Aashiqui 3 නිර්මාණය කිරීමට සූදානම්...


Aashiqui 3 නිර්මාණය කිරීමට සූදානම්...



අද මගේ උපන් දිනය‍. ඒ නිසා මම හිතුවා මගෙ උපන්දිනයට මොකක් හරි හොද, අළුත් දෙයක් දෙන්න. මට හම්බ උනා මේ Aashiqui 3 එක ගැන විස්තරයක්. ඒක පහලින් දාන්නම් ඈ...

Aashiqui 2 කියන්නේ ලංකාවේ ගොඩ දෙනෙක් ඉතාමත් ආදරෙන් වැළඳ ගත්ත Film එකක්.... නමුත් මීට කලින් 1990 දී Mahesh Bhatt විසින් අධ්‍යක්ෂණය කරපු Aashiqui Film එකේ සිංදු ටික නම් හිතුවටත් වඩා ජනප්‍රිය වෙලා තියනවා. Aashiqui පලවෙනි ෆිල්ම් එක Mahesh Bhatt අධ්‍යක්ෂණය කලාට මෑතකදී ඉතා ජනප්‍රිය උණු Aashiqui 2 Film එක අධ්‍යක්ෂණය කලේනම් Mohit Suri විසින්.

කොහොම උනත් Aashiqui 2 හරහා ඉතා ජනප්‍රිය උන Shraddha Kapoor නැවතත් Aashiqui 3 Film එකටත් එකතු වෙයිද ? නැත්තම් Aashiqui 3 ෆිල්ම් එකට යොදාගන්න පෙම් යුවල කව්ද කියන එක ලාංකීය ප්‍රේක්ෂකයන් අතරෙත් කතා බහට ලක් උනා. Aashiqui 3 නිර්මාණය කරන්න නැවත සැලසුම් කරන්නේ Aashiqui පලවෙනි Film එක අධ්‍යක්ෂණය කරපු Mahesh Bhatt විසින්.

ඔහුනම් සදහන් කරලා තියෙන්නේ Aashiqui 3 සදහා රිතික් රෝෂන් සමග දීපිකා පදුකොනි හොද යුවලක් වේවි කියලයි. රිතික් රෝෂන් සහ කත්රිනා කයිෆ් යොදාගෙන නිර්මාණය කරපු Bang Bang චිත්‍රපටයත් ගොඩාක් සාර්ථක උන බව Mahesh Bhatt සදහන් කරලා තියනවා. Aashiqui පළමු ෆිල්ම් එකේ "Dheere Dheere Se" සිංදුව Remix එකක් ලෙසත් පසුගියදා එලි දක්වලා තිබුනා.

Dheere Dheere Se පරණ ගීතය පහලින් බලන්න...


Trailer එක මෙතනින් බලන්න.

ඔය විෂ් අනම් මනම් තියනවා නම් මෙතන දැම්මා කියලා අවුලක් නෑ හොදේ... එහෙනම් මම යනවා. කියන්න බැරි උනා, මේක තිබුනෙ Sha FM ගොසිප් සයිට් එකේ. කමෙන්ට් එකකුත් දාගෙන යමු ඈ....

පුළුවන් නම් ඇඩ් එකක් ක්ලික් කරලා උදවුවක් දෙන්න.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon