සිහිනයෙනුත් නොඑන්න.....





ආදරයෙන් ඉල්ලමි,

සොඳුරිය.......................



ඔබට මා ආදරය කල බව

සැබෑවක්ම වූ නමුදු

දැන් අපි අපේ නොවනු ඇත



පෙර පැතූ සියලු දේ නිසැකවම

වලංගු නැත තවදුරටත්

ජීවිතේ අප වෙන්විය යුතුයි



හිතවතිය............

ඉතිං ඉල්ලමි ආදරෙන්

දැන් ඉතිං යලි යලිත් මා වෙතට

සිහිනයෙනුත් නොඑන්න.....



එක්තරා දවසක මාධව ප්‍රාර්ථනාවක් කලා. එය නම් වුනා “මේ පාරෙන් එන්න“ යනුවෙන්. නමුදු එය ඉටු වුනේ නෑ.. එසේ කල ප්‍රාර්ථනා බොඳ වී ගියා. ඇයව දැක ගන්නට බැරි උනා ඉවසනු බැරි මාධවගේ සිතුවිලි තවත් ප්‍රාර්ථනාවක් කලා “ මේ හීනයෙන්වත් එන්න“  යනුවෙන් මාධව එය නම් කලා... ඉන්පසුද සිහිනයෙන් නොඑන ඈ වෙත  මාධව විසින් පැනයක් යොමු කලා. එය “සිහිනයක්ම වෙන සිහිනයකින් වත්! යනුවෙන් නම් වූවා. නමුදු පිලිතුරු බලාපොරොත්තුවෙන් බලා සිටි මාධව දෛවයේ සරදම් මේ යැයි පසක් කරමින් දැන්  ප්‍රාර්ථනා කරනුයේ  “සිහිනයෙනුත් නොඑන්න“ ලෙසයි. සැබෑ ජීවිතයේ පැමිණීම අපේක්ෂා කලද එය බිඳ වැටුනු කල්හි සිහිනයෙන්වත් පැමිණෙනු ඇතැයි පැතූ ආදරයක කතාන්දර ගොන්නක් මාධවගේ අතින් මෙලෙස ලියවුනා. මේ ජීවිත කතාන්දර මාධවව කොහේ රැගෙන ගොස් නතර කරාවිද මාධවම දන්නේ නෑ. මාධවට කල හැක්කේ බලා හිඳීම පමණක්ද?

Your Comments / ඔබේ ප්‍රතිචාර

Previous Post Next Post

Contact Form