03 February 2016

Emotional Politics (හෙවත් හැඟීම් දේශපාලනය) සහ Politics of Emotions (හෙවත් හැඟීමේ දේශපාලනය )

Emotional Politics හෙවත් හැඟීම් දේශපාලනය 

ඔන්න වෑන් එකක් නවත්තනවා කියන්නේ . සුදු වෑන් එකක් කියන්නේ . එකෙන් , දස මහා යෝධයෙක් වගේ , පුත්තර රත්නයක් බහිනවා කියන්නේ . කොල්ලා අහිංසක හිනාවක් පානවා කියන්නේ . පව් කියලා හිතෙනවා කියන්නේ . එක පාරටම දුක පිරිච්ච අම්මා කෙනෙක් ගේ මුහුණට ක්ලෝස් අප් ෂොට්  එකක් දෙනවා කියන්නේ . අම්මා කෙනෙක් නේ කියලා හිතෙනවා කියන්නේ . ලොකු අයියත් ඉන්නවා කියන්නේ . සහෝදර ප්‍රේමේ ගැනත් මොකක්දෝ හැඟීමක් එනවා කියන්නේ . බප්පොච්චිලාත් ඉන්නවා කියන්නේ . දුකකදී එක්  නොවෙන පවුල් මොකටයි කියා හිතෙනවා කියන්නේ . ඔන්න අප්පොච්චත්  එනවා කියන්නේ . අමාරුවෙන් වගේ හිනාවක් පාගෙන වගේ , ඇවිදගෙන එනවා කියන්නේ . රජකෙනෙක් වුනත් , පුත්තර සෙනෙහේ  ඇහැට කඳුලක් නංවනවා කියන්නේ ( පුත්තර සෙනෙහෙ මාකටින් වල මැද මුළන ක්‍රමේ , පුලතිසි පුර ක්‍රමේට වඩා දහස් වරක් සාර්ථකයි කියන්නේ ). අනේ ඉතින් අපිටත් මෙහෙම වුනා නම් කොච්චර දුකක්ද කියලා හිතෙනවා කියන්නේ . ඒ වුනාට , අපිට ඉතින් මෙහෙම වෙන්නේ නෑ නේ , වුනත් මෙහෙම නෑ නේ කියලා හිතෙන්නේ නෑ කියන්නේ .
බලය වෙනුවෙන් බොටුවක් මිරිකන්න , ඊට වඩා යමක් උනත් කරන්න දේශපාලඥයෝ එක්සිතින් පැහැදී සිටින බව මදකට අමතක වෙනවා කියන්නේ ( මේ උන් ඔක්කොමත් අපි වගේ ම මිනිස්සු කියලා හිතෙනවා කියන්නේ ) කළු ලෑල්ල මකලා දාපුවම එකේ තිබ්බ ඒවා මතක නැති වෙනවා වගේම , වමට දාපු සිග්නල් එක දිහා බලන් ඉන්නකොට , දකුණට රෝදේ කැපෙන වත් පෙනෙන්නේ නෑ  කියන්නේ .

මළ හිරු බහින යාමේ කොල්ලා , බන්ධනාගාර බස් එකේ දාගෙන , දෑතේ විලංගු ලා ගෙන අරන් යනවා කියන්නේ . හිතේ මොකක්දෝ හැඟීම් නූල්  බෝලයක් ලිහිලා , ටීවී එකේ ෆැන්ටසියක තියෙන ගමේ රහ , පරණ රාජ කතා , දරු සෙනෙහස, දේශප්‍රේමය, ගමත් නගරයත් අතර අතරමන් වුනු පහළ  මැදි පාංතික හිතක නිධන්ගත හීනමානය , මේ සියල්ල  එකට ගැට ගැහෙනවා කියන්නේ .  

ඔන්න කකියන්න ගන්නවා කියන්නේ .

****

Politics of Emotions හෙවත් හැඟීමේ දේශපාලනය 

ඔන්න වෑන් එකක් නවත්තනවා කියන්නේ . සුදු වෑන් එකක් කියන්නේ . එකෙන් ,  ටිකිරි බණ්ඩාර කුමාරයා වගේ හිටපු කොල්ලෙක් , නිකන් ගමේ කෙහෙල් කැනක් කපපු සෝමේ ව වගේ උසාවි ගේනවා කියන්නේ . කාර් බාර් , කොල්ලෝ කෙල්ලෝ , ඩෙනිම් ටී සේට් දෙක සුස් කිට මරා ගෙන අපිට කොකා පපා එහෙ මෙහෙ ගිය උන්ට ඔහොම වෙලා මදි කියලා හිතෙනවා කියන්නේ .  අපේ හීනේ , උන්ට හැබෑ වෙනකොට හිතේ ඇති වෙච්ච හැඟීම ඉරිසියාව නෙමෙයි , සාධාරණ සමාජයක් කෙරෙහි වූ උතුම් පැතුමක් යයි හිතෙනවා කියන්නේ . කොල්ලා අහිංසක හිනාවක් පානවා කියන්නේ . කෝචෝක් හූවක් කියන්න හිතෙනවා කියන්නේ. එක පාරටම දුක පිරිච්ච අම්මා කෙනෙක් ගේ මුහුණට ක්ලෝස් අප් ෂොට්  එකක් දෙනවා කියන්නේ . රජකම් කළත්  කළ කම් පඩිසන් දෙනවා කියන්නේ . ලොකු අයියත් ඉන්නවා කියන්නේ . ඊළඟට ඕකවත් දැම්මා නම් ඇතුළට කියලා හිතෙනවා කියන්නේ . 

