Microsoft සමාගම ශ්‍රී ලංකාවට Lumia 950 සහ 950 XL දුරකතන නිකුත් කරයි

Microsoft සමාගම ශ්‍රී ලංකාවට Lumia 950 සහ 950 XL දුරකතන නිකුත් කරයි

3214
0
SHARE

Microsoft සමාගම Windows 10 Mobile ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින්, පසුගිය ජනවාරි 13 වන දින, Lumia 950 සහ 950 XL යන දුරකතන ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදෙන ලදී. ඒ අනුව SLT Mobitel සමග සහයෝගීත්වයෙන් මෙම දුරකතන ශ්‍රී ලංකාව තුල අලෙවි කිරීමට නියමිතයි. එහිදී Lumia 950 දුරකතනය රු. 96,990කටද, Lumia 950 XL දුරකතනය රු. 109,990කටද අලෙවි වේ.

Mobitel ආයතනය වෙතින් මිලදී ගන්නා සෑම Lumia 950 හෝ 950 XL දුරකතනයක් සඳහා වසරක් පුරාවට නොමිලේ Data 12GBක ප්‍රමාණයක් සහ Mobitel සිම්පතක් හිමිවේ. Windows 10 Mobileහි අඩංගු Continuum විශේෂාංගය අත්විඳීම සඳහා Mobitel ආයතනය වෙතින් විශේෂිත වූ මිලකට Display Dock එකක් ද ලබාදීමට කටයුතු යොදා ඇත. Continuum මගින් තම smartphone එක බාහිර moniter එකකට සම්බන්ධ කොට එය keyboard සහ mouse සහිත පරිගනකයක් ලෙස භාවිතා කිරීමට හැකියාව ලැබේ. ඔබ Continuum පිළිබඳ නොදන්නේ නම් මේ ලිපිය කියවන්න

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY