳ‍ හොරෙන් හොරෙන්...//

      කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
      කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
      නිවාලන්න මා...ම්...ම්.....
      ඔබේ සිසිලසින්...

      සඳ‍ හොරෙන් හොරෙන්...//


      ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
      සංගීතය - ප්‍රේමසිරි කේමදාස
      ගී පද - කුලරත්න ආරියවංශ

      Delete
    6. සිතූ දේ නිවැරදියි... ස්තූතියි උපේක්ෂා ලින්ක් එක දුන්නට..

      Delete
    7. හෝව් හෝව් මේකත් අහලම පලයව්


      මී පැණි රහසක්
      ගැලුවා සුකිරි කන්දෙන්
      සීතල පහසක්
      දැණුනා සීතල නින්දෙන්
      කොපුල දෑල හාදු ගලායා
      කුමරි ළඟින් සුවඳ සලායා

      සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
      කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
      බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
      සැනසුම යයි කන්දෙන් පල්ලම්

      මී පැණි රහසක්...

      මනාලියේ ලැජ්ජා ඇත්නම්
      දෑස වසා ගනු මැන දෝතින්
      රාත්‍රිය ගෙවිලා යයි විගසින්
      දුන මැන ඉල්ලන රස මධුපැන්

      මී පැණි රහසක්...

      https://www.youtube.com/watch?v=bRajlvm2GXM

      Delete
    8. ආයෙ මොකටද සෙකන්ඩ් වෙන්නෙ..

      කුමරියක පා සළඹ සැලුනා..
      වසා සිටි නෙතු පියන් ඇරුනා..
      කුමර බඹසර අසපුවේ මා..
      සම වැදී උන් දැහැන් බිඳුනා..
      කුමරියක පා සළඹ සැලුනා..

      උකුල ළැම හස මලවි කරලිය
      මුවා කල ඇගෙ දුහුල් සළු තිර
      විවර කෙරුවා මනස් සලෙළුන්
      උමතු වු දෙනුවන් රැහැන් ඇද
      මා අබියස මැවුනු තුසිතය
      සුරන් නැළවූ සුයාමය..

      කුමරියක පා සළඹ සැලුනා..

      නිසල ජීවන තපෝ වන මැද
      හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
      තලා සිත කම්පනය කරවයි
      ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
      මා හඬවයි බිඳුනු තුසිතය
      සුරන් නැලවූ සුයාමය..

      කුමරියක පා සළඹ සැලුනා..

      ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
      පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
      සංගීතය : වික්ටර් රත්නායක

      Delete
    9. උබලා තුන් දෙනා එකතු උනොත් ආය ඉතින් අහන්න දෙයක් නැහැ
      මෙතනට පත්තර මල්ලි අඩුයි

      Delete
    10. ඒකනේ.. මහ හූරා දැන් බිසී වෙලා.

      Delete
  2. පට්ට මනෝෂ්...............

    උඹේ ඔය ලියැවිල්ල වෙනම අනන්‍යතාවයක් තියෙන දේයක්...... අපිට විවිධ විවිධ රචකයෝ වෙන නම්වලින් පවා හදුන්වන්න පුළුවන් උන් ඉන්නවා.. හැබැයි ඒ කවුරුත් මනෝෂ් කෙනෙක් නෙමෙයි..... ඒ ඇති... මං කියන එක උඹට තේරෙනවා.......

    ReplyDelete
    Replies
    1. //උඹේ ඔය ලියැවිල්ල වෙනම අනන්‍යතාවයක් තියෙන දේයක්//
      ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ගී පවුරේ.. ඇත්තටම හිතුවෙ මගේ ලිවීමේ හැකියාව හොඳටම මොටවෙලා කියලා. එත් ඔයාලගෙ අදහස් කියෙව්වමනම් හිතෙනවා ගොඩක්ම මොටවෙලා නෑ කියලා.. අම්මප උඹලගෙ හයියෙන් බං මෙහෙමවත් ලියාගන්නෙ.

      සිංදු අයියණ්ඩී ස්තුතියි උඹටත්..

