ඉසුරු ලිනකස් මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව

ඉසුරු ලිනකස්


අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය විසින් නිර්මාණය කර ඇති ඉසුරු ලිනකස් මෙහෙයුම් පද්ධතිය හා යෙදුම් මෘදුකාංග එකතුව ඔබ පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය ඉගැන්වීම සඳහා භාවිත කළ හැකි නිදහස් හා විවෘත මෘදුකාංග එකරාශි කරමින් නිර්මාණය කර ඇත.

අනුව මෙම මෘදුකාංග එකතුව භාවිත කිරීමෙන් තොරතුරු හා සන්නිවේදන විෂය ඉගැන්වීමට අවශ්‍ය සියලුම යෙදුම් මෘදුකාංග එකතුවක් ලෙස ඔබට භාවිත කිරීමට අවස්ථාවක් සැලසේ.

මෙම එකතුව භාවිත කිරීමෙන් ඔබට ලැබෙන්නා වූ සුවිශේෂ වාසි ගණනාවකි. එනම්, මෘදුකාංගය සොයමින් අන්තර්ජාලය පීරමින් කාලය වැය කිරීමට සිදු නොවීම මෙන්ම එම මෘදුකාංග තම පරිගණකයේ ස්ථාපනයේ දී ඇති වන විවිධාකාර ගැටුළු වලට මුහුණු දීමට සිදු නොවීම ආදිය පෙන්නා දෙන්න පුළුවන්.
එමෙන් ම වෛරස නිසා මෙම මෘදුකාංග භාවිත කිරීමට සුදුසු මට්ටමින් පරිගණක විද්‍යාගාරයක් පවත්වාගෙන යාමත් පහසු කාර්යයක් නොවන අතර විද්‍යාලයීය පරිගණක විද්‍යාගාර තුල ඉසුරු ලිනකස් ස්ථාපනය කිරීම මඟින් මෙවැනි ගැටළු එනම් වෛරස නිසා පරිගණකය අක්‍රීය වීම, මෘදුකාංග නිසි පරිදි ක්‍රියාත්මක නොවීම ආදී ගැටළු රාශියක් සඳහා නිසි පිළිතුරක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ සහ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මට්ටමින් මෙන් ම කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය හා මෘදුකාංග එකතුව ගුරුවරුන්ට හා සිසුන් සඳහා හඳුන්වා දීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

මෙම වර්ෂය ආරම්භයේ දී සෑම පළාතක්ම නියෝජනය වන පරිදි තෝරාගත් නියමු ගුරුවරුන් 80 දෙනෙක් සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ මීපේ පීඨයේ දී වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර මේ එහි අවස්ථාවන් කිහිපයකි.

 







ඉන් අනතුරුව ලංකාවේ විවිධ පළාත් වල ගුරුවරුන් වෙනුවෙන් පළාත් මට්ටමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වූ අතර මේ වන විටද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ එවැනි වැඩසටහන් කිහිපයක් ......

  • කහටගස්දිගිලිය කලාපීය සම්පත් මධ්‍යස්ථානයේ පැවති වැඩසටහන


  • වයඹ පවැති වැඩසටහන


  • මධ්‍යම පළාතේ පිළිමතලාව මහ විදයාලයේ පැවති වැඩසටහන




  • මධ්‍යම පළාතේ මාතලේ ශාන්ත තෝමස් විදයාලයේ පැවති වැඩසටහන

 

  • නිකවැරටිය කලාපයේ පැවති වැඩසටහන






No comments: