Skip to main content

ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න

වර්තමානයේ වෙළෙඳපොල තුළ ඇති බොහෝ ක්‍ෂණික ආහාර හේතුවෙන් පසුකාලීනව විවිධ රෝගාබාධා ඇතිවිය හැකි බව ලොවපුරා විද්‍යාඥයින් සහ පෝෂණවේදීන් ප‍්‍රකාශ කර තිබෙනවා. වර්තමාන තරුණ පරපුර ද බෝ නොවන රෝග රැසකින් පෙලීමට හේතුව වී ඇත්තේද ක්‍ෂණික ආහාරවල ඇති ශරීරයට අහිත කර විෂ රසායනික ද්‍රව්‍යයි. ඇතැම් රසකාරක, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, සුවඳ වර්ග සහ ඇසුරුමේ පවතින දෝෂ හේතුවෙන් ක්‍ෂණික ආහාරවලින් ශරීරයට අහිතකර විෂ ඇතුළු විය හැකියි. එවැනි ආහාර සහ බීම වර්ගවල අඩංගු සංඝටක ඒවායින් ඉවතට ගෙන පාරිභෝගිකයින්ට ප‍්‍රදර්ශනය කළ හැකි නම් කෙතරම් අගනේද?

මැලේසියාවේ කන්සියුමර් ඇසෝසියේෂන් ඔෆ් පීනෑන් (Consumers Association of Penang - CAP) නමැති රාජ්‍ය නොවන සංවිධානය එරට පාරිභෝගික අයිතීන් වෙනුවෙන් දැඩිව පෙනී සිටින ආයතනයක්. ඔවුන් ලොව පුරා ජනප‍්‍රියත්වයට පත්වු ක්‍ෂණික ආහාර පාන සහ බීම වර්ග මෙන්ම මැලේසියාවේ ජනප‍්‍රිය ක්‍ෂණික ආහාරවල ද අන්තර්ගත සංඝටක වෙනම ප‍්‍රදර්ශනය කරන අපූරු ප‍්‍රදර්ශන සංවිධානය කරනවා. ඇතැම් විට ඒවා ජනතාව නිතර ගැවසෙන ස්ථානවල පැවැත්වීමෙන් ඉතා ඉහළ ප‍්‍රතිචාර ද ලැබෙන අයුරු දක්නට පුළුවන්. ඇතැම් ජනප‍්‍රිය බීම වර්ගවල අඩංගු සීනි ප‍්‍රමාණය ඔවුන් වෙනම ප‍්‍රදර්ශනය කරනවා. එම බීම වර්ගයේ අඩංගු රසකාරක ද වෙනම ප‍්‍රදර්ශනය සඳහා ගනු ලබනවා.

ඒ අනුව ප‍්‍රදර්ශනය නරඹන කෙනෙකුට තමන් බීමට ගන්නා අදාල බීම වර්ගයේ අන්තර්ගත සීනි ප‍්‍රමාණය සහ රසකාරක ප‍්‍රමාණය දැක ගත හැකියි. මෙම ප‍්‍රදර්ශනය පැවැත්විමට යාමේදී (Consumers Association of Penang - CAP) ආයතනය ලොවපුරා බහුජාතික සමාගම්වල දැඩි දඩයමට ලක්වන අවස්ථා ද පවතිනවා. ප‍්‍රදර්ශනය පැවැත්වීම සඳහා පහසුකම් ලබා නොදීම ඒ අතුරින් විශේෂයි. තවත් අවස්ථාවක බහුජාතික සමාගම් මෙම ප‍්‍රදර්ශන භූමිවලට කඩාපැන ඍජුව සහ වක‍්‍රව ඒවා කඩා කප්පල් කරනවා. මෙම අත්දැකීම් (Consumers Association of Penang - CAP) සමග බෙදා ගැනීමට පසුගිය දා ශ‍්‍රී ලාංකිකයින් පිරිසකට අවස්ථාව හිමිවුණා. ඒ, සේවා ලංකා ආයතනයේ මග පෙන්වීම යටතේයි.