      Delete
    3. මෙහෙම දෙයක් තියෙනවා මනෝෂ්....... ටික කාලයක් අපි දෙයකින් අයින් වෙලා හිටියොත් ආයෙම ඒකට එන්න අපිට හිත හදා ගැනීමේ අවුලක් තියෙනවා. කොහොම වුණත් ලොකු කාලයක් දිගට ම නොලියා හිටියොත් ඒක අපේ හැකියාවට විතරක් නෙමෙයි සමහර විට ශෛල්‍යයට බාධාවක් වෙනවා... නමුත් ඒක උඹේ දැක්කේ නැහැ.. ඒකයි සතුට... හැකි වෙලාවට ලියන්න කියලා කියන්නෙත් ඒකයි......

      Delete
    4. ගී පවුරෙ මේකයි කතන්දරේ.. පීඨ යන්න කලින් ඉස්සර් ජොබ් එක කරනකොට උදේ අටේ ඉඳන් හය වෙනකල් කම්පියුටර් එක ඉස්සරහින් හෙල්ලෙන්නෙ නෑ මං.ඉතින් කොයිවෙලෙත් බ්ලොග් එක එක්කම හිටියා.ලියන්න කියවන්න කමෙන්ට් කරන්න ඕනිතරම් වෙලා තිබුනා.ඒත් දැන් තත්වෙ වෙනස්.බ්ලොග් එක බලනවනම් ලැප් එක ලඟට කරගෙන කාඩ් එකකුත් දාගෙන වෙනමම කාලෙ වෙන් කරගෙන වැඩේ පටන්ගන්න වෙනවා.ඉතින් අමාරුවෙන් හරි යමක් ලියාගන්න කාලයක් හොයාගන්න බැරිකමක් නෑ.ඒත් ඒක නික්න් අතපය බඳල දාල වගේ.මට ඕනි ඉස්සර වගෙම තුන් තිස් පැයේම උඹලගෙ බ්ලොග් වලත් එල්ලිලා, කමෙන්ට් කරල,විහිලු කරල,රණ්ඩු කරල ඉන්න.එහෙම නැතුව දවසකට දෙක්කට සැර්‍යක් ඇවිත් ඔහේ අඳුර් අත ගාල,හිතට එකඟ නැතිව කමෙන්ටුවක් කොටන්නන් වාලෙ කොටල යන්න මට බෑ.ඒ නිසයි මෙහෙම ඉන්නෙ.බලමු අනාගතේදිවත්. අද මෙහෙම හරි ලියාගත්තෙ අම්මප ඊයෙ උඹලගෙ කනේ පාරට පිංසිද්ද වෙන්න. ඔන්න ඕකයි ඉතින් කතන්දරේ..

      Delete
    5. මං හිතන්නේ උඹ ඇත්තම කතා කරලා තියෙනවා...... මේක හොද සාකච්ඡාවක්. ඒ කියන්නේ ඇත්තට ම උඹට වෙලාව තිබුණත් අර ඉස්සර වගේ මේ වැඩේ කරන්න බැරි නිසා උඹ හිතා මතා ම සමහර විට මේ පැත්තට එන්නැතුව අරිනවා. ආවත් දන්නෑ වගේ යනවා.... මේ තත්වෙට එන එක සාධාරණයි...

