26 February 2016

ඉක්කයි මමයි ගාලු යාම

ඇමති තුමා ...

ආ ... බදාදා මහජන දිනය , බදාදා එන්න ....

මහජන..??? නෑ නෑ  සර් මම මේ ඒ නොසන්ඩාලයෙක් නෙමෙයි ...  මම සර්ට වැඩ කලේ ...

ඔව් ඔව් ... ඉතින මොකද ?

සර් අපේ කට්ටිය ඊයේ හවස පොඩ්ඩක් සැට්  වුනා .. ඉතින් රෑ  වෙන කොට අපි රටේ ප්‍රශ්න ඔක්කොම එකින් එක විසඳන්න ගත්තා .. මේ එකක් ඉතුරුවුනා .. සර්ව මම දන්න නිසා,  සැට්  එකේ එවුන් කිව්වා... ගිහිල්ලා අහන්න කියලා 

ආ එහෙමද .. ඔන්න ඔහොම තමුන්ගේ ප්‍රශ්න තමුන්ම විසඳ ගන්නවා නම් අපිටත් දෙයියනේ කියලා අපේ වගකීම් ඉටුකරගෙන ඉන්න පුළුවන්නේ ..කිසි කරදරයක් නෑනේ ... දැන් මොකක්ද ඔය පුරස්නේ?

සර් මේ දැන් මේ ඉක්කා ආපුවහම මොකද කරන්නේ 

මොකක්ද ඕයි  මේ උදේම ඇවිත් මගෙන් කුණුහරුප අහගන්නද හදන්නේ ? .... ඉක්කාවක් ආවොත් හොඳ සීතල වතුර ටිකක් හොඳට නිවලා , එක උගුරක් උගුරු දහයකට බොනවා ... නැත්නම් හුස්ම පොඩ්ඩක් අල්ලා ගෙන ..

නෑ  නෑ  සර් ඒ ඉක්කා නෙමෙයි , මේ ඉන්දියන් කාරයෝ මෙහෙ එන ඉක්කා ..

ආ තමුසේ කියන්නේ මේ එට්කා ... ඉතින් මොකෝ ?

සර් .. දැන් ඕක අත්සන් කරයින් පස්සේ ලංකාවේ දොස්තරලා වෙනුවට ඉන්දියන් දොස්තරලා එයිද ?

එයි ... ඇයි අවුල්ද ? තමුසේ දන්නවද ලංකාවේ දොස්තර පුරප්පාඩු කොච්චර තියෙනවද කියලා ?

නෑ නේ ..ඒත්  එතකොට ලංකාවේ දොස්තරලාට රස්සා අඩුවෙයිද ?

වෙයි . ඇයි අවුල්ද ? එහෙම තමා අයිසේ නව ලිබරල් වුනාම 

එහෙමද ? සර් එතකොට ඔය කියන විදියට තෝසේ  පාර්සලේ බැඳගෙන අයි ටී කාරයොත් එයිද අපේ ලංකාවේ අයි ටී මහත්තුරුන්ගේ රස්සා වලට අඩු පඩියට 

එයි .. . ඇයි අවුල්ද ? මම කිව්වේ අයිසේ  ඒවුනාට නව ලිබරල් නේ 

අම්මට සිරි , එතකොට අපේ ඉංජිනේරු මහත්තුරුන්ටත් කෙළ  වෙයිද සර් ?

සමහර විට වෙයි ඕයි ..තමුසේට තේරෙන්නේ නෑ  ඉන්දියාව මාර ලොකුයි , ඒ රටේ මිනිස්සු ගොඩාක් ඉන්නවා ..මේ ගිවිසුමෙන් අපිට ඉන්දියාවේ සහය අරන් ඇමරිකාවටත් ගේමක් දෙතහැකි 

ඉතින් සර් ඔය ඉන්දියාවේ එවුන්ට අපිට ඇමරිකාවට ගේමක් දෙන්න උදව් කරන වෙලාවේ , උන්ටම තමුන්ගේම කියලා ගේමක් දෙන්න බැරි යෑ ?

තමුසේ ලයිසන් කැන්සල් කරගන්නද හදන්නේ ?

අනේ සර් එහෙම කරන්න එපා , අහිංසක මිනිස්සු අපි ...හරි දැන් සර් කොහොමෙන් කොහොමෙන් හරි අපේ කට්ටියටත් එහෙ රස්සා හම්බු වෙයි නේ ... 