එම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් ද එවැනි ප‍්‍රදර්ශනයක් පසුගිය දා කොළඹ දී සංවිධානය කළා. sewa lanka foundation මගින් මැලේසියාවේ සංචාරය කොට(Consumers Association of Penang - CAP) සමග හුවමාරු කර ගත් දැනුමෙන් එය කොළඹ දී පැවැත්වීමට මූලිකත්වය ගෙන කටයුතු කළ අය අතර Eco - V සංවිධානය පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය (consumers right protection national organisation) පෙරමුණේ පසුවුණා.

M 01 M 02 M 03 M 04 M 06

ශ්‍රී ලංකාවේ පැවති ප්‍රදර්ශනය
SL 01 SL 02

- See more at: http://offair.nethfm.com/article/14614#sthash.kAowj1NJ.dpuf
http://offair.nethfm.com/article/14614

Comments

Popular posts from this blog

කුණ්ඩලීණි චක‍්‍ර භාවනාව මග පෙන්වීම්

චක‍්ර භාවනාව ගැන පටන් ගන්න කලින් මුලින්ම දැන ගන්න ඔන කාරනා කිහිපයක් තියෙනවා. ප‍්‍රධානම දෙය තමයි සෘෂි භාෂිත පංච නීවරණය . මොකක්ද මේ ....... බොහොම සරල දෙයක් 1. ප‍්‍රණ ශක්තිය පාතනය කිරිමඅපගේ ජිවිතය රුදිලා තියෙන්නේ හුස්ම මත ..... අපි විස්වාස කරන්නේ එහෙමයි. හැබැයි එක ඇත්ත නොවෙයි. හුස්ම ගැනීමට වඩා නොගෙන ඉන්නවනම් වැඩි කාලයක් නිරෝගීව ජිවත් වෙන්න පුලූවන්.ප‍්‍රණ ශක්තිය පාතනය කරන්න කියලා කියන්නේ ප‍්‍රණ ශක්තිය වෙනත් ශක්තියකට පෙරලන්න කියන එකයි. කුණ්ඩලීණිය වඩන්නනම් මුලින්ම අපි හුරු වෙන්න ඔනේ හුස්ම ගැනීම වෙනුවට නොගෙන සිටිමත් එයින් ඇතිවෙන ශක්තිය කම්පන තරංගයකට පෙරලා ගැනීමටත් 2. ඉන්පසු වැදගත්ම දේ තමයි. අනුන්ගේ දේ නොගැනීම. අනුන්ගේ දේ කියන්නේ හුස්ම පාලනය කිරිම තුළින් අපි රූප ධ්‍යාන මට්ටමට ලගා වෙනවා. අනුන්ගේ දේ කියලා කියන්නේ අන් සතු රූප නොගැනීම . යොගියා භාවනාවෙන් රූප දකින්න පටන් ගත්ත ගමන් ඒ තුළින් ආස්වාදයක් වින්දනයක් ලබන්න පටන් ගන්නවා. අනිත් කෙනා කරන දෙය අල්ලපු ගෙදර වෙන දෙය ඉතිහාසය දෙවියන් ආදිය බලමින් එතනින් ඉදිරියට යෑම නතර කරනවා........ඒ කියන්නේ චක‍්‍ර භාවනාවේ පලමු ච‍්‍රක‍්‍රය එනම් මුලාදාරය අවදිවීම ත

