Windows 10 Mobile Upgrade නිකුත්වීම පෙබරවාරි දක්වා කල්යයි

Windows 10 Mobile Upgrade නිකුත්වීම පෙබරවාරි දක්වා කල්යයි

2678
0
SHARE

Microsoft සමාගම විසින් ජංගම දුරකථන Windows 10 දක්වා Upgrade කිරීමට බලාපොරොත්තුවෙන් සිටියේ පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ.එහෙත් පසුව එය නිකුත්කිරීම මෙම අවුරුද්දේ මුලට කල් ගියා.
ඉන් පසුව මේ පිළිබඳව කිසිඳු ප්‍රකාශයක් Microsoft සමාගම විසින් සිදුකලේ නැහැ.ඒත් යම් යම් සත්‍ය නොවන වාර්තාවල සඳහන් වුනේ Windows 10 Mobile නිකුත් කිරීමට සැරසෙන බවයි.

එහෙත් අද VentureBeat වාර්තා කලේ Microsoft සමාගම විසින් තම හවුල්කරුවන්ට Windows 10 mobile ලබන මාසය දක්වා කල්යන බවට ස්ථීර කර ඇතිබවයි.

එම වාර්තාවට අනුව Microsoft සමාගම විසින් ජංගම දුරකථන හවුල්කරුවන්ට ප්‍රකාශකර ඇත්තේ තවමත් Windows 10 Mobile Upgrade එක තවමත් නිකුත් කිරීමට සූදානම් නොමැති බවයි.ඒ වගේම පෙබරවාරි මස මැදදී නිකුත් කිරීමට හැකි බවත් සඳහන්වී තිබෙනවා.එ මෙන්ම Lumia 950 සහ Lumia 950 XL සඳහා වූ update ද පෙබරවාරි දක්වා කල්ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY