Thursday, February 11, 2016

හිමාලයේ 'යෙටී' නැවතත් කරළියට




විටින් විට හිමාලයානු පෙදෙසෙන් දෝංකාර දෙන හඬ අත්භූතය. ඇතැම් විට හිම කඳු තරණය කරන්නට යන මිනිසුන් මේ අත්භූත සෙවණැල්ලට භිය වූ වාර අනන්තය. සීතල හිම ශිඛර මත අවතාරයකට මිස මිනිසෙකුට ගමන් කළ නොහැකි බව මිනිසුන් තව දුරටත් තර්ක කරන්නට විය. බංග්ලාදේශයේ දේශ සීමාවේ පිහිටි හිමාලයානු කඳු වැටිය තුළ සිදු වූ මේ අත්භූත ජනක සිදු වීම් පිළිබඳව විද්‍යාත්මක අවධානය වැඩි වැඩියෙන් යොමු වෙන්නට විය.පසුගියදා අනාවරණය වූ තොරතුරු වලට අනුව, හිම ශිඛර අරක්‌ ගත් අවතාරය ගැන විද්‍යාත්මකව අනාවරණය විය. තව දුරටත් ඔහු අවතාරයක්‌ නොවන අතර, Yeti හෙවත් හිම මිනිසෙකු බව විද්‍යාත්මකව අනාවරණය කර ගන්නට විද්‍යාඥයන් පිරිසක්‌ සමත් වූහ.

හිම ස්‌ථර මත තබා ගිය Yeti ගේ අඩි සලකුණු අනුව යමින් පරීක්‌ෂණ මෙහෙය වූ විද්‍යාඥයන් මේ ගැන පසුගිය දා අනාවරණය කළහ.ශරීරය පුරා ඝණව වැවුණු තද දුඹුරු පැහැති රෝම ඇති බවත්, හිස මෙන්ම මුහුණ පුරා මේ රෝම පැතිරී තිබේ. සාමාන්‍ය මිනිසෙකුගේ උසට වැඩී ඇති මේ හිම මිනිසාගේ දෙපා තරමක්‌ දුරට වානරයකුගේ ස්‌වරූපයක්‌ ගනී. බොහෝ දුරට සුනඛයෙකුගේ හෝ බිලාල වර්ගයේ සත්වයකුගේ මුහුණකට සමාන කම් කියන, මේ හිම මිනිසාට තරමක දරුණු පෙනුමක්‌ ඇති බව වාර්තා වීය.අධික බෑවුම් ප්‍රදේශවල ජීවත් වෙන බවට එම ප්‍රදේශ වලට සාමාන්‍ය මිනිසෙකුට හෝ සිව් පාවෙකුට ළඟා විය නොහැකි නිසා අවිවාදයෙන් මෙම අඩි සලකුණු හිම මිනිසාගේ බව ප්‍රත්‍යක්‌ෂ වී ඇත.

මීට වසර 100කට පමණ පෙර වාර්තා වුණු Yeti මේ ලෙස වාර්තා වීම විද්‍යාත්මක ඉතිහාසයේ ජයග්‍රහණයක්‌ විය. 1921 දී, රාජකීය භූගෝලීය විද්‍යාඥයන් පිරිසක්‌ මේ Yeti වරු ජීවත් වූ බවට ගවේෂණය කර තිබූ අතර ඒ පිළිබඳව ප්‍රමාණවත් සාධක සොයා ගැනීමට නොහැකි වීය. කෙසේ වෙතත් එකල ඔවුන් සොයා ගන්න ලද තොරතුරු වලට අනුව එම හිම මිනිසා Abominable snow man නමින් හැඳින් විය.ඒ ලෙසට 1954 දී ගවේෂණාත්මක භූගෝල හා සත්ව විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ හිමාලයානු කඳු වැටියේ මාසයක කාලයක්‌ නතර වී හිම මිනිසුන් පිළිබඳව ගවේෂණාත්මකව පරීක්‌ෂණ කළත් ඒ පිළිබඳව කරුණු සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය. නමුත් මේ ලෙස ජීවමානව ජීවත් වෙන හිම මිනිසෙක්‌ පිළිබඳව සාධක සොයා ගැනීම සැබවින්ම විද්‍යාඥයන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි.Jon Downes නමැති සත්ව විද්‍යාව පිළිබඳව විද්‍යාඥයන් තව දුරත් දීර්ඝ කාලීනව මේ ගැන පරීක්‌ෂණ කරන බව ප්‍රකාශ කර ඇත.

Channel 4 නමැති රූපවාහිනි නාලිකාවෙන් මේ පිළිබඳව සඟරාමය වැඩ සටහනක්‌ කිරීමට අපේක්‌ෂා කරන අතර එම වැඩ සටහන මෙම වසර අවසානයේදී විකාශය වීමට නියමිත බව ඔවුහු ප්‍රකාශ කර සිටියහ.
Ö වින්ධ්‍යා හාරිස්‌පත්තුව

No comments:

Followers