Sunday, January 31, 2016

හෙලූවෙන් තියලා ගහලා, ගහලා, දෙකට නවලා ගුද මාර්ගයත් පරීක්ෂා කලා.


පානදුර දකුණ පොලිසියේ ටෙරන්ස් නැමැති නිලධාරියා හා තවත් අයෙක්, පාරේ යමින් සිටි තරුණයෙකුට පහරදී, ජීප් රථයේ දමාගෙන පොලිසියට ගෙනවිත්, එහි බැරැුක්කයට දමා නිරුවත් කොට පහර දීම හා ඉන් අනතුරුව ගංජා ග‍්‍රෑම් 10ක් එක්ක උසාවියට දැමීම පිළීබඳව කතාවකි මේ.
මේ දක්වාම පොලිසිය ශීලාචාර එකක් කරන්නට රජයට බැරිවී ඇත. පොලිසිය බාර ඇමතියෙක් ඇත. ඔහුද පොලිස් මාද්‍ය ප‍්‍රකාශකයාට නොදෙවෙනිය.
පොලිස් කොමිෂම පිහිටුවා ඇත. පොලිසියට එරෙහිව පැමිණිල්ලක් කල විට කරන්නේ, පැමිණිලි කල අයට පෝරම එවීමය. පරීක්ෂණ නැත. ආචාර්ය මහාචාර්යවරු ලිපිගොනු අරිමින්, ලියුම් එහාට මෙහාට යවමින් සිටිති.
මාධ්‍යට ඇවිත් බණ කියති. ඇත්ත කතා කරන්නේ නැත.
මෙය තහවුරු කරන, විදුවංශ ගුණරත්න විසින් පොලිස් කොමිෂමට, මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතිට කර තිබෙන ලිඛීත පැමිණිල්ලෙන් පැහැදිලි වේ.
මෙම පුද්ගලයාව, පානදුර රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතුව තිබුනත් එසේ කර නොමැත. උසාවියට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී ඔහුට නීතිඥ සහායවත් ලබා ගැනීමට ඉඩ තිබී නැත.
පොලිස් අපරාධ නවත්වා, දුෂණ හා අක‍්‍රමිකතාවන් අවම කර, අපරාධ මර්ධනය කිරීමට, කළ යුතු කාර්යයන් නීති පොතේ ඇත. එ්වා නීති පොතට සීමාවී ඇත. ජනතාව දැනුවත් නැත.
යහපාලනය යනු සටන්පාඨයක් නොවේ.භාවිතයයි. යහපාලනය ඇති කරන්න අත්‍යවශ්‍ය වන එක් කොන්දේසියක් දුෂණයෙන්, අක‍්‍රමිකතාවයෙන් තොර පොලිසියක්, උසාවියක් රටේ ඇති කිරීම.
විදුවංශ ගුණරත්න වයස අවු: 23 ය,ි විවාහක, දරුවන් 01 යි, රැුකියාව වඩු කාර්මික ශිල්පී.  ඔහු ලිඛීතව  මානව හිමිකම් කොමිෂන් සභාවට, ජාතික පොලිස් කොමිෂන් සභාව ට, පොලිස්පති ට, කරන ලද පැමිණීල්ල ට අවධානයට යාමු කරන්න. 

‘නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධ දී, ව්‍යාජ චෝදනා නගා  රක්ෂිත බන්ධනාගාරගත කිරීම.

2016.01.30 වන දින දීය.

2016 ජනවාරි 26 දින දහවල් 12.15 ට පමණ, මා බෙක්කේගම මිතුරකු හමුවීමට යන අතර, බෙක්කේගම ඉඳිගහ පාරේ ”පුෂ්පා” නැමැත්තිය විසින් පවත්වාගෙන යනු ලබන සිල්ලර වෙළඳසැල ඉදිරිපිට දී, මා අසල පානදුර දකුණ පොලීසියේ ජීප් එක නැවැත්තුවා. 

සිවිල් ඇඳුමින් සිටි නිලධාරියකු එම ජීප් රථයෙන් බැස මා අසලට පැමිණ, එදා ගෙනාපු බයික් එක (යතුරුපැදිය) කෝ කියා මාගෙන් ඇසුවා.

