ආදරයක්..............






සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළගින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්.........



රාත්‍රිය හුගක් සීතලයි. ඒ සීතල කටුක රැය පුරාම ඇය ගැන සිතෙන විට ඒ සිතට නිවනක් දෙන්න නම් ඔහුට ඇයව ඕනිමද? මාධව සිත හදා ගන්න උත්සහ කරන්න කරන්න තවත් ඇය ගැන ආදරෙන් මත් වෙනවා. එක සිතක ආදරයක්! කොච්චරක් කියලා ඇයට ආදරේ කරන්නද? ඒ ආදරේ මත්තෙම හැමදාමත් විඳවන්නද? තනිකම සිත ගත දෙකම වෙලාගෙන මාධවගේ ජීවිතය කලු කරලා දාලා වගේ. දැන් ඇය වෙනකෙකුට ලං වෙලා හුඟක් කල්! එහෙත් වසර ගනනක් ඉදන් මාධව ඇයටම මාධවගේ සිත ලියලා දීලද?  කියන්න දන්නේ නැති ඒ ගැන මාධව හරි අසරණව කල්පනා කරන්න පුරුදු වෙලා! මෙච්චර කල් මාධව ආදරය කරපු හැම කෙල්ලෙක්ටම ආදරේ කරද්දි, ඊට යටින් පැවතුනු මාධව එදා අතීතයේදී එක දවසක ඇයට දුන්නු ආදරේ තාමත් හිත ලග එහෙම්මයි...

පියවී ලොවේ කිසිදා එක් වෙන්නේ නෑ
එනමුත් මගේ හදින් වෙන් වෙන්නෙ නෑ
දෙතැන තනිවී සදා සලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්........

මාධව කවදාවත් ඒ ආදරේ ගැන පුංචි කියලා හරි සළකුණක්වත් ඇයට දැනගන්න තිබ්බෙ නෑ ඔහුගේ සිතේ ඇය ගැන තිබෙන කිසිම ආකාරයක හැඟුමක් ගැන. ඇත්තටම මිතුදමක වටිනාකම නැතිවේ යැයි බිය මාධවගේ සිත පුරාම අරක්ගෙන තිබුනා. විරහවෙන් විඳවන්න පුලුවන් මිතුරෙක් ලෙසින්වත් ඇය ඔහුට ලං වී සිටී නම්. නමුදු මිතුදම් සදාකාලික නෑ! එය ඇයම ඔහුට පැවසුවා! ඇය එය දැඩිව අදහස් කලා! ප්‍රේමය මෙන් මිතුදම් සදාකාලික නොවන බව! විශේෂයෙන්ම ඔහු හා ඇය අතර!ඒ සත්‍යය මාධවට අන්ධයෙක්ට මෙන් නොපෙනුනු හැටි! ආදරය කලා නම් ඔවුන්, ඇත්තටම එය අමරණීය පෙමක් වන්නට ඉඩක් තිබුනද? ප්‍රේමයද දිනෙක මිය යාවි. කෙසේ වුවද එනමුදු ඇය නොදන්නා ඒක පාර්ශවික ආදරයක කතාවක්! ඇයව සනසන්නට බලාපොරොත්තුව පිරුණු උණුසුම් ආදරයක්! ඇගේ සිනහව වඩවන්න පුලුවක් ආදරයක්! ඇගේ කඳුලු පිසදාලන්නට පුලුවන් ආදරයක්! ඇයට වෙනකෙකුගෙන් කිසිදාක ලබන්නට බැරි විදියේ ආදරයක්. ඇත්තම ඇත්ත සෙල්ලමක් නොවන ආදරයක්. මාධවගේ හිතින් මියෙන තුරුම, ඔහුගේ ශරීරයෙන් ආත්මය ඉවත්වන තුරුම මිය නොයන ආදරයක්, තාමත් පවතිනවා, රහිතව බලාපොරොත්තුව.

තිබුනත් හදේ පැතුමන් ඉටු වන්නෙදෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නෙදෝ
කඳුලු හසරැල් මවා මසිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළගින්........

යම් දිනෙක නුදුරු අනාගතයේ ඇය ඔහුගේ සුරත ගනු ඇත. ඇය බිරිඳක් වනු ඇත. මාධවට නොව වෙනත් පුරුෂයෙකුට ජීවිතයේ සතුට පසක් කර දෙනු ඇත. ඔහුගේ දරුවන්ගේ මව වනු ඇත. ඔහුගේ ජීවිතයට අත්වැල වනු ඇත. ඔහුට සත්කාර කරනු ඇත. මාධව ඒ දෙස බලා සතුටු වන්නේද දුක් වන්නේද කියන්නට තාම මාධවට හැකියාවක් නැත. නමුදු ආත්මාර්ථ හැඟුමන් මාධවගේ සිත බිඳ දමනු ඇති බව නම් මාධවට සිතේ! ඔහුගේ බිරිඳ ලෙසින් ඔහු ලබන සැලකුම් සැබැවින්ම බලාපොරොත්තු වූ මාධවට එය නොලැබීමේ දුක දැනෙනු ඇත. ඇයගේ ජීවිතයේ වැදගත්ම රැය ඔහු සමග එක්ව ගෙවන කල්හි මාධව තනි යහනේ දුක දරාගන්නට නොහැකිව කඳුලු සලනු ඇත. එදින ඔහුට තුලුරුව නිදන ඈ ඉන්පසු කිසිදින මාධවගේ පපුවේ උණූසුම යලිත් විඳ නොගනු ඇත. එක්තරා දවසක මාධවගේ පපුවට තුරුලු වූ ඇයට නැවත කිසි දිනෙක ඒ උණුසුම නොලැබෙනු ඇත! ඔහුගේ හදවතේ ගැස්ම හඳුනා ගන්නා නමුදු ඈ මාධවගේ හදගැස්ම ඇයටම වෙන්වූ බව කිසිදා හඳුනා නොගනු ඇත. දිනෙක මෘත ශරීරයක් වන මාධව එදිනට ඇය වෙනුවෙන් ගැහුනු ඔහුගේ හඳගැස්ම නවතාලනු ඇත. එදිනට කෙමෙන් කෙමෙන් නිහඩ වන හදවත ඇති මාධවගේ ශරීරයෙන් අවසානයේ ඇයට මාධව දැක්වූ ආදරයද රැගෙන මාධවගේ ආත්මය ඉවතට පියඹා යනු ඇත. කිසිදා ඇයට නොදන්වා ඇයට නොපෙනෙන ලෙසින් මාධව ඇයට දැක්වූ පිරිසිදු ආදරයේ අවසානය එලෙස සිදු වනු ඇත.

ගීතය ගායනය -  ප්‍රින්ස් උදය ප්‍රියන්ත

2 Comments

Your Comments / ඔබේ ප්‍රතිචාර

  1. මගෙ කිරි කෝඩු කොමෙන්ටුව​..හික්z....මෙහෙමයි ඔන්න.....මාරයි...අපූරුවට ලියලා....

    ReplyDelete
  2. මගෙ කිරි කෝඩු කොමෙන්ටුව​..හික්z....මෙහෙමයි ඔන්න.....මාරයි...අපූරුවට ලියලා....

    ReplyDelete
Previous Post Next Post

Contact Form