February 12, 2016

ලොව විශාලතම සූර්ය බලශක්ති උත්පාදකය විවෘත කරයි.

මොරොක්කෝවේ Quarzazate  හි ලොව විශාලතම සූර්ය බලශක්ති උත්පාදනයේ පළමු අධියර පසුගියදා මොරොක්කෝවේ 6 වැනි මොහමඩ් රජතුමා විසින් විවෘත කරන ලදී. ක්‍රි:ව 2018 දී අවසාන කල විට මෙම සූර්ය බලශක්ති උත්පාදනය එරට ප්‍රධාන නගරය වූ රබට් තරම් විශාල වූ ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතිනු ඇත. එමගින් රටේ විදුලිබල අවශ්‍යතාවය සම්පූර්ණයෙන් සපුරා අතිරික්තය යුරෝපයට අපනයනය කෙරේ. පළමු අධියරේදී මෙගා වෙට් 160 ක බලශක්තිය නිපදවන බවද වාර්තා වේ.

මධ්‍යම මොරොක්කෝවේ පිහිටි සූර්ය බල ශක්ති උත්පාදකය, ප්‍රකාශ වෝල්ටීයතා සූර්ය පනේල තාක්ෂණය වෙනුවට සූර්ය තාප තාක්ෂණය භාවිතා කර නිපදවා තිබේ. සූර්යාගේ චලනය අනුව වෙනස්වන සුවිශාල කන්නාඩි මගින් පයිප්ප තුල ඇති තෙල් 500 0 C ට රත් කිරීම සහ එම රත්වූ තෙල් යොදා නිපදවන වාෂ්ප මගින් ටර්බයින් යන්ත්‍ර වලට බලය ලබාදීම  සූර්ය තාප තාක්ෂණයෙන් සිදුවේ. මෙලෙස බල ගැන්වුනු ටර්බයින් යන්ත්‍ර මගින් විදුලිය නිපදවනු ලබයි. මෙම තාක්ෂණයේ සුවිශේෂිතාවය නම් රත්වූ තෙල් මගින් ලුණු දියකර ශක්තිය ගබඩාකර ගැනීමට හැකි වීමයි. සූර්යා බැසගිය පසුවද මේ හේතුවෙන් ශක්තිය ගබඩාකර ගැනීමට හැකිවේ. එනම් සූර්යා බැසගිය පසුවද මේ හේතුවෙන් ශක්තිය උත්පාදනය කළ හැකිය.

පළමු අධියරේදී සූර්ය බල ශක්ති උත්පාදකයේ කන්නාඩි 500,000 ක් විශ්මයජනක ලෙස සූර්යාලෝකය සමග චලනය වෙමින් ආලෝක කිරණ ග්‍රහණය කර ගනියි. Noor ලෙස නම් කර ඇති මෙම අධියර මගින් නිවාස මිලියනයකට පමණ විදුලි බලය ලබාදෙන අතර හිරු බැසගිය පසුද පැය 03 ක් පමණ විදුලිය ජනනය කරයි. ව්‍යාපෘතිය 2018 දී සම්පූර්ණ වූ පසු මෙගා වොට් 560 ක බලශක්තියක් නිපදවන අතර සෑම දිනකම පැය 20 ක් ක්‍රියාත්මක වේ. වර්ග කිලෝමීටර 24.3 (ව. සැ. 9.4)  ක ප්‍ර‍දේශයන් පුරා මෙය ව්‍යාප්තව පවතී. සූර්ය බලශක්ති ජනනය ඇතුළු වෙනත් පුනර්ජනන බලශක්ති මගින් විදුලිබල අවශ්‍යතාවයෙන් 42% ක් සපුරාගැනීමට මොරොක්කෝව සමත් වීම සමග වඩාත් ධනවත් ජාතියක් වූ බ්‍රිතාන්‍ය මෙම කාල වකවානුවේදී පුනර්ජනන බලශක්ති මගින් 30% විදුලිබල අවශ්‍යතාවයක් පමණක් සම්පූර්ණකර ගැනීම සංසන්දනය කිරීම අගනේය.

මේ දක්වා මොරොක්කෝවේ ස්ථාපිත ලොව විශාලතම සූර්ය බලශක්ති උත්පාදනය වෙනුවෙන් වෙනත් රටවල් ඩොලර් බිලියන 3.7 ක ආධාර ලබාදී ඇත. එයින් ඩොලර් බිලියන 1000 ක් ජර්මන් ඉතිරිකිරීමේ බැංකුවකින්ද, ඩොලර් මිලියන 400 ක් ලෝක බැංකුවෙන්ද ලබාදී තිබේ.අවසාන බලාපොරොත්තුව සූර්ය බලශක්ති මිල අඩුවී ලෝකය ඉන්ධන මත යැපීම අඩුකිරීම බවද වාර්තා වේ.

උපුටා ගැනීම :-
Morocco Just switched on the World’s Largest Solar Plant by Josh L Davis

https://www.youtube.com/watch?v=iwwrGxjLiGU

0 comments:

Post a Comment