Friday, March 4, 2016

තනියාගේ ඉක්කෝල ගමන් - 2: උල්කාගේ විත්ති

ගිය දෙසැම්බරේ නත්තල් ප්‍රීතිය නිමිත්තෙන් තනියා බයිට් කතාවක් ප්‍රේක්ෂක ජනතාවට තිළිණ කළ බව ඔහෙලට මතක ඇති නෙව? අන්න ඒ කතාවේ දෙවෙනි කොටසක් වගේ එකක් ලියන්නයි මගේ අද සූදානම...(ඔය කොටස් ලිවිල්ල මේ කාලේ නම් තනියට අවංකවම කරගෙන යන්න ඇහැක් ගේමක් නෙවෙයි..ඒත් ඉතින් අර බැඳ ගත්තු බෙරේ වගේ එකක් තමයි දැන් මේ වෙලා තියෙන්නේ..කවුරුවත් දැන් අර පිචෑර් එක එහෙම මතක් කරනවා නෙවෙයි ඔන්න!) 

ඉතින් සිඟිත්තනේ මම පොරොන්දු වුණානේ තනියාගේ සහෝදරී උල්කාගේ වික්‍රමයන් ගැන ලස්සන (රෙද්ද තමා!) කතාවක් අරන් ආයෙත් ඕගොල්ලෝ හමුවට එනවයි කියලා...ඒක තමා මේ ආවේ..! ;)

ඉතින් ඔය උල්කා ඇවිල්ලා.. සොරි! වැටිලා අවුරුදු දෙක තුනක් වෙද්දිම උන්දැට තිබ්බ ලොකුම ගාය තමයි කොහොමහරි ඉක්මණට ඉක්කෝලේ යන්න පටන් ගන්න එක..! මොකද කියනවා නම් උල්කගේ අක්කා තනියා එතකොට ඉක්කෝලේ යනවනේ..දැන් ඔය දෙමළ පත්තරේ හරි එයාට දෙනවා නම් මටත් ඕනේ කියන ළදරු මානසිකත්වයේ පසුවුණ (එවකට) මේ ළදැරිය ගෙදර බත් කෑවෙත් ඉක්කෝලේ ගෙනියන බෑග් එකක කෑම පෙට්ටිය දාගෙන ගිහින් එයාගේ සිඟිති මේසේ වාඩිවෙලා, කරේ එල්ලන් ඉන්න රතුපාට රොබෝ බෝතලේකින් වතුර බිබී තමයි..ඒ කාලේ අපේ ගෙවල් ලඟ තිබුණා නරි-සරියක්...මේ යෝදිගේ මේ බෝතල් බෑග කෙරුවාවේ තරම කියන්නේ ඔය නරි-සරියේ ඇන්ටි-මනී උල්කව බලෙන් වාගේ එක්කන් ගිහින් වාඩි කරගෙන තමයි බඳවාගෙන තිබ්බේ..එදා ඉඳන් ඉතින් ආයේ මොනවද ඇන්ටි-මනී පතල් වට්ටිය බබා වගේ කරකෝන එකමයි කලේ!


එනිවේ, ඉතින් දැන් ඔය උඩ පැනගෙන ගෙදර ලඟ එකට හැතැක්ම ගාණක් ගිහින් එනවා වගේ ඇඩ් එක දාගෙන ගිය අපේ උල්කා බබීට සිද්ධ වුණානේ ඇත්තටම හැතැක්ම ගාණක දුර ඉක්කෝලෙකට යන්න..ඉතින් තාත්තාගේ ගොට්ට වෙච්චි! වෑන් එකේ මුල කාලේ ගියේ හරිම කලාතුරකින්..තනියටත් වැඩි චෑන්ස් එකක් පෑදුණේ එයා නිසාම තමයි...නැත්නම් වෑනං සරණං වෙන්ට එපැයි..! ඉතින් පව් දෙයියනේ දැන් අකලට උස්මහත් වුණාට මොකද ඒ දවස්වල බටු ඇටේ වගේ පොඩි එකී වෙච්චි..වෑන් අන්කල්  පොඩි පොඩි ඇච්චෝ පැච්චෝ 6ක් 7ක් විතර දානවනේ එක සීට් පේළියකට...අනේ ඉතින් නංගි බබා අලි බෑග් මල්ලකුත් බදාගෙන ජම්පිං සීට් එකක වාඩිවෙලා කිරනවා කිරනවා බරටම කිරනවා..
කිරීම පටන් ගත්තුවම කටත් එයාගේ නෙවෙයි හිසත් එයාගේ නෙවෙයි...!!