පිස්සුද ඕයි  උන්ට මැන්ටල් යෑ 

අයියෝ අඩුම ගානේ අපේ නළුවෙක්ට හින්දි පිචර් එකක , ඉටි කිරිස් නිලියක් ගේ කණ මිරික්කන්නවත් ..

උන්ගේ ඒවා උන් මිරිකාගනියි 

හ්ම්ම් ...දැන් සර් අපේ කට්ටිය ඊයේ කිව්වා ඔහොම ගිහින් ත්‍රී වීල් කාරයෝ , බාබර් ලා හිටං එහෙන් එයි කියලා .

දන්නේ නෑ  ඕයි..එයි සමහර විට 

සර් එතකොට ඔය ඉක්කා එකෙන් බලපෑමක් වෙන්නේ නැති රස්සාවක් ඇත්තෙම නැද්ද ලංකාවේ ?

හා හා ඇයි නැත්තේ ? එක රස්සාවක් තියෙනවා 

(ඇමති තුමා , මුවග සිනහවක් නගා ගනිමින් ජාතික ඇඳුමේ බැනියමේ රැළි  සකස් කර ගත්තේය )

පලි :
වෙළඳ ගිවිසුම් ගැන මට ඇත්තේ ලිං  මැඩි ආකල්පයක් නොවේ . නමුත් ලොකු රටක් පොඩි රටක් හා ගසන ගිවිසුමක වැඩි වාසිය කාටදැයි කියා මම දනිමි . මට ඇති ප්‍රශ්නය එය නොවේය . මට ඇති ප්‍රශ්නය මේ ගිවිසුම ගැන සංවාදයකට එළඹීමට , ආණ්ඩුවේ ඇති නොකැමැත්තයි . අනෙක් අතට අප රටට ලැබෙන එකම වෙළඳ වාසියක් වත් සඳහන් කිරීමට අපොහොසත් වීමයි . 

මට ඇති ව්‍යාකූලත්වය , තවම කෙටුම් පත් කර නැති නිසා, එහි අන්තර්ගතය ගැන කිව නොහැකි බවත් , ඒ නිසාම  ඊට විරුද්ධවන්නන් , බයියන් , කඩාකප්පල්කාරීන් වන බවත් පවසන අගමැති තුමාම , ඒ කෙටුම්පත්වත් කර නැති ගිවිසුම කවුරුන් කෙසේ කීවත් අත්සන් කරන බව කීමය . නළුවෙක් නෙමෙයි මොලයක් යයි කියූ කතාව ගැන නම් මට එදත් තිබුනේ සැකයකි . රටක් දියුණු කළ  හැක්කේ එක මිනිසෙකුගේ මොලයෙන් නොවේය. ඒ දර්ශනය වැඩි දියුණු කිරීමට , ප්‍රශ්න කිරීමට මෙන්ම ක්‍රියාත්මක කිරීමට සමත් මොළ වලින් යුතු කණ්ඩායමක් ඔහු වටා රැස්වූ විටය 

ඉක්කාවක් ආවිට , ගමේ ගොඩේ කරන්නේ එක්කෝ හෙමිහිට වතුර එකක් බීමය , නැතිනම් හුස්ම අල්ලා ගෙන සිටීමය . නැතිනම් "ඉක්කයි මමයි ගාලු ගියා ඉක්කා තියලා මං ආවා" යයි කීමය . 
නමුත් ඒ ඉක්කාය මේ එට්කා ය 

17 comments:

  1. ඉන්දියානුවන් සමඟ දිනපතා වැඩ කරන මට මේ අත්දැකීම තියෙනවා. ඉන්දියානු විදුහල්පතිවරයෙක් වැඩ කරන ඉස්කෝලෙක වැඩ කරන්න ඉන්දියානුවොවත් කැමති නෑ. හාපෝ කියනවා.

    ReplyDelete
    Replies
    1. ඩුඩ් මමත් හැඟීම් බරව හිතුවොත් , පෙන්නන්න බෑ ඉන්දියානුවන් . නමුත් , මේ ගැන ඔලුවෙන් කල්පනා කරලා බලලයි මේ සටහන ලිව්වේ . එහෙම බැලුවත් මට මෙහි හිදැස් ගොඩක් තියෙනවා . බොහෝ ක්ෂේත්‍ර වල ඉන්දියාවේ සේවා කුලිය ( service rate ) එක ලාබයි ලංකාවට වැඩිය . අනික ඒ රටේ විසඳා ගත යුතු උග්‍ර විරැකියා ප්‍රශ්නයකුත් තියෙනවා .