ආහාර හා පෝෂණය පිළිබඳ මෑතකාලීන අධ්‍යයන සමහරක වැදගත් අනාවරණ

මහාචාර්ය ජයිරාම් වනමාලා (Jairam Vanamala) විනෝදාංශයක්‌ ලෙස කළේ සුරතල් සතුන් ඇති කිරීම ය. ඔහු ගේ නිවසේ හාවුන් රැසක්‌ හා මීයන් සුරතල් සතුන් සේ ඇති කරනු ලැබී ය. (අපේ රටේ නිතර ම දක්‌නට ලැබෙන මීයන් නො ව ලස්‌සන මීයන් ය). ඔහු ගේ හාවුන් හා මී රැළ අතරෙන් වැඩි කොටසක්‌ හදිසියේ ම මහාන්ත්‍ර පිළිකා රෝගවලට බඳුන් වී මිය ගිය අතර ඉතිරි වූයේ දෙතුන් දෙනකු පමණි. මේ ඉතිරි වූ දෙතුන් දෙනා ගැන ඔහු ඉන්පසු වැඩිපුර අවධානය යොමු කරන්නට විය. ඉන්පසු ඔහුට නිරීක්‌ෂණය කළ හැකි වූයේ අපූර්ව දෙයකි. මේ අය, ලබා දෙන සාමාන්‍ය ආහාරවලට අමතරව, වත්තෙහි (මොවුන් කුඩා විවෘත බිම් පෙදෙසක හැදී වැඩුණ සතුන් ය) වූ මිදි ගස්‌වලින් වැටෙන මිදි ආහාර ලෙස ගන්නා බවයි. මේ සිද්ධියෙන් පසු මිදි පිළිකා කෙරෙහි දක්‌වන ප්‍රතිචාර ගැන දීර්ඝ ලෙස අවධානය යොමු කරන්නට Jairam සිතිණි. Jairam යනු ඇමෙරිකාවේ පෙන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ආහාර විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකි. ඔහු පෙන් විශ්විද්‍යාලයයේ පිළිකා ආයතනයේ ද දේශකයෙකි. ඔහු මහාන්ත්‍ර පිළිකා සහිත මීයන් 52 දෙනකු ගෙන ඔවුන් කොටස්‌ තුනකට බෙදුවේ ය. එක්‌ කොටසකට සාමාන්‍ය ආහාරවලට අමතරව මිදි සහිත ආහාර වේලක්‌ ලබා දුන් අ

අපාය - විවිධ අපායන් හා ඒ ඒ අපායට යාමට හේතු

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකටයි. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එකයි. මෙ නරකයත් කොටස් වලින් යුක්තයි. 01)  සඤ්ජිවය යමපල්ලන් විසින් එහි උපන් සත්ත්වයින් ගිනියමි වු පොළවෙහි පෙරලා කැලි කැලි කොට කපද්දිත් ඒ සත්ත්වයින් නැවත නැවත ජිවත් වන බැවින් මෙ නරකය සඤ්ජිව නම් වෙ.  අධික ක්‍රෝධයෙන් හා මානයෙන් අන්අය හා කලකෝලහල කල අයද, දුබලයන් පෙළු රජවරු නිලධාරි හා අමාත්‍යයෝද, දිලින්දන් පෙළු පොසතුන්ද, මැරයෝද, සතුන් මරන්නෝද මෙ නරකයේ උපදියි. 02) කාලසුත්‍රය උපන් සත්ත්වයින් ගිනියම් වු යපොලවෙහි පෙරලා දැලි නුල් ගසා සසින්නාවු (කියතින් ඉරන්නාවු) නරකය මෙයයි. මාපියන්ට හා මිතුරන්ටද, ගුණවත් මහණ බමුණු ආදින්ටත් අපරාධ කල අය මේ නරකයේ පැසෙයි. 03) සන්ඝාතය මෙම නරකයේ සත්ත්වයෝ යොදුන් නවයක් ඝන ලෝහමය පොළවේ එරි නිස්චලව සිටිති. එහි භයානක හඩක් නංවමින් එහි එරි සිටින සත්ත්වයින් අඹරමින් පර්වතයෝ ඒ මෙ අත පෙරලි යති. ඒවාට යටවි සත්ත්වයෝ තැලි පොඩිවි ඇඹරි යති. ඇත් අස්, ගව ආදි සත්ත්වයිට වද දෙමින් වැඩ ගත් පුද්ගලයින් හා ස