ඔව් ඔව් ඒවා මගේ..! 
මොකද්ද ඒ අපංබ්‍රන්සේ කියනවා නම්, උල්කා බබා කටත් ඇරන් දොයි!! හිස පරිභ්‍රමණය වේගෙන වේගෙන වේගෙන යනවා...

එතකොට තනියා මොනවා කරනවා කියලද ඔහෙලා හිතන්නේ??? 


තනියා අක්කා යන්නේ වෑන් එකේ අන්තිම සීට් එකේ බජාර් එකත් එක්කනේ..උල්කා හැමදාම වාඩිවෙන්නේ අක්කා ඉස්සරහම ජම්පිං එකේ...මොකද ආවේශයෙන් වගේ කැරකෙන උල්කාගේ සූට්ටිත්තං ඔළුගෙඩිය දෝතින්ම මල්වට්ටිය වගේ අල්ලන් ඉන්නේ අක්කා නිසා..! ඔව් අන්න එහෙමයි අපේ සහෝදර ප්‍රේමය...! දැන් කරදඬු උසමහත් වෙච්චි උන්ට අමතක වුණාට!
(මේක දාපු හැටියෙම කෝල් එකක් එයි මම හිතන්නේ..අයි මිෂ් යූ ටූ...ඉහි ඉහි ඉහි..! ;( ) 

ඉතින්, දැන් බාලවයසෙන් ලොකු අම්මෙක් වෙච්ච අක්කට ඇස පිනවන-මන සනසන-හද නලවන රුවක් දිහාවත් බලන්ට ඉස්පාසුවක් තියේවිද පින්වතුනි.?? .
නැහැ..!!!
 කවුරුහරි එවන් දර්ශනයක් පෙන්වන විට සැණින්-එසැණින් හැරෙන්නට බැහැ නෙව නගාගේ ඔළුවත් ගලවන්..! ඉතින් හෝල්-සේල් එකේ වැනෙන අනුන්ගේ ඔළුව වත්තම් කරන් හැරිලා බලද්දි අලිඩංනුත් වේලිලා...
පසුපස වීදුරුවේ ලා දූවිලි දුමාරය අතරින් පෙනී නොපෙනී යන දසුන දිහා බලලා හුස්මක් හෙලුවහම ස්ලෝ මෝෂන් එකේ ඒ හුස්ම ගිහින් දූවිලි බිඳිති සිපගන්නවා...පසුබිමින් මැණිකේ අත්තනායක ඈ වෙනුවෙන් ගයනවා "අයියූ මාගේ යව්වන කාලේ මෙහෙමද ගතවෙන්නේ ඒ..ඒ.."

දැන් පින්වතුන් ඔය නෙතට නැගුණ කඳුළ පිසින්න ඒ උත්තම අක්කා වෙනුවෙන්..
එපා එපා ටිෂූ කෑල්ල විසිකරන්න එපා තව කඳුළු හෙලන්න වෙනවා..

ඉතින් දැන් ඔහෙලා හිතුව විදියට උල්කා පන්දම් යකා වගේ ඔළුව කරකවමින් දිගටම දොයියනවද?  (නෑ නම් දිගටම කියවන්න..ඔව් නම් ගිහින් වෙන වැඩක් බලාගන්න!)

කෙහෙම්මල!!! 

මේකි හිටිගමන් කිසිම මාර්ග සංඥාවක් නැතුවම "බොවෑක්.." ගාලා හෝටලයක් අතාරිනවා!! 

හීනෙන්???