      මෙහෙම හිතහංකෝ.... අපි දැන් හොදට අතපය විසිකරලා දුවලා පැනලා සෙල්ලමක් කරලා ඉන්නවා. අපි හිතමුකෝ මචං මෙහෙම ඉදලා කවදා හරි අපි වයසට ගිහිල්ලා ලෙඩ වෙනවා. දැන් අපේ අතක් පයක් පණ නැතුව ගියොත් මොකද වෙන්නේ....... ඉස්සර වගේ දගලලා ඉන්න බැරිනං වැඩක් නැහැ කියලා අපි එල්ලිලා මැරෙන්නද බං.... බැහැනේ... අපි පුළුවන් විදිහට ජීවත් වෙනවා. අපේ පවුලේ අයත් අපේ තත්වය තේරුම් අරන් අපිට උදව් කරලා ජීවත් වෙන්න දෙනවා... මේකතමා ඉතින් මට උඹට කියන්න තියෙන්නේ..... මේ වෙලාවේ තත්වය අපිට තේරෙනවා.... උඹට හැකි විදිහට වැඩේ කරමු........ හැකි වෙලාවට පෝස්ටුවක් දාහං. ආපු වෙලාවට පුළුවන් බ්ලොගයක් පැත්තට ගිහින් පෝස්ටුවක් දාහං... ඒ හොදට ම ඇති.... උඹේ පෝස්ටුවට අපි කමෙන්ට් කරාම උඹට උත්තර ලියන්න ඒකෙම එල්ලිලා ඉන්න බැරි වුණා කියලා අවුලක් නැහැ.... හැකි වෙලාවට උත්තර ලියහං... අපි තරහා නැහැ.. ඒත් අතුරුදහන් වුනාම තමා අපි තරහා වෙන්නේ....

      Delete
    6. අඩුම අනිවාරෙන් දවසට පැය දෙකක් වෙනකරගන්න පුලුවන් උනානම් අවුල්ක් නෑ බං. එහෙනම් පරණ පාරෙ යනව ආතල් එකේ.අනික සල්ලි බං, කාඩ් එකක් දාගෙන ලොග් උනාම ඒක වාස්පවෙනවා විනාඩියෙන්. දන්නවනෙ දැන් ආයෙත් ගෙදරින් යැපෙන කාලෙ.කොහොමත් එපොයින්ට්මන්ට් හම්බෙලා සෙට්ල්ඩවුන් උනාම මේ හැම ගැටලුවක්ම විසඳෙයි . එතකල් සමාව දීපල්ලකො මට.

      උඹ කියන කතාවත් සහතිකෙන්ම ඇත්ත.මොනා උනට් ඔපීස් ලයිෆ් එකක තියෙන ඉන්ටනෙට් වසන්‍තයනම් අපේ රස්සාවල කවදාවත් තියෙන්නෙ නෑනෙ බං.

      Delete
  3. මනෝෂ් කාලේකින්... කාලේකින් උනත් රචනා ශෛලියේ නම් කිසි අඩුවක් වෙලා නෑ... අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් අහන්නත් සංතෝසයි තුශානී... බෙහෙවින්ම ස්තූතියි.

      Delete
  4. පට්ට ලියවිල්ලක් මචන්, එක හුස්මට කියවගෙන ගියා, ගිහින් සින්දුවත් ඇහුවා, උඹේ ලියවිල්ලත් එක්ක සින්දුවේ මේ වචන ටික අපුරුවට ගැලපෙනවා මචන්. ජය,

    ඉඩ දී දෙන්නට දඩුවම්
    දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

    ගිලිහී ගියදෙන් මිණි කැට
    දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

    මෙහෙම කියන්නේ අහසේ ඉඳන් බලන් ඉන්න හඳද කියල හිතෙනවා, එත් එක එහෙමම නොවෙයි නේ. අපුරුයි.

    ReplyDelete
    Replies
    1. සොමියෝ... සෑහෙන කාලෙකින්.. බොහොම කාලෙකින් මෙහෙම මුණගැහිල උඹලගේ අදහ්ස් මෙහෙම අහන්න ලැබෙන එක මහමෙරක් බං...

      සින්දුවේ යන්නෙනම් තනිකරම රාධා ක්‍රිෂ්ණා යමුනා ගං තෙර පෙම් සුව විදින ආකාරය. නමුත් සමස්තයක් විදියට ගත්තම ඒ අදහස සලකන්නත් පුලුවන්.මට නම් මේ සිංදුව රස සාගරයක්..

