ads

Wednesday, January 13, 2016

ලංකාවේ හරි මැද කොහෙද?

    ලංකාවේ හරි මැද විදිහට ගොඩක් දෙනෙක් පිළිගන්නේ නාලන්දා ගෙඩිගේ. නාලන්දා ගෙඩිගේ ගැන දන්නා ගොඩක් දෙනෙක් මේ කතාව අහලා ඇති. මෙතැන click කරලා Map එකෙන් තියන තැන බලා ගන්න. හැබැයි මම Map එකෙන් බලද්දිම ඇහේ පෙනුමටම පෙනුනා මෙතැන රටේ මැද වෙන්න බෑ  කියලා. ඇහේ මිම්මට බලලා බෑ නේ. ඉතින් මම google map එකෙන්ම දුරවල් මැන්නා. එතකොට හොඳටම පෙන්නවා මේක ලංකාවේ මැද වෙන්න බෑ කියලා. මේ තියෙන්නේ නාලන්දා ගෙඩිගේ



රටේ මැද කොහොම මනින්නද හිතා ගන්න බෑ. විදිමත් හැඩයක් නෑ නේ. ඉතින් මම ආකාර දෙකකට මැනලා දුරවල් වෙන වෙනම ලකුණු කරා. එතකොට පේනවා තව එහෙට මෙහෙට කරත් ඒ ආසන්නයක් රටේ මැද වෙන්න බෑ කියලා


හැබැයි මේ මතය මම කෙලින්ම බැහැර කරන්නෙත් නෑ. මොකද මොන දිශා වලට මැන්නද කියන්න දන්නේ නැති නිසා.

එහෙනම් මැද තියෙන්නේ කොහෙද? ඒකත් අවුලක්නේ. ඉස්සරහට google එක පාවිච්චි කරලම හොයන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ......

5 comments:

  1. දිග පලලින් හරි මැද නෙවෙයි.
    බැලූ බැල්මට ස්කන්ධ කෙන්ද්‍රය (Center of mass / Center of gravity) නම් හරි වගෙයි

    ReplyDelete
  2. samaharawita dan lankawe hadaya wiwida hethun nisa wenas wela nisa wenna puluwan neda?

    ReplyDelete
  3. ලංකාවේ හරි මදක් හොයන්නේ කොහොමද? අනුමාන කරලා ප්‍රදේශයක් නම් කරනවා මිසක් රටේ මැදක් හොයන්න පුලුවන්ද?

    ReplyDelete
  4. 1:50000 ශ්‍රීලංකාවෙ සිතියමට අනුව නිශ්චිත ලෙස හරි මැද හොයාගන්නෙ ශ්‍රී ලංකාවේ දිග පලල ඇසුරෙන්. ලංකාවෙ දිග පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වායි. පලල කොලඹ සිට සංගමන් කන්ද තුඩුව දක්වා. ඒක එහෙම ගන්න හේතුව වෙන්නෙ පලල හා දිග අතින් විශාලම ලෙස තමා දිග හා පලල අනුව රේකා දෙකක් වෙන් කරන්නෙ. පේදුරුතුඩුව සිට දෙවුන්දර තුඩුව රේකාවක් ඇද චේදනය කර , කොලබ සිට සංගමන්කන්ද තුඩුවට රේකාවක් ගහපුවාම ඒ රේකා දෙකම චේදනය වන ලක්ශය හරියටම නාලන්දා ගෙඩිගේ කෝවිල තමා හම්බවෙන්නෙ........

    ReplyDelete

ඔබේ අදහස්,යෝජනා,චෝදනා ඉදිරිපත් කරන්න.....