හීනෙන් ද මන්දා ඉතින් නින්දෙන්ම තමයි!! කොටින්ම බඩේ ඉඳන් මහගිරි දඹේ නැගගෙන ඇවිත් කතුරු ඔංචිල්ලාවක තියෙන පුංචි කටකින් දොට්ට පනිනකල්ම උන්දැ ඒ ගැන දැනුවත් නැහැ නේ..ඒකත් ඉතින් බෑග් එකේ, ඇඟ පුරා, මගේ ඇඟේ, හතර වටේම!!...
සේල් සේල් සේල්...තොග අවසන් කිරීමේ මහා සේල්!! (ඒකත් බාටා සේල් වගේ...තොගේ අවසන් වෙන්නෙම නැහැ...)

පුදුම ණයක් කියන්නේ ඔය තනියගේ, හැමදාම හෝටල් වන්දනාව සෙට් වෙන්නේ වෑන් එකේදි විතරයි..එතකොට කවුද මේ දරුවගේ භාරකාරයා?     අක්කා!! 

දවසක් නම් දුන්නා ආයේ නෑ නියමම හෝටලයක්...! කොටින්ම වමනේ දැම්මේ අක්කද නංගිද කියලා කාටවත් හිතාගන්න බෑ..! උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් වගේ..එදා වෑන් එකේ කලින් බහින ළමයෙක්ගේ අම්මා ඇවිත් හිටියා..අනේ ඒ ඇන්ටි අපි දෙන්නව එයාලගේ ගෙදර පිටිපස්සේ තිබ්බ වතුර ටැන්කියක් ලඟට එක්කන් ගිහින් හිටවලා බෝස් බෝස් ගාල වතුර පනිට්ටු දෙක තුනක් ඇදලා ඇරියා නිකන් බයිසිකල් රේස් එකට වතුර ගහන්නැහෙ..! 

හිනා!! හිනා නෙවෙයි වෙන්නේ...
වමනේ නාගෙන ගිය අපි දෙන්නා ආයෙත් වෑන් එකට ආවේ, තෙමිලා විනිවිද පේන සුදු ගවුම් සාය කුමාරි වගේ දෙපැත්තෙන් අල්ලන් වතුර පිරිලා ජොක ජොක ගාන සපත්තු පිටින්...අර බටු කෙල්ලට නම් අවුලක් නැහැ..යව්වනයේ පොපියන චමත්කාරය කියලා දැලි රැවුලක්වත් ඇවිල්ලා නැති, උගුරු ඇටේවත් පැනලා නැති කොලු කුරුට්ටෝ ටිකක් තෙත බේරෙන අක්කා දිහා දෑස් දල්වා බලා සිටිනකොට කොහොමද නේ? 

ඉතින් පින්වතුනි, ඔන්න ඔහොමයි උල්කගේ වෑන් ගමන සිද්ධ වුණේ...මොනාවුණත් ඔය හෝටල් කෙරුවාව නිසා කොයිතරම් කට්ට කෑවත් තනියා උල්කව අතෑරියද මිත්‍රවරුනි? නැහැ..! හෙට හෝටලයක් දැම්මත් අවුලක් නැහැ ඉතින් බයිට් කරකර හරි අපි හෝටලේට බැකප් එක දෙනවා...

අන්න එහෙමයි...

ඉතින් ඔය මක්කා කොළත් වැඩක් තියෙනවයැ නේද ඉතින්..ඔය නිදි මන්තරේ මතුර මතුර ඉන්න හෝටල්කාරි පුංචිකමට කළ හරිය..! තනියට යමක් කොරගන්න ඉඩක් තිබ්බෙත් නැතුවට මොකද තනියා යාළුවෙක්ගේ චපෝටර් වැඩේ කොරන්න ගිහින් ඔය උල්කා ගෙදර ගොහින් ගින්න දුන්නේ නැද්ද මම යාළු වුණා වගේ..! එදා නම් මට හිතුණා අනේ අර ඔළුව දෝතින් අල්ලන් ඉන්න වෙලාවක කාන්දමක් වගේ ඇහැ ඇදෙන දසුනක් පෙනිච්චා නම් කියලා...! 