      Delete
    2. යමුනා ගං තෙර තමළු ලතා හෙවනේ…
      යොහොඹු කුසුම් යහනේ රාධා බලාඉඳී…
      ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා

      නළලත බබළන සඳන තලාවයි…
      සිරුරත ඝන නිල් මේඝ වළාවයි…
      මානස විල මැද රණ තිසරාණනි
      වෘන්දා වනයේ වසන්තයයි…
      ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා…

      මලයගිරේ මධු ගීත කලාවයි…
      තෙබුවන රැකුමේ ඉසිඹු වෙලාවයි…
      වන රේඛාවේ රණ මොණරාණෙනි
      තරුද නොපායන රාත්‍රියයි…
      ක්‍රිෂ්ණා.... ක්‍රිෂ්ණා.....ක්‍රිෂ්ණා…

      ගායනය් - නන්දා මාලනී
      පද රචනය-සුනිල් ආරියරත්න.
      සංගීතය - රෝහණ වීරසිංහ.

      Delete
    3. ආන්න අනිත් වර්ෂන් එක.මං හිතුවෙ අයිය මේක උඩින්ම දායි කියලයි.

      Delete
  5. අපූරුයි.... ගීතයට නම් එච්චර කැමත්තක් නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියණ්ඩී.. මට මතකයි වතාවකුත් කිව්ව මේ සිංදුවට වැඩි මනාපයක් නැතෙයි කියලා.

      Delete
  6. සින්දුවට කතාවක් ලියන ඒක උබටම අවේනික කර්මයක්
    එලද බ්‍රා
    ඒ උනාට තව ටිකක් බර දාලා ලියන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. අනිව මචෝ... මටත් ඒක දැනුනා.. ඒත් මේ ටික ලියාගත්තෙත් හරිම් අමාරුවෙන්.මගෙ හොරකම මාව හොඳටම කම්මැලිකරලා.

      Delete
  7. අහති යන්තං ගුරා ලියලා, උභලා නොලියනකොට අපි මක්ක ලියන්නෙයි?

    අගෙයි ලිය්ස්මන...

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා...

      ඒක නෙවෙයි, විදානෙ මහත්තයා බීලද, ෆෝන් එකට බඩුද, නැත්න්ම් කොම්පීතරෙ බාර් එකේද??

      Delete
    2. මම මුගේ මේ බාසාව තේරුම් ගන්න ට්‍රයි කරනවා

      Delete
    3. මෙන්ඩටනම් තේරෙන්නෝනි හැබැයි.

      Delete
    4. රයිට් තේරුණා හිටපන් මුට තේරෙන බාසාවෙන් උත්තර දෙනකන්
      %&%$#@$ *&^%$#$%%%#% *$##@@$*((%$3

      Delete
    5. විදානෙ මහත්තය බීල තමයි. ‍එකහමාරට වැඩ ඇරිල යන ගමන් ඉස්සරහ දැල් කඩෙං දෙකක් දාගෙන යන්නෙ. හැක්..

      Delete
    6. අන්න ඒක තමා බාසාව මෙන්ඩෝ...

      Delete
    7. අන්න කියන්න ප්‍රසන්න අයියා... අපේ විදානෙ මහත්තයාගෙ කැරැට්ටුව.

      Delete
  8. ඔබේ ලිපිය අගයමි.

    වසන්තා සතුව හොඳ කටහඬක් තියෙනවා. ගීත කිහිපයක් හැරෙන්න ගායනා කරලත් නැහැ. අමරසිරි/ධම්මික/ඩැනිස්ටර් සංකලනයෙන් හොඳ ගීත බිහිවුනා.

    ටික කලකට ඉස්සෙල්ලා ඩැනිස්ටර් පෙරේරා සංගීතවත් කල ටෙලි නාට්ටියක් ගියා සත්පතිනි කියලා. එය තරමක හොඳ නාට්ටියක්. එහි ගීත දෙකක් තිබුනා. එකක් සමන් ලෙනින්ගේ.අනික තිස්ස ජයවර්ධනගේ. මම ඩැනිස්ටර්ගේ සංගීතයට කැමතියි. විශේෂයෙන් මේ ටෙලියේ සංගීතය හරි ප්‍රභලයි.