මිනී මැරුමකට වගේ නෙමෙයි , මේ වගේ මාස් ශුද්ධිය මුදල් විශුද්ධිකරණයකට, කේස් එකේ හිල් තියාගෙන සති දෙකකට ඇතුළට  දාපුවම , නඩුව ගොඩ දා ගන්නත් පුළුවන්  කියන්නේ . ඒ වගේම රාජපක්ෂයෙක් ඇතුළට දාන කම් හිත්  වල තිබ්බ දොළ දුකත් සංසිඳෙනවා කියන්නේ . වන් ඉස්ටෝන්,  ටූ බර්ඩ්ස් කියන්නේ.

 ඔන්න අප්පොච්චත්  එනවා කියන්නේ . අමාරුවෙන් වගේ හිනාවක් පාගෙන වගේ , ඇවිදගෙන එනවා කියන්නේ . අර රජ තේජස දැන් කෝ කියලා හිතෙනවා කියන්නේ . කුණු කාණුවේ , කොන්ක්‍රීට් ලෑල්ල උඩ හිටගෙන ඉන්නකොට මේ යහ පාලනෙත් නරකම නෑ කියලා හිතෙනවා කියන්නේ . 

කුණු කාණුවේ කුණු ගඳ අමතක වෙනවා කියන්නේ 


පලි 
දේශපාලනය වනාහි , මොළය නොව හදවත සම්බන්ධ වයාපාරයකි .එහි මූලික නියමයක් වන්නේ සියල්ලෝම හැම විටම ඇන්ද විය හැකිය යන්නයි. එක අතකින් , මේ සිරගත කිරීමෙන් වැඩිම වාසියක් එන්නේ මහින්දටය (හෝ ඒ කොඩිය ගෙන යන යමෙකුටය ). වැඩිම චූන්  එක ලැබෙන්නේ යූ ඇන් පී කාරයන්ටය . ජෙප්පන්ට අන්ඩර් ද බෙල්ට් පාරක් වැදී , සටන් පාඨ හීන වෙන අතර , සිරිසේන ගේ කල්ලියට තියෙන චන්ද හුන්ඩුවත්  නැතිවේ . 

සුන් සූ ඔහුගේ ගේ යුධ කලාව ( Art of War ) පොතේ කියන්නේ , හතුරෙකුට ඉස්සරහින් ගහන්න , පස්සෙන් පැන යන්න ඉඩ තියන්න කියාය .

මහින්ද ගේ පාලන සමයේ , රනිල් ගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වූයේ මහින්දය . රනිල් කළගුණ (මෙන්ම අගුණ ද )  සලකන මිනිහෙකි . මේ ඒ කළගුණ සලකන සමය වීමට ද ඉඩ ඇත . 





16 comments:

  1. I generally keep silent on political talks. But this is something I totally agree with.
    I saw many of us tolerates MR n his tears. But I don't think he actually regret for his faults. Same as hid boys. They may reply to their hearts not making this fake tears....!

    Bravo !!

    ReplyDelete
  2. ඇන්දෙන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න කොට දේශපාලනය හරි පහසුයි.

    ReplyDelete
    Replies
    1. ඉල්ලුමට නේ සැපයුම

      Delete
  3. "අනේද කියනනෙ" කියන්නෙ

    ReplyDelete
    Replies
    1. කියන්නා කෙ සේ කීවත් ..... නේ

      Delete
  4. Replies
    1. මේ ප්‍රතිචාරය කලගුණ සැලකීම ගැනයයි සිතමි

      Delete
  5. සා දු කිං පෙ ලෙ න උං දැං ඉ තිං නැ ගි ටි න කා ලේ

    මොකද හේතුවක් තියෙය දැං නැගිටින්න
    හැක් පේනව නෙ මාජ්ජ සාකච්චා වහිනව

    ReplyDelete
    Replies
    1. සාදු කිං (Sadhu king) තමා

      Delete
  6. යහපාලනෙට සපෝට් කරපු නළු සෙට් එකකට ගහල , ඒකට මාද්‍ය සාකජ්ජාවක් තියන්ඩ කලින් පොරක් කිඋවලු නංගි පොඩ්ඩක් අඩන්ඩ කියල (ඒ සෙද්ද මතක් උනා ආයුබෝන්)
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඇයි අර යාපනේ දෙමලෙන් කතා කරන කොට , එකෙක් දාල හූ කියවපු එක

      Delete
  7. බයි විෂන් වර්සස් ටොයි විෂන් වගේ.. සුපර්!

    වැඩියෙන්ම කැමති 'පලි'යට..

    ReplyDelete

Have commented