      Delete
  2. මේ ඉක්කට සපෝට් එකට අපේ මැට්ටා ලියපු පෝස්ට් වලට මම කිව්වෙත් තාම අපි මුකුත් දන්නේ නැති නිසා හරියට යමක් කියන්නේ නැහැ කියලයි...
    හැබැයි ඉතින් අර කොළයක් නෙමෙයි එළුවෙක් ය කියල කියපු ඩයල් එක තගරි පාට් එකෙන් කොහොමහරි කරනවා කියල කියද්දී මටනම් හිතෙන්නෙම ඔතන රටේ මිනිස්සු විරුද්ධ වෙන මොකක්හරි අපිට අවාසි ලොකු දෙයක් ඇති කියන එක...

    ඒ අස්සේ කාලකන්නි සතුටක් දැනෙනවා බුකිය දිහා බැලුවම, කලින් සිංහ සෙයියාවෙන් තිබ්බ ආණ්ඩුවයි මරාවයි පලු ඇරපු උන් සෑහෙන ප්‍රමාණයක් බඩට පාර වදියි කියන බයට මේ ආණ්ඩුව විවේචනය කර කර පෝස්ට් දදා බයේ දඟලන හැටි දැක්කම...
    ඒ අස්සේ අපේ සමහර යහපාලන බැචාල බෝඩ් ලෑලි උස්සගෙන පෙළපාලි එහෙමත් යනවා, විළිලැජ්ජාවේ තන්තෝසේ බැරුව...

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන ප්‍රශ්නේ හිස් තැන් .
      හැබැයි මේ ප්‍රශ්නේ ඊනියා බයියන්ට විතරක් නෙමෙයි වැඩියෙන්ම ඊනියා ටොයියන්ටත් (මේ වචන පාවිච්චි කිරීමට වීම ගැන සමා වෙන්න ) බලපානවා . රනිල් මීට බයි ලේබලය ඇලවීමෙන් කරන්නේ දේශපාලන වංගු වක් දැමීමක් බවයි මගේ අදහස .

      අපි මෙහෙම සරලව හිතමු . වෙළඳ ගිවිසුමක වෙන්නේ , පාර්ශව දෙකේ තියන බහුල හා වාසි දායක සම්පත් එක තැන කර දෙපාර්ශවයටම තනි තනිව ලබා ගන්නවාට වඩා වැඩි ලාබයක් ලබා ගැනීම . ඉන්දියාවේ බහුල සම්පත් ලාබ මිනිස් ශ්‍රමය සහ ප්‍රාග්ධනය . ලංකාවේ , ඕනෙනම් රටේ පිහිටීම හා ප්‍රමාණය නිසා ලොජිස්ට්ටිකල් පහසුකම . කොටින්ම අපේ රටේ යටිතල පහසුම් සඳහා වැය කරන ඩොලර් එකකින් ආපසු ලබා ගත හැකි ලාබය වැඩියි ඉන්දියාවට වඩා (ඊට හේතු බොහෝයි . ජනගහනය , දරිද්‍රතාවය , දේශපාලන ව්‍යුහයේ ව්යාකුලතාවය ). ඉතින් සාදාරනම සැකය ඉන්දියාවේ කොම්පැනි ලංකාවේ ආයෝජනය කර ඉන්දියානු ශ්‍රමිකයන් යොදා ගනීවි කියායි . ලොජිස්ටිකල් සේවා ලංකාවේ ආයතන සපයාවී . නමුත් ඉන්දියානු කොම්පැනි , ලංකාවේ ආයතන වලින් 100% සපයන ලොජිස්ටිකල් සේවාවක් උඩ විශ්වාසය තබාවිද ? ඒ අංශයෙන් කොටසකුත් ඔවුන් විසින් නොසපයාවිද . මෙහි ඇති දිගු කාලීන වාසියක් මට නොපෙනේ . නමුත් කෙටි කාලින අයවැය හිඟය , වෙළඳ ශේෂය පිරවීමේ ක්‍රමයක් ලෙස නම් ප්‍රයෝජනය පෙනේ . ප්‍රශනය එය නම් , ඒ කොළය වසා නොගැසිය යුතුය