    සමන් ලෙනින්ගේ මේ ගීතය එලියස් අයියගේ නාන බාල්දිය අහන්න,

    ReplyDelete
    Replies
    1. ඔබව සාදරයෙන් පිලිගන්නවා.. ධම්මික පෙරේරා මං කැමතිම ගී පද රචකයෙක්, ඒ වගේම විචාරකයෙක්.. ගී සංවේදනා ලියන්න මට මූලික අඩිතාලම වැටුනෙත් ඔහුගේ විචාරයන් අනුසාරයෙන්.

      ජාතික රූපවාහිනීය රියලිටි කලාව වගකීමකින් කරපු ස්වර්ණමය යුගයේ බිහිවෙච්ච වටිනාම ගායකයෙක් සමන් ලෙනින්.අහක දමන්න පුලුවන් කිසිදි ගීයක් නෑ ඔහු ලඟ.

      මේ ලින්ක් එක දුන්නට බොහොම ස්තූතියි ඔබට.

      Delete
  9. idakin mata meke sinhalen type krnna bene bn

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බොක්කෝ... කියවගන්න පුලුවන් මොන බාසාවත් කැපයි මෙතනට.ඔන්න ඔහේ කොටහන්.

      Delete
    2. ගයාන් මට මෙලක් දාපං මම ලින්ක් ඒක ඒවානම්
      mendissajith@gmail.com

      Delete
    3. ඕකගෙ ගල් කම්මැලිකම මෙන්ඩෝ.. ඇඳේ චූ යන කාලෙ ඉඳල මගෙ බොක්ක ඔය.

      Delete
  10. idakin mata meke sinhalen type krnna bene bn

    ReplyDelete
  11. කොහොමද සඳුමල් කාලෙකට පස්සේ? සුබ අලුත් අවුරුද්දක් වේවා!

    වසන්තා තිලකාංගනීට තවමත් ප්‍රමාණවත් තරම් අවස්ථා ලැබිලා නැහැ ඇගේ නියම දක්ෂතා පෙන්වන්න.

    හොඳ වින්දනාත්මක, හැඟීම් දනවන හැඳින්වීමක්. රසවත් ගීතයක්. ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හොඳින් ඉන්නවා විචාරකතුමනි. ඔබතුමාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

      හා හා හා හැඟීම් එහෙම අවධිකරගන්නවා නෙවෙයි ඔන්න.ඊඟට කියයි මං සිල් බින්ද කියල අපේ විචාරකතුමාගෙ..!

      Delete
  12. ගස්ලබ්බගෙ හීනයක් වෙලා තිබුනු,සදහටම වැලලීගිය අදහසක් එක්ක ගීය අපූරුවටම ගැලපිලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එතන කතාව දුක්බරයි වගේ... වෙලාවක නිර්මාණයකින්ම බෙදාගමු. මේ වගේ චාරිකාවක්නම් මගෙත් සිහිනයක්.

      Delete
    2. ඔය වගේ නන්නත්තාර ගමනක් ගිහිල්ල තිබුණ අර ඉන්දික උපශාන්ත ද කොහෙද.

      Delete
    3. මටත් මතකයි බ්ලොග් එකක ලිය්ල තිබුනා ඔහොම කතන්දරයක් කවුරුහරි.

      Delete
    4. http://upashantha.blogspot.com/2014/04/journey-to-moon-with-my-honey.html

      Delete
    5. අන්න හරි, මේක තමයි.මේක මං කියෙව්වෙ මං බ්ලොග් කියවන්න පටන්ගත්ත මුල්ම දවස්වල.මෙහෙම එකක් කියෙව්ව කියල මතක තිබුනට කවුරු කොහේ ලිව්ව එකක්ද කියල මතකයක් තිබුනෙ නෑ.ආසාවෙන් කිඋඑව්ව නිසා පස්සෙ කාලෙ මං මේක හෙව්වා,ඒත් හොයාගන්න බැරිවුනා. තැන්කූ අයියණ්ඩී හුඟක්ම..

