අභ්‍යවකාශයේ පිපුණු සීනියාස් මල් - First Zinnias Bloom in Space



පසුගිය සතිය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වාසය කරන ගගනගාමීන්ට සතුටුශායක සතියක් වුනා. ඒ ප්‍රථම වතාවට පෘථිවි කක්ශයේදී සුන්දර සීනියාස් මලක් පෙති දිගහැර හිරුඑලිය විඳින්නට පටන්ගත් නිසයි. "වෙජී" ලෙස නම්කොට ඇති ව්‍යාපෘතියේ අභ්‍යවකාශ උයන්-පල්ලා වූයේ නාසා ගගනගාමී ස්කොට් කෙලී. 

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ස්කොට් කෙලී නිකුත්කරන ලද ට්විටර් පණිවුඩය

පසුගිය වසරේ අවසාන භාගයේදී ISS ගගනගාමීන් අභ්‍යවකාශය තුල ගෝවා වගාකොට සලාදයක් සාදා ආහාරයට ගත් අතර මෙවර ඔවුන් ගෝවා වලට වඩා වගාකොට මල් ලබාගැනීමට අපහසු සීනියාස් මල් වගාකිරීමට තෝරා ගත්තා. මෙම සීනියාස් පැලවලින් මල් ලබාගැනීමට දින 80ක් පමණ ඒවා ඉතා හොඳින් රැකබලාගැනීමට සිදුවුනා. මෙහි සාර්ථකත්වය මත ඉදිරියේදී තක්කාලි වගාවක් ආරම්භකිරීමට බලාපොරොත්තු වනවා. මීට පෙර ISS මධ්‍යස්ථානයේ සූරියකාන්ත මල් හා බාර්ලි වගාකොට තිබූ අතර බාර්ලි වගාවේ අස්වැන්න පෘථිවියට එවා බීර නිශ්පාදනය කිරීමේ සැළසුමකුත් තිබුණා.

අනාගතයේ අඟහරු වැනි ග්‍රහයන්වෙත යන දීර්ඝ ගමන්වලදී අභ්‍යවකාශගාමීන්ට අවශ්‍ය ආහර වගාකරගැනීමේ තාක්ශණයන් බිහිකිරීම මෙම පරීක්ශණවල අරමුණ වනවා. දැනට අභ්‍යවකාශයේ වසරක් ගතකොට ඇති ස්කොට් කෙලී ලබන මාර්තුවේ පෘථිවිය බලා පැමිණීමට බලාපොරොත්තුවනවා. 









Recent Posts Widget

----------------------------------------------------------------------------------------------------------
VISITORS ON විද්‍යා ගවේෂණ NOW!





Comments