      Delete
  3. මට නම් තියෙන ප්‍රශ්ණේ ඕක නෙමෙයි පෝට් සිටි එකක් හදලා ඒකේ සින්නක්කර ඉඩම් චීනෙට ලියලා දෙන කොට. හම්බන්තොට වරායේ චීන්නූ ඉතරක් වැඩ කරන කොට, හාබර් එකේ පලාතක් චීනට ලියලා දෙන කොට මේ කට්ටිය කොහේද උන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. මාතෝ
      වැරදි දෙකක් , එක හරියක් නොවෙන්නේය . ඒ කාලේ "රාජාණ්ඩුවක් " යටතේ දුන්න ගොන් උත්තරත් , මේ කාලයේ "ලිච්චවී " ක්‍රමය යටතේ දෙන මෙවැනි https://www.youtube.com/watch?v=BBTpoc6cYw8 පැහැදිලි කිරීමුත් අතර එතරම් වෙනසක් මට නොපෙනේ .
      පාදෙනියගේ හෝ වෙන කෙනෙකුගේ දේශපාලන භාවිතාව , හෝ කඩේ ගෙන යන බෑග් එකේ බ්‍රෑන්ඩ් එක ගැන විතරක් බැලීම , හඳ නොදැක ඇඟිල්ල දෙස බැලීමක් නොවේදැයි මට සිතේ .
      මේ කතාවේ සඟවන යමක් ඇති බව ඕනෑම අයෙකුට පැහැදිලිය . එය කලාපීය ආරක්ෂාව පිළිබඳ කරුණක් විය හැක . එය එසේ නම් මට එතරම් ප්‍රශනයක් නැත . ඒ එය නොවැලකිය හැක්කකම බැවිනි . එක්කෝ චීනය හෝ ඉන්දියාව මෙහි කකුලක් තබා ගන්නවාමය . නමුත් ඒ ලබා දෙන "සේවය " අපේ ආර්ථිකයේ වර්ධනයට භාවිතා කළ යුතුය . නමුත් මේ යන්නේ වෙන පාරක දෝ කියා මට සිතේ .

      මම කරුණු තුනක් පමණක් දක්වන්නම් .
      ලංකාවේ ආණ්ඩුවෙන් , යටිතල පහසුම් ඇති කරන , බදු සහන දෙන , තොරතුරු තාක්ෂණ කලාපයක ඉන්දියානු ආයතන කරන ආයෝජනයන් ගැන කතාවක් ඇත .
      ලංකාවේ නැති "විශේෂඥයන් " ගේ සේවය ඉන්දියාවෙන් ලබා ගැනීමට මේ ගිවිසුම යටතේ ඉඩ ඇත .
      බොහෝ අංශ වල "විශේෂඥයන් " පිලිබඳ පැහැදිලි නිර්ණායක අපේ රටේ නැත

      Delete
    2. මට තියෙන්නේ පාදෙනිය වගේ කම්බා හොරුන් සහ මාද්දියවේදියෝ කියලා හිතන පොඩි ළමයි ෆෝම් කිරීමේ තරහක්...

      මත් මේ ගැන කතා කරන්න පටන් ගත්තා.. පෝස්ට් එකක් දැම්මා මචෝ...

      Delete
  4. මහින්ද අත්සන් කරන්න හැදූ සීපා ගිවිසුම මෙන් නොව එට්කා එකට ඉන්දියානු වෘත්තිකයින්ට මෙහි රැකියා කිරීමට අවස්ථාව නොලැබෙන බව අගමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කලා. එට්කා ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමත විය යුතුයි. මේ ප්‍රකාශය අග්මැති කරලා තියෙන්නේ සිංහල භාෂාවෙන්. මම හිතන්නේ ඒකයි ගොඩක් දෙනෙකුට තාම තේරිලා නැත්තේ. ඒ කතාව වැඩි දෙනෙකුට තේරෙන චීන භාෂාවෙන් පරිවර්ථනය කරන්න ඇරලා තියෙනවලු. තාම පරිවර්ථනය ලැබිලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඉයන්
      මෙහි නැති කියන්නේ මෝඩ් 4 පමණි . නමුත් 1,2 3 යටතේ ද (2- outsourcing , 3- දැන් කියවෙන ගිලන්රථ සේවය ) ඉන්දියානු ශ්‍රම සැපයුමට ලාංකික සේවා වෙළඳ පොළ විවෘත නොවේද ?
      අපි දන්නා පරිදි බොහෝ සේවා අංශයන්ගේ ඉන්දියානු ශ්‍රමිකයන් ගේ මිළ ලංකාවට වඩා අඩුය . කොලිටිය අඩුය . මෙමගින් අපේ රටේ සන්නාමයටද (ප්‍රමිතිය පිලිබඳ ) බලපෑමක් ඇත

      Delete
  5. ආමි කාරයොත් එයිද?