 ඔය කොච්චර දුරේක්ෂ දැම්මත් එච්චර දුර දිග යන වැඩ කරන්න මහා බයක් තිබ්බ එක නිසාවෙන් තමයි යහතින් පවතින්නට හැකිවුණේ..ඒත් ඉතින් උල්කා දැන් ඇවිත් කියන සමහර කතන්දර අහනකොට මට හිතෙන එව්වා බ්ලොගේ ලියන්න බෑ හිටං..! :@

ඒක නිසා, උල්කා වැනි නගාලා සිටි තනියා වැනි අක්කලා සියළුම දෙනාට උපහාර පිණිස මෙය නැවත නැවත කියවා සිනාසෙන්ට ඈ?  



37 comments:

  1. ඕකට තමා බොල සහෝදරකම කියන්නේ.. පෙරලා ලැබුනත් නැතත් සහෝදරයන් වෙනුවෙන් ඉටුවියයුතු දේ ඉටුවිය යුතුමයි... ඒ අතින් උල්කා හරි වාසනාවන්තයි.. උල්කාට මාගේ සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි අම්බලන්ගොඩයෝ..:) තැන්කූ තැන්කූ...

      Delete
  2. අනේ .....අපේ නගත් මතක් වුණා . ඒත් අපේ ගෙදර නම් මං තමා නගාට වද දුන්නේ .... ඒකා තමා මාව අක්කා වගෙ බලාගත්තේ !

    ReplyDelete
    Replies
    1. මෙතුවගේ නගාත් තනියා වගේම දුක වින්දද? :P

      Delete
    2. නැතුව නැතුව .... ඒකා නොහිටින්න මං ඉවරයි ... හි හි

      Delete
    3. එහෙනම් මෙතූගේ සහෝදරීට අපෙත් ආදර ප්‍රණාමය..:)

      Delete
  3. Replies
    1. බොහොම ස්තූතියි තාරකාව..:)

      Delete
  4. :D

    උල්කා තාමත් ඉඳ හිට හෝටල් පාටමාලාව කරනවැයි?

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ...ඒක ඒ කාලේම නැවතුණා..මම හිතන්නේ වෑන් එක යන වට වන්දනාවයි මහන්සියයි පොඩි උන්ට දරන්න බැරුව ඇති..:)

      Delete
  5. අන්න සහෝදරප්‍රේෙම්

    ReplyDelete
  6. අගෙයි තනි.......

    ReplyDelete
  7. අප්පා.. මටත් සහෝදරියක් උන්නා නම් මෙව්වා බලන්න තිවුණා..

    ReplyDelete
    Replies
    1. ඔය දැරිවිට සහෝදරියෙක් නැද්ද? එක අතකින් වාසනාවන්තයි අනික් අතින් පව්...:(

      Delete
  8. කොච්චර හොඳ සහෝදරී ප්රෙමයක්ද? තනියා හොඳ අක්කා කෙනෙකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අජිත්..:) තනියා හොඳ නරක දෙකම ඇති අක්කා කෙනෙකි කියා උල්කා කියනු ඇතැයි සිතමි..;)

      Delete
  9. නංගිගේ කරුමෙට හම්බුන අක්කෙක්ද....අක්කගේ කරුමෙට හම්බුන නංගෙක්ද....මට තාම හිතාගන්න බෑ අප්පා....

    ReplyDelete
    Replies
    1. එම්බා කටුස්ස, කරුමය යන්න හොඳට නරකට දෙකටම ය.එබැවින් කණගාටු නොවව! :P

      Delete
  10. අනේ උඹල වගේ අක්කලා , මං එහෙමනම් පුම්බලා උඩ අරිනවා මෙහෙම අක්කලාව .. දුප් යන්න

    ReplyDelete
    Replies
    1. ඇයි ඇයි ආහ්..? වලියටද ඔයා? (මේ අයියේ නිකං විහිළුවට කිව්වේ හොඳේ..ෂේප් ෂේප්) :P
      අපි වගේ අක්කලා ලබන්න පින් කරන්න ඕන බොලව්! සමහරුන්ට නම් හම්බවෙන්නේ අක්කලා නෙවෙයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලොකු අම්මලා..!

