Sunday, February 7, 2016

කිශානි ජයසිංහ විජේසේකෙර - රටක සංස්කෘත නිරුවත හෙලි කල ඇය



ඇය කිශානි ජයසිංහ විජේසේකෙර. විශාඛා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස ඇය කටයිතු කරා.. බ්‍රිතාන්‍යයේ නොටින්ග්හම් විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධාරිනියක්. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක්.

ඇයට නීතිය සහ බටහිර සංගීතය පිලිබඳ විද්‍යාවේදී උපාධි දෙකක් හිමියි. ඇය ඔපෙරා සංගීතය පිලිබඳ විශ්ව කීර්තියට පත් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තාවයි. ඇය රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි.ඇය පෙර අපර දෙදිග භාෂා දහයකින් ඔපෙරා ගීත ගායනා කිරීමට සමත්. ඇය ප්‍රංශය, ඉතාලිය , නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, තුර්කිය සහ පින්ලන්තය යන රට වලදී ඔපෙරා ගායනය සඳහා අන්තර්ජාතික සම්මාන සයක් දිනා තිබීම ඇයගේ ප්‍රභාව පිළිබද සහතික කිරීමක්. ඇයට කලාව සහ සංස්කෘතිය පිලිබඳ අකුණු ආසියානු සම්මානය, සොන්ටා සම්මානය, Associate of the Royal Academy of Music (london) for outstanding Alumni and Alumni Laureate of the University of Nottingham යන සම්මාන හිමි ව තිබෙනවා.

ඇය අඛණ්ඩව වසර 3 ක් ශ්‍රී ලංකාවේ ජාතික ඔරු පැදීමේ ශූරිය වූ අතර අන්තර්ජාතික ඔලිම්පික් සම්මේලනයේ සංගීතය පිලිබඳ උපදේශිකාවක් ලෙස සේවය කර තිබෙනවා. ඔපෙරා ශෛලිය තරමක් අපෙ රටට අලුත්. නමුත් යමෙක් එය නොදත් පමණින් එයට ගැරහීම නොකළ යුතුය.. සංගීතය යනු විශ්ව භාෂාවකි. එහි සීමා මායිම් නොදැන තම දූපත් මානසිකත්වය විදහා පෑම නොකළ යුතුය.. ඔබ දන්නා දේ ඉතා සුලුය.. නොදන්නා කාරණා එමටය..

කිශානි ගැන යම් හැඳින්වීමක් කළේ ඇය නිදහස් දින දවසේ පැවති සංස්කෘතික උත්සවයේදී ගායනා කළ දන්නෝ බුදුන්ගේ ගීතයට අපෙ උගත් බුද්ධිමත් විචාරකයන් කර ඇති ලොවෙත් නැති කුණුහරප විචාර දෙස බලා ඇති වුන පශ්චාත්තාපයෙනි..

දන්නෝ බුදුන්ගේ ගීතයෙහි ඉතිහාසය ගැන කිසිදු දැනුවත් භාවයක් නැති හෙන සංස්කෘතික යැයි කියාගන්නා ඩයල් උදෙසා කෙටි කියවීමක් කළ යුතුව ඇත..

"දන්නෝ බුදුන්ගෙ" ගීතය ලියවෙන්නෙ 1905 වසරේ සිරිසඟබෝ නාට්‍යය වෙනුවෙනි.. නීතිඥ ජෝන්ද සිල්වා විසින් රචිත මෙම ගීතයට තනුව සැකසෙන්නෙ 19වන ශතවර්ශයේ විසූ විශිෂ්ඨ ඔපෙරා සංගීතඥයෙක් වන රිචර්ඩ් වැග්නර්ගෙ ඔපෙරා නිර්මාණයක් ආභාෂය කරගෙන බව බොහෝ අය නොදන්නවා ඇති..

ධර්ම බුදුන්ගෙ- ශ්‍රී ධර්මාස්කන්ධා නමින් ලියැවුනු ගීතය ධර්ම-ධර්මාස්කන්ධා ආදී වශයෙන් පුනරුක්ත දෝෂ සහිත වීමෙන් ශබ්ද රසයට සිදුවන හානිය නිසා දන්නෝ බුදුන්ගෙ වීය.. එදා රුක්මණී දේවි ගැයූවේ ඔපෙරා ආභාෂය ලත් ගීයකි..

අද වෙනසකට ඇත්තේ කිශානි එම වෙනස ත්‍රීවව කිරීමයි.. ඔපෙරාවකින් පෝෂ්‍ය වූ ගීතයක් ඔපෙරාවක් කිරීම ගැන ඇති වූ වාදය යට ඇත්තෙ මෙන්න අපෙ සංස්කෘතිය කනවෝ කියා කෑගසා බුකියට බෝසත් එළියට දෙව්දත් කීබෝඩ් වීරයන්ගෙ ගර්ජනාව බව කීවොත් මා නිවැරදි යැයි සිතමි..

ඔබ එයට අකමැතිනම් ඊට කමක් නැහැ. එහෙත් කුණුහරපෙන් පරිභව කිරීමට පෙර මදක් සිතන්න.. අපේ කුඩා රටින් බිහි වුණු විශ්ව කීර්තියට පත් ඇය පිලිබඳ අන්තර්ජාලයේ කියවන්න. ඉන් පසුවද අයව විවේචනය කල යුතුමනම් ඔබ සියලු දෙනා රැකීමට පොරකන සිංහල ජාතියේ හැදියාවට සහ බෞද්ධ දර්ශනයේ කරුණාව පෙරදැරිකරගෙන ශිෂ්ඨ ලෙස ඇයව විවේචනය කරන්න.තමාට කල නොහැකි දෙයක් දෙස විවෘත මනසින් බලන්න. තමාට නොපිටිහි ප්‍රතිභාවට ගෞරව කරන්න..

එයත් බැරිනම් කිසි දිනක දැක නැති ඔබ දන්නේත් නැති ගැහැණියකට "වේසි" , "බැල්ලි" කියා නිකරුණේ පරිභව නොකරන්න.. අ-සිංහල කවුද, අ-බෞද්ධ කවුද යන්න ඔබගේ වචන තුලින්ම දකින්න.

කිශානි ගායනා කළ ඔපෙරා ගායනායක් මෙය සමඟ අමුණා ඇත.. විශ්ව භාෂාවක් වන සංගීතයට ඉමක් නැත.. ඔබ කියාවි හෙට ජාතික ගීයත් ඔපෙරා හෝ රැප් කරොත් අනුමත කරනවද කියා.. උත්තරය නැත යන්නයි.. නමුත් ඔපෙරාවෙන් පෝෂණය වූ ගීතයක් ඔපෙරාවෙන් නව්‍යකරණය වීම ගැටලුවක් විය හැක්කෙ ලෝකය පිළිබද තත්කාලීන දැනුමක් නැති අය විය යුතුය.


දෙරණ මාධ්‍යයෙන් ඇයට බැළලියක් ලෙස සලකා අදහස් දැක්වූ අයුරු. 








උපුටා ගැනීම : අනව තප්ත විල

No comments:

Followers