මම ඔහුට කිව්වා, එ්ක අයිතිකාරයා ගෙනිච්චා කියා. එ් සමගම මූ ළඟ ගංජා තියෙන්න  ඕනි කියා, මට පහර දෙමින් මාව සෝදිස්සි කරන්න පටන් ගත්තා.

මම ඔහුට කිව්වා, මම කලිසම ගලවලා හරි පෙන්නන්නම් සාක්කුවලට අත දාන්න එපා කියා.

එවිට, ජීප් එකේ ඉදිරිපස අසුනේ වාඩි වී, නිල ඇඳුමින් සිටි අපරාධ අංශයේ පො.ප. ටෙරන්ස් නැමති නිලධාරියාට කිව්වා සර් මූ චෙක් කරන්න දෙන්නේ නෑ කියා.

ඔහු ජීප් එකෙන් බැස මා අසලට පැමිණ පහර දී, බලයෙන් මාව ජීප් රථයට ඇද දමා ගත්තා.

ජීප් එකේ ෂීට් එකේ වාඩි වෙන්නට දුන්නේ නෑ. බිම දමා පහර දුන්නා. මෙසේ පහර දුන්නේ සිවිල් ඇඳුමින් සිටි නිලධාරියා.

ඔවුන් දෙන්නා මට පහර දුන්නේ මූනෙන්, කොණ්ඩයෙන් ඇද බෙල්ල කරකවා.

ඉන්පසු පානදුර දකුණ පොලීසියට ගෙන ආවා. ජීප් රථය ඇතුලූ කළේ පිටුපස ගේට්ටුවෙන්.

ජීප් එක පොලීසිය ඇතුළට අරගෙන, මාව බිමට දාලා යළිත් පහර දුන්නා. එතනදී මගේ ෂර්ට් එක ගලවලා එ්කෙන් අත් දෙක බැන්දා. ඊට පස්සෙ මට පහර දෙමින් පොලීසියේ උඩ තට්ටුවට ගෙන ගියා. මාව ගෙන ගියේ එම තට්ටුවේ වැසිකිලිය අසල තට්ටු ඇඳන් තිබුණ තැනට. මට ඇඳුම් ගලවපන් කියමින් ගැහැව්වා. මම ඇඳුම් ගැලෙව්වා. සම්පූර්ණයෙන්ම නිරුවත් කළා.

එහිදී මගේ කොණ්ඩය අල්ලා බිම දමා බෙල්ල කරකවමින් පයින් ගහන්න පන් ගත්තා. එහෙම ගහන අතර පො.ප. ටෙරන්ස් පොල්ලක් අරගෙන ඇවිත් මගේ අත්වලට, කකුල්වලට, බෙල්ලට, ඇඟට ගහගෙන ගියා. ටික වේලාවකින් කකුල් දෙක උඩ නැගලා යටිපතුල්වලට ගැහුවා. ඉන්පසු පොල්ල සිවිල් ඇඳ සිටි අයට දීලා යන්න ගියා. ඔහු පොල්ල අරන් පෙර විදියටම මට පහර දුන්නා. පැය භාගයක් විතර ගැහැව්වට පස්සෙ, මාව නැගිට්ටවලා දෙකට නවා මාගේ ගුද මාර්ගය පරීක්ෂා කළා.

එසේ මට පහර දෙන විට, එතනට පැමිණි ප‍්‍රභාත් නැමති නිලධාරියා, මට පුටුවක වාඩිවෙන්න දුන්නා. මම නිරුවතින්ම පුටුවේ වාඩි වුණා. ඔහු මාගෙන් විස්තර ඇසුවා. මම කිව්වා.

එසේ කථා කරන අතර, මට දිගටම පහර දුන් තැනැත්තා මගේ කොණ්ඩෙන් අල්ලා පුටුවේ ඇන්දට තබා නවා, බෙල්ලට, පපුවට ගැහුවා.

පැයකට පමණ පසුව, මට ඇඳගන්න කියා බංකුවක වාඩි කෙරෙව්වා. විනාඩි 20 කින් පසුව කූඩුවට ගෙනත් දැම්මා.

කූඩුවට දාන්න හදනකොට රිසව් එකේ නිලධාරියා මාව කූඩුවේ දාන්න බෑ කිව්වා. එවිට මට පහර දුන්න නිලධාරියා ඔහුට කිව්වා, උඹට වැඩක් නෑ, ටෙරන්ස් මහත්තයා කිව්වේ කියා.