      Delete
  13. ela ela mchn, godak kalekinne, ape sir gana liwwata passe meka witharada liwwe?

    ReplyDelete
    Replies
    1. ආ.. ඔව් බං.ඊටපස්සෙ කතාවක් නම් ලිව්වෙ නෑ, කයියක් ලිව්වා..

      Delete
    2. ela ela, apitanam owa wadiya therenne na bn, rasaswadaya gana wadiya atha patha gala nane,

      Delete
    3. කියවපන් දිගට්ම... එතකොට හරි.

      Delete
  14. එතකොට උඹත් හිම දියවී හිමාලයේ සිංදුව රංග පෑවද , තාම නැද්ද ? නැත්තං ඉඳලා ඉඳලා ඇවිත් මේකම ලිඉවේ මොකෝ . හැක

    මී පැණි රහසක්
    ගැලුවා සුකිරි කන්දෙන්
    සීතල පහසක්
    දැණුනා සීතල නින්දෙන්
    කොපුල දෑල හාදු ගලායා
    කුමරි ළඟින් සුවඳ සලායා

    සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
    කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
    බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
    සැනසුම යයි කන්දෙන් පල්ලම්

    මී පැණි රහසක්...

    මනාලියේ ලැජ්ජා ඇත්නම්
    දෑස වසා ගනු මැන දෝතින්
    රාත්‍රිය ගෙවිලා යයි විගසින්
    දුන මැන ඉල්ලන රස මධුපැන්

    මී පැණි රහසක්...

    https://www.youtube.com/watch?v=bRajlvm2GXM

    ReplyDelete
    Replies
    1. අහා.... ඒ එපිසෝඩ් එකත් නරකම නෑ නේ....

      සිංදුවනම් මරු බං...ඔය ඉන්නෙ කාලයේ තාලයේ සිංදු කෙනෙක් තවත්.

      Delete
  15. හානේ.… අලුත් බ්ලොග් එකක් සිංදු ගැන :D

    දිගටම ලියන්න මචෝ ඈ … හැක්

    ReplyDelete
    Replies
    1. @&#&#*$-$=$=*&#62&*$-$*$*$*#*#*#*#*#*#**@%@:#:!;!*:#&#*#*

      Delete
    2. කවුද බන් මේ පත්තර මල්ලි කියන්නේ ...???????????
      දිගටම කොමෙන්ට් කරමු බ්‍රෝ ..හැක් හැක්

      Delete
    3. පත්තර මල්ලිව සාදරයෙන් පිලිගන්නවා බ්ලොග් ලෝකෙට..!

      Delete
    4. ඇත්‍තද …
      තැංකිව් අයියලා.. ඔයාල වගේ හොඳ අය හරි අඩුයි අයියෝ. අද ඉඳං දිගටම එන්නං ඈ. ඔන්න එනවමයි ඈ !!

      Delete
    5. අනේ අම්මප මචෝ...!!

      Delete
    6. ඔය අලුත් මල්ලි දිගටම එන්න තව බ්ලොග් තියනවා ඒවත් බලලා කෙමෙන්ට් කරන්න අපේ අලුත්ම සහෝදරයට ආරාදනා කරනවා

      Delete
    7. කවුද බං මේ අලුත් පත්තර මල්ලි. එක්කො අර අපි දන්න එකාගෙ ඔ‍ලුව කොහේ හරි වැදලද දන්නෑ.

      Delete
    8. ඕකට හොඳ සිංඩි ගැන එහෙම කියල දියන් මෙන්ඩෝ,කින්ඩි වෙන්නෙ නැතිවෙන්න.

      Delete
  16. කාලෙකින් ලියල තියෙන්නෙ. ලස්සන තේරුම් කිරීමක් ගීතයට.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් තමා ප්‍රසන්න අයියේ.. බොහෝම ස්තූතියි.

      Delete
  17. බොහොම ලස්සනයි.

    ReplyDelete
  18. මම බොහෝ සෙයින් ප්‍රිය කරන ගීයක්..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම එය අලංකාරයි.

      Delete