      Delete
  11. ගස්ලබ්බගෙ අක්කත් ඉස්සර සවුතුයි.රොයිටර්ම තමා.. ඒකටත් එක්ක දැං... ශහ්ඃ.. ගෙදර ආපු දාට කොල්ලට රජ සැප...
    තනියගෙ පොඩි උන් ලොකු වෙනකොට වත් වෑන් කෙරුවාව අහවර වෙලා තිබුනොත් අන්න දිනුම.පව් බං පොඩි උං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහෙමද? උල්කා වුණත් ඔහොම කියයි..;) ඒ වුණාට ඉතින් අන්තිමේදි ලේ වතුරට වඩා ගනකම් නේ? :) හැබැයි ගනකම් ලේ තියෙනවා කියලා හිතන මිනිස්සුන්ගේ සම්බන්ධතා වතුරටත් වඩා දියාරුවෙන වෙලාවලුත් තියෙනවා..
      වෑන් කෙරුවාව නේද? අපි එහෙම ප්‍රාර්ථනා කරමු මචං..:)

      Delete
  12. සුබ පැතුම් සහෝදර ප්‍රේමයට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලලිත්..තනිතරුවට සාදරයෙන් පිළිගන්නවා..:)

      Delete
  13. වෑන් එකකට ගැළපෙන බඩගෙඩියක් නොතිබුණ උලකත් පවු. ආකර්ෂණීය යව්වනයේ චොරකඩ ඉඳං දරු පවුල්කාර වගකීම් ඉටු කරන්ඩ උන තනියත් පවු...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී මෙන්න නියමම කමෙන්ට් එක..මම පිටුවක් ලිව්ව එක වාක්‍ය දෙකෙන් කියලා නියමයි! :)
      ඔව් අපි ඔක්කොම පව් :(

      Delete
    2. සාරංශ කරගන්ඩ තව මොනව හරි තියෙනවනං කියන්ඩ...

      Delete
  14. සහෝදර ප්‍රේමය....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම! වෙල්කම් ටු තනිතරුව කුකො!:)

      Delete
  15. අක්කගේම නංගි වෙන්ට..... :)

    ReplyDelete
    Replies
    1. යසිත් බොහොම කාලෙකින්..! නැතුව නැතුව අක්කගෙම නංගි! :P

      Delete
  16. තනියා පෝස්ට් එක දැමිමෙන් පස් ආගිය තැනක් නැත
    කරුණාකර සොයා දෙන්ට
    හැක්..

    මටත් නංගියෙක් ඉන්නව බොල හැබැයි මං නං ඔය වගේ කට්ට කෑවෙ නෑ ඉතිං අනික දන් කාලෙ ඉදංම ගියෙ බස් එකේ වෙච්චි මොන වෑන් ෆන් ද කියහංකො.
    හැබැයි වලි නං වලි අන්න වලි අයියල නංගිලාගෙ වලි තරං ෆන් වලි තියේද මල්ලි ෑ නෑ
    තනිය පිං කරල නෑ වලි දාන්න හැක්

    උඹ නං ලොකම්මෙක් වුනා මං මාමෙක් වෙන්නෙ කවද්ද කියල කියල මං බලං ඉන්නෙ
    කොහෙද

    ReplyDelete
    Replies
    1. ටින් ටොන් ටින්!
      මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි, මෙන්න ප්‍රවෘත්ති..! මහින්දවාදී තනිතරුව අතුරුදහන් වූවන් අතරට. අවසන්වරට දකින විට මඩ පොස්ටරයක් අඳිමින් සිටි බව කියැවේ. ලද තොරතුරක් වෙතොත් කරුණාකර ලඟම ඇති පොලීසියට ලබාදෙන මෙන් ඥාතීන් ඉල්ලා සිටී.

      අයියලාට කොහෙද ඔහොම කටු සෙට්වෙන්නේ..! අයියලා ඉතින් නංගිලාට තග දාගෙන ඉන්න එක මිසක්.මාමෙක් වෙන්න ට්‍රයි කිව්වා? ඉස්සෙල්ලා නංගිට පුංචම්මගේ ප්‍රමෝෂන් එක සලකලා බැලුවොත් නරකද? :P :D

      Delete