සවස 3.30 ට පමණ සිවිල් පිට සිටිමින් මට පහර දුන්න නිලධාරියා පැමිණ, මගේ නමයි ලිපිනයයි අසා ලියාගෙන ගියා.

මු`ඵ රාත‍්‍රියේම මම වේදනාවෙන් කූඩුවේ හිටියා. මාව බලන්න මගේ පවුලේ උදවිය හා මිත‍්‍රයින් පැමිණියා. මම ඔවුන්ට සියලූ විස්තර කිව්වා.

පසුදින උදේ (2016 ජනවාරි 27) උසාවි යන සාජන්වරයා පැමිණ, මගේ නම ලිපිනය අසා පොතක ලියාගෙන ගියා. 

උදේ 10.30 ට පමණ, මාව පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. ත‍්‍රීරෝද රථයකින්    මාව සහ තවත් දෙන්නෙක් ගෙන ආවා.

ත‍්‍රීවිල් එක පාරේ ගිය එකක්. උසාවිය ට ගෙන එන අතරේ පොලිස් සැරයන්වරයා මට කිව්වා, මට විරුද්ධව ගංජා දාලා තියෙන්නේ, නිවරුදිකරු කිව්වොත් අඩු ගානේ දවස් දාහතරකටවත් ක`ඵතර යවාවි, එ් නිසා වැරදිකාරයා කියා පිළිගනින්, තුන් හාරදාහක දඩයක් ගහවි, ගෙවන්න බැරි නම් ප‍්‍රජා සේවයට දාලා දෙන්නම් කිව්වා.

කූඩුවට නැග්ගාම, මගෙන් නඩුකාරතුමා ගංජා ග‍්‍රෑම් 10 ක් ළඟ තබා ගත්තාට වැරදිකරු ද, නිවරුදිකරු ද කියා විමසුවා. පොලිස් සැරයන්වරයාගේ උපදෙස් අනුව මම වැරදිකරු බව කිව්වා. මට නීතිඥ උපදෙස් ගන්නවත් අවස්ථාව තිබුණේ නැහැ.

මට රුපියල් හයදාහක දඩයක් නියම කළා. දඩය ගෙව්වා.

නඩු අංකය: 34911, දිනය 2016.01.27, ලදුපත් අංකය: 0- 381154.

අධිකරණයෙන් පිට වූ මා, ගෙදර ගියා. රාත‍්‍රියේ අමාරු වුණා. පසුදින 2016.01.27 උදේ පානදුර මූලික රෝහලට ප‍්‍රතිකාර ගැනීම සඳහා පැමිණියා. මාව පළවෙනි වාට්ටුවට ඇතුළත් කළා. මට පොලීසියෙන් පහර දුන්න බව කිව්වා. 

රෝහල් පොලීසිය මට බලපෑම් කළා. නඩු අවශ්‍ය නැති බව කියමින් ඔවුන් මාව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කළේ නෑ. 2016.01.29 දින ටිකට් කැපුවා. මට හොඳටම අමාරුයි. මම නැවත රෝහල්ගත වනවා.

මා ඉල්ලා සිටින්නේ, පානදුර දකුණ පොලිසියේ, (1) අපරාධ අංශයේ ස්ථානාධිපති, ටෙරන්ස් නැමති අයට, (2) සිවිල් ඇඳුමින් මට වධ දුන් අයට (දුටුවොත් හඳුනාගත හැකිය) යන අයට එරෙහිව, (අ) නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම, (ආ* නීති විරෝධීව රඳවා තබා ගැනීම,
(ඇ) ව්‍යාජ චෝදනා නගා නඩු පැවරීම, (ඈ) වධ දීම, කෲර අමානුෂික, අවමන් සහගත සැළකිලිවලට පාත‍්‍ර කිරීම අදාල නීතිමය පියවර ගන්නා ලෙසටය.

ඉහත සියලූම තොරතුරු සත්‍ය හා නිවැරදි බව ප‍්‍රකාශ කරමි.

මෙයට,

අ.ක/විදුවංශ ගුණරතත්න’’


No comments:

Post a Comment