Sunday, February 7, 2016

මම පෙරේදා සාත්තරයක් අසන්නට ගියෙමි

මම පෙරේදා සාත්තරයක් අසන්නට ගියෙමි. 100% ක් ම පට්ටපල් බොරුය. එහෙත් මා ඒ ගැන වෙනත් අය සමග කී විට ඔවුන් කියන්නෙ මට සාත්තරය කියවුන බවයි. මේ සාත්තර කීම් බොරු රගපෑම් ද .නැතිනම් යම් ගුප්ත පැත්තක් ඇද්ද කියා මට දෙගිඩියාවකි.

මට කලක සිට තිබූ ආශාවක්නම් මේවා ගැන විද්‍යාත්මක පර්යේශනයක් කිරීමයි. පුනරුත්පත්තියද ඊට අයත්ය. මේ ආශාව යලි මතුවුනේ පෙරේදා අසන්නට ගිය සාත්තරයෙනි.

4 comments:

  1. බොහෝ දෙනෙක් කියන්නේ ගියාම ඇත්ත කියවෙනවා කියලයි.මට හිතෙන්නේ එහෙම වෙන්නේ ඒ ගැන ඔවුන් දැඩි විශ්වාසයක ඉන්න නිසා කියවෙන දේවල් ආසන්න වහයෙන් හරි කියලා හිතනවා.මම නම් මට කවුරු හරි ශාස්ත්‍රයක් කියන්න ආවොත් ඔහුව පටලවනවා.අන්තිමට පට්ටපල් බොරු ගොඩක් කියනවා.කොහොම උනත් මටනම් මේවා ගැන විහ්වාසයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මමත් ගියෙ අනෙක් අයගෙ බලකිරීමට. මෙතන මේ අය උපමාවලින් කතා කරනව වගෙ එකක්නෙ කරන්නෙ.අර්ථය හදාගන්න ඕන අපි අපිමයි. ඒ නිසා ඇත්තද බොරුද කියන එක බැලන්ස් කරද්දි ඇත්ත පැත්තට බර වැඩි වෙනව. කෙලින්ම නම් ගම් කියල සීන් එකට එන්ටර් වෙනවනම් අවුලක් නෑ

      Delete
  2. තමුන්ගේ හැසිරීම බලාපොරොත්තු සුවිශේෂයි කියා හැමෝම හිතා හිටියට ඒවා හරිම සාමාන්‍යයයි,සාත්තරයක් කියන්නේ ඔය විශ්වාස, බලාපොරොත්තු, සියල්ලට ගැලපෙන වැල් වටාරමක්, ඒක තමුන්ට ගලප්පගන්න එක සාත්තර අහන මෝඩයාගේ කාරියක්, සාත්තරයක් රෙකෝඩ්කරලා නැවත නැවත අහන්න ඒක හරිම අපූරුයි. සාත්තර අහන කෙනාගේ ඉරියව් / ප්‍ර‍තිචාර අනුව සාත්තරය පට් පට් ගාලා කස්ටමයිස් වෙනවා, සාත්තරයක් සත්ත වෙන්නේ එහෙමයි. කාලෙකට ඉස්සර සාත්තර කාරයෝ අන්දන එක මගේ විනෝදාංශයක් වෙලා තිබ්බා,

    ReplyDelete
  3. හපොයි මමන්ම් සාස්තර විශ්වාස කරන්නෙම නෑ.

    ReplyDelete