    ReplyDelete
    Replies
    1. උන්නම් කලින්ම ආවා නේද .
      අම්මපා කියයිද දන්නේ නෑ , මෙච්චර ලොකුහමුදාවක් අල්ලපු රටේ තියෙද්දී . එන්න පාලමකුත් තියෙද්දී , මොකටද අප්පා නිකන් වියදං කරන්නේ . ඔන්න ඔහේ පැරේඩ් වලට විතරක් පොඩි කට්ටියක් තියාගෙන , ඒ සල්ලි වෙන වැඩකට වියදම් කරන්න කියලා .. :)

      Delete
  6. මොන ආණ්ඩුව තිබ්බත් අපිට තිබ්බේ උන් කරන ඒවා බලන් ඉන්න විතරනේ . මේ සැරෙත් එහෙම තමා

    ReplyDelete
    Replies
    1. එය වෙනස් විය යුතු නැද්ද ?

      Delete
  7. I think both countries need each other. Generally in western indians are more respected in some fields. The fact is many thinks Sri lankans are indian too. Anyhow I don't think India is that bad as china. And looking only bad side of something is not my way. So I see positive. As many says they peeping in streets plus eat only dosai and work blah blah is only nonsense. I think it's pure jealous.
    Hope both countries get best from above deals. We badly needs it.

    ReplyDelete
    Replies
    1. when it comes to Indian foreign policy towards Sri Lanka, it is the south that wield the influence .
      China for centuries have been a empire , true . But having started to read most of chinese literature and the the political readings , I have a softer (still critical ) view of them . They are trying to see how to brings such a massive state from an empire of some sort to modern times , without going through the point of capitalism and democracy .

      My issue with this agreement is primarly one . I don't hear any worthy benefits being said about it by any one . ... As some one said in Maathalan's blog.. may be the benefits we have already got ... the 1Bn loan ... and now it is payback time .

      Delete
  8. විරෝධය සහ විරෝධයට විරෝධය ඇරෙන්න වෙන මොකුත් පේන්න නෑ... මේ වගේ සංස්කෘතික සමානත්වයක් ඇති, ශ්‍රමය පිළිබඳ සමාන සැලකීමක් ඇති ලොකු රටකුයි පොඩි රටකුයි ගහන ගිවිසුමකින් පොඩි රටට නම් වාසියක් වෙන්න ඉඩ හරිම අඩුයි තමා...

    ඒක නෙමේ පොඩි ස්පෙලිං මිස්ටේක් එකක්... මම දැන්න එක තැනක 'කන' කියලා වැරදිලා ලියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. සංස්කෘතික සමානතා තිබ්බට , ගහන ගිවිසුම අපිට වාසියක්ද කියලා සැලකිය යුතුයි . ආර්ථික අතින් අතින් නම් අපිට සමානතා වලට වඩා අසමානතා වැඩියි කියලයි මම හිතන්නේ . මේක සංස්කෘතික හුවමාරු ගිවිසුමක් නෙමෙයි , වෙළඳ ගිවිසුමක් .

      කොහොමත් ඉන්දියාව අපිට සලකන්නේ අසල්වැසි කුඩා දුප්පත් රාජ්‍යයක් ලෙස . ඉන්දියාව දියුණු වූ රටක් කරන්න, වැය කල යුතු පිරිවැය වැඩියි , යන කාලය වැඩියි . ඒ කාලය තුල මෙච්චර ලඟින් ඊට වඩා දියුණු රාජ්‍යයක් ඇති වීමට ඔවුන් කැමතිද , ඊට ඉඩ දේ ද යන්න ගැනත් සිතිය යුතුයි (හිතන්න මලයාසියාව හා සිංගප්පුරුව ගැන උනත් ) . අප කළ යුත්තේ ඔවුන්ට එයට සපෝට් කිරීම හැරෙන්නට වෙන කළ කිසිවක් නැති වන තැනට ඔවූන් තල්ලු කිරීමයි .

      විරුද්ධ වීම හා විරුද්ධ වීමට විරුද්ධ වීම ගැන තව දිගුවක් තියෙනවා වගේ . අත්සන් කරලා නැති උනාට මෙහි කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ බෙදා හැර තියෙනවා . විරුද්ධ වෙන එවුන් විරුද්ධ වෙන්නේ ඒක බලා ගෙන . එතකොට ආණ්ඩුවෙන් කියන්නේ ඔය කෙටුම්පත තව සංශෝධනය කලා කියලා ... මේ වගේ "වැරදි " හරියට වෙනවා වගේ .

      ස්තුතියි නිවැරදි කිරීමට ,

      Delete

Have commented