Friday, February 12, 2016

අනාගතය හෙටයි

ඇත්තටම උදෑසනින් ඉකොනොමැට්ටාගේ ලිපියක් කියවා අවුලෙන් අවුලට පත්ව සිටි මා ඒ ගැන යමක් කියම්දෝ නොකියම්දෝ සිතා සිටියෙමි. නොකියම්දෝ කීවේ මම මේ සබ්ජෙක්ටය ගැන හරිහැටි නොදන්නා බැවිනි. එනිසා මා කියන දේවල වැරදි තිබිය හැක.

අප අවසානයේ ගුරුත්වජ තරංග නිරීක්ෂනය කළෙමු.ඉතින් අපට කාලය හරහා යන්න හැකිවේවිද කියා ලිපියක් පළවී තිබිනි.

ඇත්තටම අනාගතයට යාමටනම් අනාගතය කියා නිශ්චිත යමක් තිබිය යුතුය.එය නියතිවාදයකි.මෙහිදී ගැටළු ඇතිවේ. ග්‍රෑන්ඩ්ෆාදර් පැරඩොක්සය වැනි ගැටළුය. වරෙක ඉකොනොමැට්ටාම තවත් උදාහරනයක් ගෙනහැර දැක්වීය. එනම් සුනාමිය දා මියෙන බව කී විට එදා වෙරලට නොයයි එවිට මිය නොයයි එවිට ඒ සැබෑ අනාගතය නොවේ.මේ පරස්පරය විසදන්නේ කෙසේද

සැබෑ අනාගතය හා සත්‍යාසන්න අනාගතය ලෙස දෙකක් ඇතැයි සිතමු. ග්‍රෑන්පාදර් මියයාමට හැක්කේ සත්‍යාසන්න අනාගතයේය. එසේම අනාගතය වෙනස් විය හැක. සත්‍ය අනාගතය එසේ වෙනස් නොවේ.

මා සියළු සිදුවීම් කිසියම් සැලසුමකට අනුව සිදුවන බව සිතන්නට පුරුදු වූවෙක්මි. ඒ මගේ ආගමික පසුබිම නිසාය.ඒ නිසා මට මේ න්‍යායන් අවුලක්ම නැත.  එහෙත් කලින් කී පැරඩොක්සයන් නිරාකරනය කරගැනුමට සත්‍යාසන්න අනාගතයන් එකක් හෝ කිහිපයක් ඇති බව විශ්වාස කරමි.

කාලය හරහා අනාගතයට හා අතීතයට යා හැකිබවද මම දැඩි ලෙස විශ්වාස කරමි.එම ඉලක්කය කවදා හෝ ජයගැනීමට විද්‍යාවට හැකිවනු ඇත.

1 comment:

  1. පොස්ට් එකක්ද කොමෙන්ට් එකක්ද හිතා ගන්න බෑ.. :( දානකොට එක්කෝ ලින්ක් එක්ක දාන්න..

    ReplyDelete