Thursday, February 25, 2016

නික්ම යාම iii






එහෙ හුඟක් වැඩ ඇති
සාද සාමීචි මධු සාද 
එහෙමත් ඇති

පොත් පත් මහ ගොඩක් ඇති
කියවන්න වෙලාවත් මදි ඇති
ගිය තැනක ලිපිනය එවන්නට
දුන් පොරොන්දුව 
අමතක ඒ නිසා වෙන්නැති

ඒ වුනත්,
‘එහෙ’ කියා තැනක් නැත්නම්?
පාර වැරදිලා නම්?

හිත හදා ගත්තට,
හද සිදුරු දැදුරු කර 
මීදුමක් සේ පැතිරෙන සාංකාවකි

ඉන්න තැනකින් අමතනු මැන
ලිපිනයක් නැතත් 
දැන් නම් මටත් ආහැකි..


17-02-16


4 comments:

  1. කරකැවිල ගිය කවියක්. ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා.

      Delete
  2. හද දැදුරු කරන සොඳුරු කවියකි.. කල්පනාට මේ දවස්වල මොනා වෙලාද මන්දා.. සමර අමර ආත්මගත සංවේදනා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරුරසී. මට මොනවද වෙලා තමයි. මම හිතන්නෙ රිංගගෙන හිටපු ගල්ලෙන බිඳිලා. :)

      සමර නිසා ආයෙත් ලියන්න ගත්ත වගේ හිතෙනවා. මේක නම් ලිව්වෙ තාත්තා නිසා. ඒ දෙන්නම යන්න ගියේ සමාන විදිහට -ජීවිත් වෙද්දිත් එක විදිහක සමානයො.

      Delete