16 February 2016

සොපි

සොපි නෝනා 
ඇඬුවේ
මළ ගෙවල් වල 
පෙට්ටිය ගේන කොට 
මිනිය උස්සන කොට 
නෝට්ටු කොළ වලට 
පුරුද්දට 

මධ්‍යහන පුවත් අහලා 
විජේ කුමාරතුංගට වෙඩි තියපු දවසේ 
ඈ හැඬුවාය ඇත්තටම 
කවදා හිමි නොවෙන 
ඒත් රෑ මැදියම 
සිතට හිමින් තුරුළුවෙන 
වීදුරු හීනයක් බිඳී 

සොපියගේ මිනිහා සෝමදාස 
මැරුණේ බීලම 
කොරියාවේ ජිනේ ගේ දහජරාව 
ඇඬුවේ නෑ ඈ 
එදා 
දුක තුරුළු කරන් 
උරගත්තා කඳුළු 
මිදුළු තුලටම 

සොපි
දැන්  කරන්නේ නෑ 
ඒ රස්සාව 
පාලර් වල ඉඩ කොහොමත් නෑ 
දුකට 
සෝකෙට මිසක් සාතිශ්‍ය 


පලි 
ඒත් ඇවිත් හිටියා 
සොපි
කඩුවෙල උසාවියට 
පහුගිය සතියේ දවසක 

පපුවට ගහ ගහ 
පරණ පුරුදු විදියට 
ඇඬුවා 
ඈ 
ජාතිආල මහත්තයෙක් 
අත අල්ලන් 

කියන කන් 
අයින්වෙන්නයි 
මාධ්‍ය මහතුන්ට 
දී ඉඩක් 

8 comments:

  1. නානසාරයත් සොපියට කෙලියද?

    ReplyDelete
    Replies
    1. එහෙමද ?
      හැබැයි මේ සොපි නම් ෆැන්ටසි හීන දැක්කට සිල් බිඳ ගත්තේ නැහැ

      Delete
  2. Replies
    1. උගේ දක්ෂකම , විකුණන ඒවා ගන්න එවුන් හරියටම සොයා ගැනීමට හැකිවීමයි

      Delete
  3. සොපි ගෙන මරුවට කියලා තියෙනවා. සොපී දැන් නිස්ශබ්දයි වගේ...

    ReplyDelete
    Replies
    1. මොන සොපිද මේ

      Delete

Have commented